
ඔබේ අලුත්ම සංගීත මුසුව 'Tone Poem'.කියමු ඒ ගැන?
පැරැණි හා නව පරම්පරාවේ කලාකරුවන් දෙදෙනකුගේ එකට එකතු වීමක් ලෙස දකින්න පුළුවන්. සම්පුරණ සංගීත සංයෝජනය මා අතින් සිදුවෙනවා.පැරැණි සංගීතය ප්‍රතිනිර්මාණය වීමයි මෙහි සිදුවන්නේ.මෙය විකාශය වන්නේජාතික රූපවාහිනිය ඔස්සේ .සුනේත්‍රා කුමාරි හා රංග ප්‍රේමරත්න දෙදෙනාගේ Feeling of Youth වැඩසටහන මෙයට අඩිතාලම වුණා.නමුත් Tone Poem වෙනස්ම ආරක වැඩසටහනක්.අලුත් වැඩක්.
මොකක්ද අරමුණ?
පරම්පරා දෙකක මුසුවක් වගේම අපි එදා රසවිඳපු සංගීතය අද නව සංගීත මුසුවකින් අහන්න පුළුවන්.එදා අපි රස විඳපු පැරැණි ගීය නැවත ඇහෙනකොට අද මට දැනෙන සංගීත රටාවන් සොයා යාමයි මම එහි කළේ.සොබාවිත සංගීතය නව සංගීත ආරකින් ගෙන ඒමයි අරමුණ.අලුත්ම අත්දැකීමක් ප්‍රේක්ෂකයින්ට.
ඔබ වැඩියෙන්ම කැමැති කුමන සංගීත නිර්මාණවලටද?
චිත්‍රපට පසුබිම් සංගීතයටයි.මට මාව හොයාගෙන යන්න පුළුවන් නිරමාණ කාර්යය එයයි.
සම්මාන පිට සම්මාන ලැබු ‘හෝ ගානා පොකුණ’ චිත්‍රපටය ගැන මතකය?
මේ චිත්‍රපටය සම්මාන උළෙලවල් පහකදී දස වතාවක් නිරදේශ වී සම්මාන 6ක් දිනා ගත්තා.දෙරණ සිනමා උළෙල හොඳම සංගීත අධ්‍යක්ෂණය හා චිත්‍රපට ගීතය,හිරු සිනමා සම්මාන උළෙල ජනප්‍රියම චිත්‍රපට ගීතය,OCIC සම්මාන උළෙල හොඳම සංගීත අධ්‍යක්ෂණයත් සරසවි සම්මාන උළෙලදි ජුරියේ කුසලතා සම්මානයත්,ජනාධිපති සම්මාන උළෙලදි හොඳම චිත්‍රපට ගීතයටත් සම්මානය ලැබුවා.හෝ ගානා පොකුණෙහි අධ්‍යක්ෂක ඉන්දික විශ්මයජනක මිනිසෙක්.එයාගෙ නිර්මාණය තුළ මාව යොමුකළා එයාට අවශ්‍ය දෙය කරගන්න.මේ වෙනකොට මම මගේ කලා ජීවිතයේදි 16 වතාවක් නිරදේශ වි සම්මාන 11 ලබල තියෙනවා.
ඒ මොනවටද?
ටෙලිනාට්‍ය සඳහා සම්මාන දෙකක්. ඒ සිරි සිරිමල් හා පින්සර දොස්තරටත්,වරිග පොජ්ජ චිත්‍රපටයටත්, TOYP සිනමා උළෙලදීත් සම්මාන ලැබුවා..බුද්ධ ජයන්තිය වෙනුවෙන් කළ බෞද්ධ චිත්‍රපටයටත් සම්මාන ලැබුවා.
ඔබට ප්‍රථම වතාවට ලැබුණ සම්මානයේ මතකය කොහොමද?
ඇත්තෙන්ම එය අමතක නොවන දවසක් වුණා.මොකද මම එතකොට හිටියේ ඉන්දියාවේ.ඒ. රහුමාන් ළග ඉගෙන ගන්නවා.අන්තිම මොහොතේ වීසා ප්‍රශ්නයක් නිසා මට එන්න බැරි වුණා.එදා ඒ සම්මානය ගත්තේ මගේ අම්මා.මම එහෙ ඉඳන් බලා හිටියා.2009 සිරි සිරිමල් නාට්‍යයට තමයි ඒ සම්මානය එදා හිමි වුණේ.
ඔබ දක්ෂ ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂකවරු අතර සිටින කෙනෙක්.ඔබේ සංගීත මුසුවට බලපාන්නේ මොනවගේ මනෝ භාවයන්ද ?
මම තවමත් නිරන්තරයෙන් සුරංගනා කතා බලන්නෙක්.සුඛාන්තයට මා බෙහෙවින් ප්‍රියයි.සතුට ජීවිතයට අවශ්‍යම දෙයක් ලෙස මම දකිනවා.දුකක කෙලවරත් සුඛාන්තය නම් මම කැමැතියි.මට හිතෙනවා මිනිසුන් මේ ලෝකයට ඇවිත් ඉන්නේ සතුටින් ඉන්න කියලා.මොකක්දෝ වැරැදීමකින් මිනිසුන් දුක් විඳිනවා.මට හිතෙනවා අපිට සමාන්තරව හිඳගෙන අපිට පිහිටක් වෙන දිව්‍යමය හැඟීමක් මේ ලෝකෙ කොහේ හරි තියෙනවා කියලා.මම වැරැදීමකින් මෙහෙට ආවදෝ කියලත් හිතෙනවා.මගේ හිතේ අභ්‍යන්තරයට යනකොට මගේ කියන අය මෙහෙ නෑ වගේ හැඟීමකුත් එනවා.මට හිතවත් ආදර බොහෝ අය හිටියත් මට ඒක දැනෙනවා.සතුට තමයි සංගීතයේ මගේ මනෝභාවය.
එතැනින් මබ තෘප්තිමත්ද?
කොහෙත්ම නැහැ.මට ලැබිල කියෙන හැකියාව ලොකු දෙයක් නෙමෙයි කියල හිතන කොට නව මං කරා මට යන්න පුළුවන්.මගේ නිර්මාණයක් මම විඳිනවට වඩා රස විඳින්නා වෙනම හැඟීමකින් එය තමාගෙ කරගෙන රස විදිනවා..මිනිහෙකුගේ යම් ප්‍රශ්නයකදී ගැලවීම සංගීතය වෙන්න පුළුවන්.එයටයි සංගීතය නිර්මාණය විය යුත්තේ.මිනිසාට මිනිසාව මුණගස්වන වෙලාවක සංගීතය ඔහුට පිහිටක් ආශිර්වාදයක් වෙනවා නම් එයයි මගේ අපේක්ෂාව.
කලාකරුවා ලෝකයට දායාදයක්.එහෙමද?
ඔව්.සියයට අනුවක් මිනිසුන් සාමාන්‍ය ජීවිතයක් ගෙවන අතරෙ ඉතුරු සීයයට දහය තමයි හොඳ හෝ නරක,අලුත් නිර්මාණයන්,නව සොයා ගැනීම් සිදුකරන්නේ.විටෙක කලාකරුවන් විඳවමින් අනෙකා වින්දනිය තත්වයකට ගෙන එන්නෙක් වෙනවා.කලාකරැවා සොබාදහමට අයිති කෙනෙක්.මේ ලෝකය පවතින්නේ ශබ්දයත් එක්ක.ඕම් කාරය විශ්වයේ හඬයි.ඉතිං සංගීතඥයා ලොවට දායාදයක්ම වෙනවා.මිහිපිට ශබ්දයේ නිමැවුම්කරු සංගීතඥයයි.
ජීවිතය කලාව වූයේ නම් ආදරය?
මගේ සංගීත ජිවිතය තුළ තියෙන්නෙම ආදරයයි.අපි නිර්මාණය ආදරයෙන් හදන කොට මිනිසුන් එය ආදරයෙන් පිළිගන්නවා.ආදරයක් නැතිව නිර්මාණ ලොවට බිහිවන්නේ නෑ.අපි කෙනකු තෝරාගෙන කරන්නේ ආදරය නෙමෙයි.එය ආත්මාර්ථයයි.එය අවශ්‍යතාවක් ඉටුකරගන්න කරන සබඳතාවක්.ඒ තුළ ආදරයක් තියෙනවද කියලා සැකයක් තියෙනවා.
ඔබට ආදරය අවශ්‍ය නැද්ද?
මෙහෙමයි.මම ඉන්න වටපිටාව තුළ මම ඕක හදනවා.මගෙන් බිහි කරලා මම ඉන්න වටපිටාවෙ එය පතුරවනවා.එවිට මා හා සමානව අනෙකා තුළත් ආදරය නිර්මාණය වෙනවා.ආදරය කියන්නේ අතහැරීමයි.දේවල් අතහැරීම තුළම ඊට වඩා සොඳුරු දේ ලැබෙනවා.අතහැරීමම සොඳුරු ආදරයක්.