
කුතුහලය, ත්‍රාසය මෙන් ම කිති කැවුණු රසික මනස ප්‍රකම්පනය කරන සිතුවම්පට මාලා නිෂ්පාදනයට ‘යුනිවර්සල් පික්චර්ස්’ බෙදා හරින්නන් ලෝ ප්රකටය. ඔවුනගේ ඩාර්ක් යුනිවර්ස් සිනමා පට අතර ‘මමී’ සිනමාපට සුවිශේෂී වේ.
මුල්ම යුනිවර්සල් මොන්ස්ටර් (අද්භූත) සිනමා පට මාලාව ඇරැඹෙන්නේ 1932 තරම් දශක ගණනාවකට දුරාතීතයේදීය. මෑතකදී කොයි කා අතරත් කතාබහට ලක්වුණේ 1999 - 2015 දී නිර්මාණය වුණු ‘ද මමී’ චිත්‍රපට ත්‍රිත්වයයි. අහම්බෙන් ජීවය ලැබූ බලවත් සාපයක් සහිත පුරාණ ඊජිප්තු පූජකයකු කේන්ද්‍ර කර ගත් එම සිනමාපට ත්‍රිත්වයේ මුල්ම නිර්මාණය 1999 දී තිරගත විය. 2001 දී ‘ද මමී රිටර්න්ස්’ ද 2008 දී, ‘ද මමී : ටොම්බි ඔෆ් ද ඩ්‍රැගන් එම්පරර් ද තිරගත විය. එම සිනමාපට ත්‍රිත්වය නිෂ්පාදනය කළ සෝන් ඩැනියල් සිව්වැන්නා වූ නවතම ‘ද මමී’ (2017) සිනමා පටයට ද දායක වී තිබේ. ඊට අමතරව ඇලෙක්ස් කර්ට්ස්මන්, ක්‍රිස් මෝගන්, සාරා බ්‍රැඩ්ෂෝ ද නිෂ්පාදනයට එක්වී ඇත.
ත්‍රාසජනක ක්‍රියාදාම වීර ඇමෙරිකානු සිනමා පටය ‘ද මමී’, මමී සිනමාපට මාලාවට එක්වන බව යුනිවර්සල් පික්චර්ස් සමාගම ප්‍රකාශයට පත් කළේ 2012 වසරේදීය. ලෙන් වයිස්මන්, ඇන්ඩ්රිස් මියුෂෙට් වැනි අධ්යක්ෂවරුන් අතර දෝලනය වුණු සිනමාපටයේ අදියුරුවම අවසානයේදී ඇලෙක්ස් කර්ට්ස්මන්ගේ අතට පත්විණි. 2013 වසරේදී ලෙන් වයිස්මන් විසිනුත් 2014 වසරේදී ඇන්ඩ්රිස් මියුසෙට් විසින් අත්හැර දමනු ලැබූ සිනමාපටය ඇලෙක්ස් විසින් භාර ගන්නා ලද පසුව ප්‍රධාන චරිත සඳහා නළු නිළියන් තෝරා ගැනීම ඇරැඹිණි. ඒ අනුව 2015 නොවැම්බර් මාසයේදී ප්‍රධාන චරිතය සඳහා ටොම් කෲස් කිසිදු මතභේදයකින් තොරව තෝරා ගන්නා ලදි. ඊජිප්තු දේවතාවක වන එමසුනෙට්ගේ (ඇමෝනෙට් ලෙසද හඳුන්වයි) චරිතය යම් තරමකට උපයෝගී කරගෙන නිපද වූ අහ්මනෙට් හෙවත් ද මමී චරිතය සිනමා ප ටයේ ප්‍රධාන නිළි භූමිකාව විය. ඒ සඳහා කර්ට්ස්මන්ට සොෆියා බවුටෙලා නිළිය තෝරා ගැනීමට කැමැත්තක් ඇති වුණේ ‘කිංග්ස්මන් : ද සීක්රට් සර්විස් සිනමා පටයේ චරිතයට ඇය කළ සාධාරණය නිසයි. ඒ අනුව ඇය අහ්මනෙට් හෙවත් ද මමී බවට පත්වූවාය. රසල් ක්‍රෝව් ඇතුළු සෙසු නළු නිළියන් ඊළඟට ප්‍රකාශයට පත්විය.
2016 අප්‍රේල් මාසයේදී සිනමා පටයේ රූගත කිරීම් ලන්ඩනයේත්; නැම්බියාවේදීත් සිදු කෙරිණි. 2016 දී සිනමා පටය තිරගත කිරීමට නියමිතව තිබුණ ද පසුව 2016 ජුනි 9 වැනි දිනට එය කල් ගිය අතර පූර්ව දර්ශනය මැයි 22 වැනිදා ඔස්ට්‍රේලියාවේ ප්‍රදර්ශනය කරන ලදි.
අහ්මනෙට් පුරාණ ඊජිප්තු කුමාරිකාවක දෛවයේ සරදමට ලක්වී තමන් වැළලී සිටි මැදපෙරදිග කාන්තාර භූමියේ සිට විසිඑක්වැනි සියවසේ ලන්ඩනයෙන් මතුවන්නීය. එසේ ඇය නැඟී සිටින්නේ වසර මිලියන ගණනක් පුරා පැවැති වෛරීය සිතිවිලි සිතේ දරා ගෙනයි. මිනිසුන්ව තේරුම් නොගත් ඇය කුරිරු සිතිවිලිවලින්, ක්‍රියාවලීන්ගෙන් මිනිසුන් සමඟ නිරන්තර අරගලයක යෙදුණාය. එය ‘ද මමී’ සිනමා පටයේ කතා සාරාංශයයි.
ඔස්ට්‍රේලියාවේ, සිඩ්නි ස්ටේට් සිනමා ශාලාවේදී පැවැති පූර්ව දර්ශනයේදී ප්‍රධාන නළු පනස් හතර හැවිරදි ටොම් කෲස්ට ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබී තිබේ. තායිවානයේ ද සිනමාපටය උත්කර්ෂවත් ලෙස ප්‍රවර්ධනය කෙරුණු අතර බ්‍රිතාන්‍යයේ මැයි 25 වැනි දින ප්‍රදර්ශනයට නියමිතව තිබූ ලන්ඩන් නුවර පූර්ව දර්ශනය අවලංගු වූයේ එදිනම සිදුවූ මැන්චෙස්ටර් බෝම්බ ප්‍රහාරය නිසාය.
‘ද මමී’ ත්‍රාසය, කුතුහලය, විස්මය පිරුණු දෙවිවරු හා අද්භූත ආත්ම රැගත් අරුම පුදුම ලොවකට ප්‍රේක්ෂකයා රැගෙන යන; සෙසු මමී සිනමා පට මෙන් ම, ඇතැම්විට ඊටද වඩා ඉහළ ආදායම් වාර්තා පිහිටුවනු ලබන සිනමා පටයක් වන බවට බොහෝ විචාරකයන් දැනටමත් අනාවැකි පළකර අවසන්ය.
ද මමී
අධ්‍යක්ෂණය - ඇලෙක්ස් කර්ට්ස්මන්
නිෂ්පාදනය - ඇලෙක්ස් කර්ට්ස්මන්
ක්‍රිස් මෝගන් සෝන් ඩැනියල් සාරා බ්‍රැඩ්ෂෝ
තිරපිටපත - ඩේවිඩ් කියොෂ්
ක්‍රිස්ටෝපර් මැක්ක්වෙරී ඩිලාන් කුස්මන්
කතාව - ජෝන් ස්පැට්ස් ඇලෙක්ස් කර්ට්ස්මන්
ජෙනී ලුමෙට්
රංගනය - ටොම් කෲස් (නික් මෝට්න් ලෙස)
ෆොෆියා බූටෙලා (අහ්මනෙට් කුමරිය)
ඇන බෙලා වාලිස් (ජෙනී හැල්සේ)
ජේක් ජොන්සන් (ක්රිස්වේල්)
කර්ට්නි බී. වැන්ස් (කොලෝනල් ග්රීන්වේ)
රසල් ක්‍රෝව් (හෙන්රි ජෙකිල්)
මාර්වන් කෙන්සාරි (මලික්)
ජේවියර් බොටෙට් - සෙට්
සෙල්වා රාසලිංගම් - (මෙනිප්ට්රෙ රජු)
ඩිලාන් ස්මිත් (ලොරෙන්සෝ මොන්ටනාරි)
සංගීතය : බ්‍රයන් ටිලර්
සංස්කරණ : පෝල් හර්ච්, ගිනා හර්ච්
අන්තර්ජාලයෙනි