
ගත්තෙ වෙන ප්‍රයෝජනයක්
‘ඔය අවුරුදු නැකැත් වැරදියි කියල රටේ ලොකු ආන්දෝලනයක් ඇති වෙලා තියෙන අල්ල පනල්ලේ ඔයා මොකද අනේ අවුරුදු නැකැත් දන්වලා බැංකුවකින් මුද්‍රණය කරපු පත්‍රිකාවක් මේසේ උඩ තියාගත්තෙ?’ ශාන්ති ඇසුවේ තම සැමියාගේ ලියන කාමරය අතුගාමින් සිටියදී ය. ‘නෑ... නෑ... හාමිනේ ඔය නැකැත් පත්තරේ මම මේසෙ උඩ තකහනියක් තියා ගත්තෙ ඒකෙ තියෙන වෙලාවල් අනුගමනය කරන්ඩ නෙමෙයි. මගෙ අලුත් සෙලියුලර් ෆෝන් එක තෙතමනයෙන්, දූවිල්ලෙන් ආරක්ෂා වෙන්ඩ මම දැන් ඒක තියන්නෙ ඔය නැකැත් පත්තෙර් උඩ.’ චන්ද්‍රසිරි කීවේය.
තරහා නොගොහින් තියෙයි ද?
‘අර මොකද තොරණ විවෘත කරන්ඩ ආපු මන්ත්‍රීතුමා ආපු කාරියත් නොකර, යක්ෂාරූඪ වෙලා වගේ බැණ බැණ යන්ඩ ගියෙ.’ තොරණේ සංවිධායක මණ්ඩලයේ සාමාජිකයකු වූ රෝහිත ඇසුවේ තොරණ පාමුල සිටි විජේසිංහ ගෙනි. ‘ඔයින් ගියා ඇති රෝහිත. මට නං හිතුණෙ ම මන්ත්‍රීතුමා රංජිත්ට හොම්බට දෙකක් අනියි කියල. තොරණ විවෘත කරන්ඩ ආරාධනා කරලා රංජියා ලවුඩ්ස්පීකරෙන් වැරදිලා කිව්වේ, අපේ මන්ත්‍රීතුමා තොරන් රාජයා විවෘත කරන්ඩ ඇවිල්ලා ඉන්නෙ තමන්ගේ රාජකාරි පැහැර හැරලයි කියලනෙ.’ විජේසිංහ කීවේ ය.
සොච්චමක් අරගෙන මොකටද ?
“උපාලි මට හොඳට මතකයි ඔය ‘දෙසීයයි - තුන්සීයයි’ කියන නාට්‍ය දෙකේ පුහුණුවීම් කෙරුණු දවස්වල කලා පත්තෙර්ක තිබුණු නිව්ස් එකක ඒ නාට්‍යයේ රඟපාන ශිල්පීන්ගෙ නම් අතරේ ඔයාගෙ නමත් තිබුණා. මම ගිය සුමානෙ ඒ නාට්‍ය දෙක බැලුවා. ඒත් ඒකෙ ඔයා රඟපෑවේ නැහැනෙ. ඇත්තට ම මොකද ඒ?” චන්ද්‍රසිරි දුරකථනයෙන් උපාලි අමතමින් විමසුවේ ය.
“මම ඔය ‘දෙසීයයි - තුන්සීයය’ නාට්‍ය දෙකේ පුහුණුවීම් වලදී පොඩි චරිතයක් රඟපෑව බව ඇත්ත. ඒත් පස්සෙ මං ඒකෙන් අයින් වුණා. ඔය දෙසීයක් - තුන්සීයක් අරගෙන වැඩක් තියෙනවයැ මිස්ටර් චන්ද්‍රසිරි?” උපාලි පිළිතුරු දෙමින් කීවේ ය.
වෙන්නෙ හොඳක් නෙවෙයි ද?
‘තම්බිට ඌරු මාළු වගෙ අර සල්ලි පොළියට දෙන චන්දනයව පෙන්නන්ඩ බැරුව නේද තමුසෙ හිටියෙ? ඉතින් මොකද මේ හිටපු ගමන් වෙනස් වෙලා. ඒ යකාට කතා කරලා, කටපුරා හිනාවෙලා, ඔය අලුත් අවුරුදු නැකැත් පත්තරයක් මිනිහට දුන්නෙ?’ කළු අයියා ඇසුවේ දැදිගම දෙස විමතියෙන් බලමිනි. ‘නෑ කළු අයියෙ, ඔය යකා කරන්නෙ ම ගිනිපොළියට මිනිස්සුන්ට ණයට සල්ලි දීලා, ඒ අසරණයන්ගෙ රීරි මාංස උරා බොන එකනෙ. ඔය අලුත් අවුරුදු නැකැත් වැරදියි. මාරක අපල ඇති කරනවයි කියනව නෙ. ඉතින් චන්දනයා ඔය නැකැත් පත්තරේ තියෙන වෙලාවල්වලට අලුත් අවුරුදු චාරිත්‍ර ඉෂ්ට කරලාවත් මකබෑ වෙලා ගියොත් ඒකෙන් රටට වෙන්නෙ හොඳක් නෙමෙයිද?”
අන්ධ වුණා ආදරෙන්
‘ඔය අපේ අලුත් ටෙලි නාට්‍ය නිළියක් සිංහල අවුරුද්දට අන්ධයෙකුට කිරි කැව්වයි කියල පත්තරේ තිබුණේ...’ ස්වර්ණා, රංජනී සමඟ කීවේ, නෑගම් පැමිණි අවස්ථාවේදී ය. ‘ඒ ඉතින් එයා යාළුවෙලා ඉන්න හාදයා වෙන්ඩ ඇති.’ රංජනී කීවේ ස්වර්ණා වෙත කැවිලි පිඟානක් ළංකරමිනි.
‘ඔයාට පිස්සුද? එයා යාළුවෙලා ඉන්න හාදයා අන්ධයෙක් යැ.’ රංජනී කිවේ ටෙලි නාට්‍ය නිළියන්ගේ වතගොත පිළිබඳව හොඳින් දන්නා අයකු විලසිනි. ‘මොකෝ නැත්තෙ? මං අහගෙන ඔය හාදයා දවසක් ටෙලි නාට්‍යයකදී ඒ නිළියට කියනවා, මං ඔයා ගැන ආදරෙන් අන්ධ වෙලා ඉන්නෙ’ කියලා” ස්වර්ණා කීවේ කොකිස් කෑල්ලක් හපමිනි.