ගැළ­පුම | සිළුමිණ

ගැළ­පුම

විශෝධා

ගිම්හා­නයේ දිවි ගෙවන තොප
ඊට සරි­ලන පරි­ද්දෙන්
කාලය ගෙවිය යුතු වේ

සිසි­රයේ දිවි ගෙවන තොප
ඊට සරි­ලන පරි­ද්දෙන්
කාලය ගෙවිය යුතු වේ

දිය සිඳුණු මරු කතර මැදින් යන තොප,
ඊට සරි­ලන පරි­ද්දෙන්
කළ­ම­නා ­ගත යුතු වේ

කඳු තර­ණය කරන තොප
ක්ලාන්ත නොව­න්නට වග බලා ගත යුතු වේ

තොප නඟන පැමි­ණිලි ද මැසි­විලි ද
අසා සිටින අය නැති බව ද
තොප හැඳින ගත යුතු වේ
දිවි ගෙවන හැම මොහොතේ

Comments