
මේ දිනවල නිර්මාණය වන ගීත බොහොමයක තේමාව විරහව බව කියන්න දෙයක් නෑ. වෙලාවකට හිතෙනවා අපේ නව පරපුරේ ගායකයො තමන්ට කියන ප්‍රශ්න ද මේ ගීතවලට පෙරළලා කියන්නෙ කියලා. රැල්ලට බිහිවන එවන් වූ ගීත අතරේ මේ කාලයේ නිර්මාණය වේවි කියලා හිතන්නවත් බැරි තේමාවක් යටතේ ගැසුණු ගීතයක් අසන්නට ලැබුණා. ‘ඔබගේ සෙනෙහෙන්’ යනුවෙන් නම්කොට ඇති එය ගායනය කරලා තියෙන්නෙ සඳුන් දොලමුල්ල. ජීවිතයේ සාර්ථකත්වය පිටුපස සිටි තම බිරිය ගැනයි ඔහු මෙම ගීතය නිර්මාණය කොට තිබෙන්නෙ.
ඔබගෙ සෙනෙහෙන් ගීතයේ පළ සංඛ සමරප්පුලිගෙන් සංගීතය සාරංග පතිරණගේ. ගීතයෙහි මියුසික් වීඩියෝව නවීන් පෙරේරා විසින් නිමකොට තිබෙනවා.
සඳුන්ගේ සංකල්පයකට අනුව තමයි මෙම ගීය සහ එහි වීඩියෝව නිර්මාණය කළේ. ඔහු සහ ඔහුගේ බිරිය හමුවී අවුරුදු අට සම්පූර්ණවීම නිමිති කරගනිමින් එදින ඔබගෙ සෙනෙහෙන් රිලීස් කරලා තියනවා. මේ වනවිට ගීතය යූ ටියුබ් හරහා දෙලක්ෂ දහදහකට ආසන්න ප්‍රමාණයක් නරඹලා තියනවා.
දාහකට ආසන්න පිරිසක් ඊට කමෙන්ට් සටහන් කරලා. සාමාන්‍යයෙන් ගීයක් සඳහා හොඳ වගේ ම නරක ප්‍රතිචාරත් ලැබෙනවා. එනමුත් මේ සඳහා එකම ඍණාත්මක ප්‍රතිචාරයක් නොලැබී තිබීම විශේෂත්වයක්. ඒකාකාරී ගීත බිහිවන මේ යුගයේ සඳුන්ගේ මෙම ගීයහි වීඩියෝව නිර්මාණය වී ඇත්තේ ධනාත්මක චින්තනය උපද්දවන පරිද්දෙනුයි.
ඔබගෙ සෙනෙහෙන් ගීතයේ පදමාලාව
ඔබගෙ සෙනෙහෙන් පිරිලා
කඳුළු අද වියැකිලා
හිනැහෙන්නෙ අද මා ඔබ නිසයි
මේ ජීවිතේ පුරා ඔබ ඇවිත් ළංවෙලා
මගෙ ලොවට අරුතක් එක් කළා
මාතු භගිනියේ සකිගේ දාසියේ
සොඳුරු පතිවෙලා
මට ළංවෙලා ඉන්න පතිනියේ
මෙලෙස දිවි තුරා
සිහිනයේ සොඳුරු මතකයේ ඔබවමයි මට සිහිවුණේ
හිතපුරා ඉන්න ඔබවමයි ඕන කඳුළු නෑ දෙන්නෙ ජීවිතේ
මහද පෙම් සුවය විහිද විකසිතව දිදුලන්නෙ ඔබෙ ආදරේ
රන් විමන් තැනෙන සොඳුරු හෙට දිනෙක අරුණැල්ල ඔබ ජීවිතේ
කිසිත් නෑ මගෙ ලොවේ
ඔබගෙ සෙනෙහෙ තරම්
ඔබගෙ සෙනෙහෙන්...
ඔබගෙන් ලැබෙන ආදරේ මහමෙරක් සේ මට හැඟෙයි
කවරදාවත් ම ඔබ නැතුව ඉන්න හිතන්නත් බෑ ජීවිතේ
දිවිතුරා වින්ද කඳුළු පිසලන්න නුඹම නොවෙද මගෙ ආදරේ
පණ සේම රැකගන්නෙමි සොඳුර උදාවයි මගෙ ජීවිතේ
නිල්නෙතේ කඳුළැලි පිසදා හිනැහෙන්න මා හා ප්‍රියේ
මේ ජීවිතේ...
ඔබේ අලුත්ම මියුසික් වීඩියෝව පිළිබඳව විස්තර rasanduna[email protected] ඊමේල් ලිපිනයට එවන්න.