
පයිරේට්ස් ඔෆ් ද කැරීබියන් : ඩෙඩ් මෙන් ටෙල් නෝ ටේල්ස්” චිත්‍රපටයේ ගෝලීය ආදායම් වාර්තාව මේ වන විට ඩොලර් මිලියන පන්සියය ඉක්මවා ගොස් ඇත. චීනය, රුසියාව, කොරියාව, බ්‍රිතාන්‍ය හා ප්‍රංශය යන රටවල නවතම පයිරේට්ස් ඔෆ් ද කැරීබියන් සිනමා පටය අතිසාර්ථක ලෙස තිරගත වෙමින් පවතී. ඇමෙරිකාවේ වොන්ඩර් වුමන් සහ කැප්ටන් අන්ඩර්පෑන්ට්ස් සිනමාපට ළඟට ඉහළම ප්‍රේක්ෂක මනාපය දිනා ඇත්තේ ද මෙයය. එය ඩිස්නි සමාගමේත්, හොලිවුඩ් සිනමා රසික රසිකාවන්ගේත් ජයග්‍රහණයක් වන්නේ සයිබර් ප්‍රහාරයෙන් ගැලවී නියමිත දිනටම ලෝ පුරා තිරගත කිරීමට හැකිවූ නිසාය. අන්තර්ජාල කොල්ලකරුවන්ගෙන් කැරිබියානු මුහුදු මංකොල්ලකරුවා (පයිරේට්ස් ඔෆ් කැරීබියන්) බේරිණි.
පයිරේට්ස් ඔෆ් ද කැරීබියන් සිනමාපට මාලාව ඇරැඹෙන්නේ ‘ද කර්ස් ඔෆ් ද බ්ලැක් පර්ල්’ (2003) කතාවෙනි. සිනමා පටයට ලැබුණු සුබවාදී විචාරක ප්‍රතිචාර සහ අන්තර්ජාතිකව ලැබුණු අමෙරිකානු ඩොලර් මිලියන 654ක ආදායම වෝල්ට් ඩිස්නි සමාගම ‘පයිරේට්ස් ඔෆ් ද කැරීබියන්’ පස්වැන්නක් දක්වා ආ ගමනේ ආරම්භය විය.
මෙම කතාව රැගත් පළමු සිනමාපටයෙන් ලද සාර්ථකත්වය මත ඩිස්නි සමාගම ‘පයිරේට්ස් ඔෆ් ද කැරීබියන්’ සිනමාපට ත්‍රිත්වයකට මුල පුරයි. ඔවුන්ගේ දෙවැන්න බවට පත් වන්නේ ‘ඩෙඩ් මෑන්ස් චෙස්ට්’ය. 2006 වසරේදී සිනමා පටය තිරගත වන්නේ පූර්ව දර්ශනයේදීම ආදායම් වාර්තා බිඳ හෙළමිනි. එය එම වසරේ ඩොලර් බිලියන 1.1 ක අන්තර්ජාතික ආදායමක් ලබන්නේ වසරේ ඉහළම ආදායම ලද සිනමාපටය බවට පත් වෙමිනි.
එම මාලිමාව සුවිශේෂී මාලිමාවක් වන්නේ එය ඩේව් ජෝන්ස්ගේ හදවත දෙසට හැරී තිබීම නිසාය. ඩේව් ජොන්ස්ගේ හදවත සතු කරගන්නා ලෝකයේ සියලු සාගරයන්හි බලය හිමිකරගන්නා බවට මතයක් පවතී. වසර දහතුනකට පෙර ජැක්, බ්ලැක් පර්ල් නැවේ කපිතාන්වරයකු ලෙස පත්කරන ලද්දේ ද ඩේව් ජෝන්ස් විසින්මය. ජැක්ට අවශ්‍ය වන්නේ ඩේව් ජොන්සන්ගේ හදවත ඔහුටම භාර දී පෙර ණය ගෙවා දැමීමටයි. පයිරේට්ස් ඔෆ් ද කැරීබියන්’ සිනමාපට මාලාවේ තෙවැන්නා වූයේ ‘ඇට් වර්ල්ඩ්ස් එන්ඩ්’ (2007) ය.
2011 වසරේදී තිරගත කෙරුණු ‘ඔන් ස්ට්‍රේන්ජ් ටයිඩ්ස්’ සිනමාපට මාලාවේ සිවුවැන්න ඩොලර් බිලියනයකට වැඩි වාර්තාවකට හිමිකම් කීවේය. පයිරේට්ස් ඔෆ් ද කැරීබියන් පස්වැන්න ඇරැඹෙන්නේ එය සර්ව කාලීනව සිනමාපට මාලාවක් ඉපයූ වැඩිම ආදායම් වාර්තා අතරින් නව වැන්නට තේරී තිබියදීය.
එපමණක් නොව එය සිනමාපට මාලාවේ එක් සිනමා පටයකට ඩොලර් බිලියනයකට වඩා අන්තර්ජාතිකව ආදායමක් ලැබූ එකම සිනමාපට මාලාව ද වෙයි. එවන් සුබ වාතාවරණයක 2013 වර්ෂයේදී ජෙෆ් නෙදන්සන් සිනමා පටයේ පිටපත ලිවීම සඳහා මුල පිරීය. සිවුවැනි සිනමා පටය අධ්‍යක්ෂණය කළ රොබ් මාෂල් පස්වැන්න අධ්‍යක්ෂණය සඳහා නිර්දේශ වුවද ඔහු ඩිස්නි සමාගමේම වෙනත් චිත්‍රපට දෙකක් අධ්‍යක්ෂණය කිරීමට තෝරාගත් පසු එය ප්‍රතික්ෂේප කළේය. අවසානයේදී ජොකිම් රොනිං සහ එස්පන් සැන්ඩ්බර්ග් අධ්‍යක්ෂණයට තෝරාගන්නා ලදී. එස්පන්ගේ කොන් - ටිකි (2012) සිනමා පටය අසූපස් වැනි ඇකඩමි සම්මාන උලෙළේද හැත්තෑ වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේ ද හොඳම විදෙස් සිනමා පටය සඳහා නිර්දේශ විය. විවිධ හැලහැප්පීම් මැද සිනමා පටය 2014 ජුලි මාසයේදී ඇරැඹෙන බවට පෙරනිමිති පහළ කෙරිණි. 2016 අප්‍රේල් වන විට රූගත කිරීම් අවසන් විය. මැයි 26 වැනිදා සිනමා පටය ද ලොව පුරා විකාශය කිරීම ඇරැඹිණ. මෙයින් කියැවෙන්නේ යක්ෂයාගේ ත්‍රිකෝණයෙන් බේරී අල්මන්දෝ සලසාර්, ජැක් සොයා පැමිණෙන කතාවයි. ලොව සියලු මුහුදුවල තම අණසක පැතිරවීම අල්මන්දෝගේ අරමුණයි. ඔහුගෙන් බේරීමටත්, එම කුරිරු ඉලක්කය කරා ඔහුට සාර්ථකව ළඟා නොවීමටත් ජැක්ට මුහුද පාලනය කළ හැකි බලගතු වස්තුවක් ලබා ගැනීමට සිදු වේ. විල් ටර්නර්ගේ පුතුගේ අරමුණ පියා සාපයෙන් මුදවා මව කරා රැගෙන යාමයි. ජැක්ට සහ විල්ගේ පුතුට ඉලක්ක ජයගත හැකි වේ ද?
‘ඩෙඩ් මෙන් ටෙල් නෝ ටේල්ස්’ ඊට පිළිතුරු සපයයි. සිනමා පටය වෙනුවෙන් ඩොලර් මිලියන 230ක් වැයවී තිබේ. සිනමා පටය අයිඑම්බීඩී දර්ශකයේ ලකුණු 1/10 ලබා සිටී.
මෙය සිනමා පට මාලාවේ අවසන් නිර්මාණය නොවේ. විචාරක ප්‍රශංසාවෙන් සිනමාපට මාලාව දුරස් වෙමින් තිබුණ ද මුහුදු මංකොල්ලකරුවා ඉදිරියටම යමින් සිටී. ඒ ජනප්‍රිය නළු ජොනී ඩෙප් සමඟය. සියලුම සිනමා පටවල ප්‍රධාන චරිතය වන කපිතාන් ජැක් ස්පැරෝ ලෙස රඟන්නේ ජනප්‍රිය සම්මානනීය නළු පනස් තුන් හැවිරිදි ජොනී ඩෙප්ය. අල්මන්දෝ සල්සාර්ගේ චරිතයට බ්‍රෙන්ටන් තවෙයිට්ස් අලුතින් එක්වී ඇත. ජෙෆ්‍රි රෂ් කපිතාන් හෙක්ටර් බාබෝසාගේ චරිතයත්, ඔර්ලන්ඩෝ බ්ලූම්, විල් ටර්නර්ගේ චරිතයත්, කෙයිරා නයිට්ලි එලිසබෙත් ස්වෝන් ටර්නර්ගේ චරිතයත් බිල් නිගී ඩේව් ජෝන්ස්ගේ චරිතයත්, ටොම් හෝලන්ඩර් කට්ලර් බෙකට්ගේ චරිතයත් නිරූපණය කරති.