සුද­ර්ශන කුරේ ‍ගේ පළමු ගීතය අන්තර් ජාල­යට | Page 2 | සිළුමිණ

සුද­ර්ශන කුරේ ‍ගේ පළමු ගීතය අන්තර් ජාල­යට

 නවක ගායන ශීල්පී සුදර්ශන කුරේ සිය පළමු ගීතය පසුගියදා අන්තර්ජාලයට එකතු කරලීය.

සයුරු නිම්නයේ නම්වූ එය ඔහුගේ පද රචනයකි. කුමාරසිරි පතිරණ සංගීත අධ්‍යක්ෂණයන් දායක වීඇත.

මේ වනවිට සුදර්ශන රංගන ශිල්පියකු ලෙසද කටයුතු කරයි.සකී ඔහු රඟපෑ ටෙලි සිතුවමකි.


“රූ සඳ රෑ” රැගෙන රූකාන්ත - චන්ද්‍රලේඛා ඕස්ට්‍රේලියා - නවසීලන්ත සංචාරයේ

වසර දෙකකට පසු පෙර පැවැත්වූ වාර්තාගත සංචාරයකින් පසුව මෙවර පවුලේ ප්‍රසංගයක් ලෙසින් රයිනි හා වින්ඩි දියණියන් දෙදෙනා සමඟ රූකාන්ත ගුණතිලක - චන්ද්‍රලේඛා පෙරේරා යුවළ පසුගිය 02 දා (ජූනි)සිට ලබන 24 වැනි දින දක්වා ප්‍රසංග හතරකින් සමන්විත ඕස්ට්‍රේලියා - නවසීලන්ත සංචාරයේ නිරතවෙති.

මෙම ප්‍රසංග මාලාව සඳහා නව පරපුරේ යොවුන් ගායන ශිල්පී සනුක වික්‍රමසිංහද සහභාගිවීම විශේෂත්වයකි. මෙය ඔහුගේ ප්‍රථම ඕස්ට්‍රේලියා සංචාරයයි.

ප්‍රසංග හතරකින් සමන්විතමෙය ජුනි 02 ඕක්ලන්ඞ් ජුනි 03 සිඩිනි ජුනි 10 මෙල්බර්න් ජුනි 11 ඇඩිලේඞ් ජුනි 17 බ්‍රිස්බෙන් හා ජුනි 24 පර්ත් යන නගරයවල පැවැත්වෙයි. මෙම ප්‍රසංග මාලාවේ සියලුම ප්‍රවේශ පත්‍ර දින 12 ක් වැනි කෙටි කාලසීමාවකදී විකිණී අවසන් වීම හේතුවෙන් මෙර්බර්න් නුවර ප්‍රසංග දෙකක් පැවැත්වීමට සිදුවී ඇති බැව් වාර්තා වේ

විස්තර කථනයෙන් කැලුම් ශ්‍රීමාල් සහභාගීවන මෙම ප්‍රසංග මාලාවේ සංගීත අධ්‍යක්ෂණය සම්මානලාභී සංගීත අධ්‍යක්ෂ සුරේෂ් මාලියද්ද ප්‍රමුඛසත් සාමාජික ලාංකිය වාද්‍ය වෘන්දයකි. මාලක යාපා විසින් මෙය සංවිධානය කර ඇත.


සරත් විමලසිරි ‍ගේ ශ්‍රද්ධාංජලී පොසොන්පෝදා ගුවනින්

බුදු සිරිතෙහි එන අසිරිමත් අවස්ථා සංවේදීව විවරණය කරමින් ප්‍රවීණ කවියකු,ගේය පද රචකයකු වන රාජ්‍ය කලාභූෂණ සාහිත්‍යවේදී ඩබ්ලිව් කේ.සරත් විමලසිරි පිටපත ලියූ බොදු ගී සරණියක සුවය කැටිවුණු ශ්‍රද්ධාංජලී ගී සමාධිය පොසොන් පුන් පෝදා (8) මධ්‍යාහන 12 ට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල ස්වදේශීය සේවය ඔස්සේ ප්‍රචාරය වේ.(fm තරංගමාලා 91.7 හා 91.9 )

මෙය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සංගීත අංශයේ ඉදිරිපත් කිරීමකි. 

Comments