
අසුරු සැනින් එක මොහොතකදී
කාලය නැවතී යළි ඇරඹී
විශ්වය අලුතින් බිහිවේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා’
ඇය යමුනා විනෝදනීය.දශක කිහිපයක ප්‍රේමවන්ත සිත් සතන් වල අහිංසක ප්‍රාර්ථනය වෙමින් කාලයෙන් කාලයට යාත්‍රා කළ ඒ ගීය සුරම්‍ය රාත්‍රියක ප්‍රබාවත් වෙමින් ඔබ ඉදිරියේ යළි ගයන්නට ඇය සැරසෙන්නීය.‘අසුරු සැණින්’ ලෙස නම් වන ඒ සොඳුරු රැය ලබන 30 වැනි සිකුරාදා ටවර් හෝල් රඟහල් පරිශ්‍රයේදී වේදිකාගත වීමට නියමිතය.
යමුනා විනෝදනී සිය 40 වසරක ගුවන් විදුලි A ශ්‍රේණියේ ගායිකාවක ලෙස ආ දිගු ගමනේ ප්‍රථම ඒක පුද්ගල ප්‍රසංගයට සිත් වූයේ මන්දැය් අපි ඇගෙන් විමසුවෙමු.
‘මම ගුවන් විදුලියෙන් සමුගෙන යන්න ළඟයි.ඊට කලින් මේ ප්‍රසංගය පවත්වන්න සිතුවා.මම ගුවන් විදුලියට පය තබන කොට මට වයස අවුරැදු 05 යි.හඳ මාමා වැඩසටහනෙන්.මගේ තාත්තා ගුවන් විදුලි වාදක මණ්ඩලයේ වැඩකළ හාමෝනියම් වාදකයෙක්.තාත්තා වැඩ ඇරිලා ගෙදර ආවාම හාමෝනියම් එක වාදනය කර කර සිංදු කියනවා.මමත් ඒ වෙලාවට රැක්මණි දේවීගේ සිංදු කියනවා.තාත්තාගේ ආභාෂය තමයි මාව මෙතැනට ගෙන ආවේ.පී.වී නන්දසිරි,ඩී.ආර් පීරිස්,සනත් නන්දසිරි,විජේරත්න රණතුංග,ධන්වන්ත්රි වික්‍රමසිංහ,බී.වික්ටර් පෙරේරා මගේ ගුරුවරු වුණා.පාසල් අධ්‍යාපනයෙන් පසු සෞන්දර්ය විශ්ව විද්‍යාලයෙන් ලලිත කලාවේදී සංගීත උපාධිය ලබා ගත්තා.1976 දී ශ්‍රේණිගත ශිල්පිනියක් ලෙස ගුවන් විදුලියට ආවා.මම ගුවන් විදුලියට පළමුවෙන්ම ගායනා කළේ සරල ගීයක් .එය මව් ගුණ ගීයක්.මගේ දෙවැනි සරල ගිය වුණේ ‘අසුරු සැණින්’ ගීයයි.කුසුම් පීරිස් තමයි රචනා කළේ.
ලබන 30 වැනිදා පැවැත්වෙන මගේ මෙම අසුරු සැනින් ප්රසංගයේදී මාත් එක්ක යුග ගී ගයන්න එඩ්වඩ් ජයකොඩි,දයාරත්න පෙරේරා,රෝහණ බෝගොඩ,සහ මගේ පුත් තර්ෂණ මාධව පෙරේරා එකතු වෙනවා.විශේෂයෙන් මට කියන්න ඕන මාව මේ ප්‍රසංගයට උනන්දු කළේ මගේ ආදරණීය සැමියා නෙවිල් පෙරේරායි.ඉතිං හැමෝටම සුහද ආරාධනයක් කරනවා මගේ ගීත රසවිඳින්න එකතු වෙන්න කියලා. මගේ ආදරණීය රසික ඔබේ පැමිණීම මට ශක්තියක්.’’ ඇගේ ප්රසංගයටත් ඇයටත් රසඳුන සුබ පැතුම්.