සුනිල් මිහිඳුකුලයන් අවසන් ගමන් ගිය දා | සිළුමිණ

සුනිල් මිහිඳුකුලයන් අවසන් ගමන් ගිය දා

රසඳුන සහ සරසවිය පුවත්පත් වල හිටපු කර්තෘවරයකු වන අභාවප්‍රාප්ත සුනිල් මිහිඳුකුලයන්ගේ අවසන් කටයුතු පසුගියදා පුවත්පත් කලාවේදීන්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් රුක්මල්ගම ආදාහනාගාරයේදී සිදුකෙරුණා.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා, කථානායක කරු ජයසූරිය මහතා, අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා,ජාතික චිත්‍රපට සංස්ථාව,සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ශෝකය ප්‍රකාශ කර මල්වඩම් එවාතිබූ අතර අමාත්‍ය ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහත්වරු දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණ තිබුණා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එවාතිබූ ශෝක පණිවුඩය අවමඟුල් උත්සවයේදී ප්‍රකාශ කළ අතර බෞද්ධාගමානුකූලව පාංශුකූල කටයුතු මහා සංඝරත්නය විසින්ද කතෝලික ආගමානුකූල මෙහෙය සිරිල් ගාමිණී පියතුමා විසින් සිදුකරන ලදී. 

 

Comments