ගුවන් විදුලියේ නව ක්‍රියාකාරී අධ්‍යක්ෂ වැඩ බාරගනී! | Page 10 | සිළුමිණ

ගුවන් විදුලියේ නව ක්‍රියාකාරී අධ්‍යක්ෂ වැඩ බාරගනී!

 ආසියාවේ පළමු ගුවන්විදුලි නාළිකාව මෙන් ම ලෝකයේ සිවුවන ජාතික ගුවන්විදුලි නාළිකාව (ඇමෙරිකාව, ජර්මනිය හා මහා බ්‍රිතාන්‍යයෙන් පසු) වන ශ්‍රී ලංකා ගුවන් විදුලි නාළිකාවේ නව ක්‍රියාකාරී අධ්‍යක්ෂ ලෙස ධනුෂ්ක රාමනායක මහතා වැඩ භාරගත්තේ ය.

මීට පෙර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ලෙස වසර දෙක හමාරක කාලයක් සේවය කළ ධනුෂ්ක රාමනායක මහතා මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස ද කටයුතු කරයි.

කොළඹ ඉසිපතන විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ධනුෂ්ක රාමනායක මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකි. එංගලන්තයේ කාඩිෆ් විශ්වවිද්‍යාලයේ අලෙවිකරණය සහ කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධියක් හිමි ධනුෂ්ක රාමනායක මහතා පෞද්ගලික අංශයේ මෙන් ම රාජ්‍ය අංශයේ ද විධායක ශ්‍රේණියේ සේවා අත්දැකීම් ඇත්තෙකි.

Comments