ලබන සතියේ සිට දයාබර පාඨක ඔබේ රස වින්දනය වෙනුවෙන් | Page 2 | සිළුමිණ

ලබන සතියේ සිට දයාබර පාඨක ඔබේ රස වින්දනය වෙනුවෙන්

“ අසාර් එක්ක බිස්කට් ෆැක්ටරියට ගියා. මොකක්ද ඒකෙ ඇති වැරැද්ද ?

අශ්විනී මීගස්තැන්න කුමාරිහාමි

“අපි උඩරට කුලවත් මිනිස්සු. අපේ පරම්පරාවට අගෞරවයක් කරන්න එපා චූටි කුමාරි.

ලීනා ජයංගනී තිසිමල්පොල කුමාරිහාමි

 “ගේට්ටුවෙන් මෙහාට අඩියක් තිබ්බොත් වෙඩි තියනවා. කවුරු කවුරුත් දැනගත්තොත් හොඳයි.

අභීත මීගස්තැන්න

අසෙනි වැහි කුණාටු මැදින් ජීවිතය සොයා ගිය කුමරිය ගේ ආදරණීය නවකතාව ප්‍රවීණ ලේඛිකා ප්‍රියංකා අමරතුංග ලියන

 

‘බොල් වී අහුරු ‘ නවකතාවෙන් 1990 දී නවකතා කරණයට පිවිසි ප්‍රවීණ ලේඛිකාවක වන ප්‍රියංකා අමරතුංග මේ වන විට නවකතා 30 කට ආසන්න සංඛ්‍යාවක් ලියා ඇති අතර, මා ඔබේ යසෝදරා, තිත්ත මල්, කුමාරිහාමි, ඉහිරුණු කිරි, සියොතුනි අපට තටු නෑ, ධවල කාල, කිරි මදු වැල් යන නවකතා පාඨකයින් අතර බෙහෙවින් ප්‍රසාදය දිනූ නවකතා කිහිපයකි. ‘සිළුමිණ‘සඳහා ලියූ “දෙවන සඳ ̃ නවකතාවෙන් අනතුරුව ඇය “රසඳුනට ̃ ට ලියන අලුත්ම නවකතාව ‘දෙවනි කුමාරි‘ ලබන සතියේ සිට සතිපතා කුමුදු පීරිස්ගේ සිතුවමින් හැඩවී ඔබ වෙතට තිළිණ කෙරේ . 

Comments