
අප කාට කාටත්,
කිනම් කලෙකදි හෝ
නොසිටියේ ද විරුවෙක්
නොසිටියාද වීරවරියක්
අප වීරවරයන්, වීරවරියන්
ලෙසින් සැලකූ ඇතැමුන්
අපෙන් ගරු බුහුමන් ලැබ
ඈත් වී ගිය හේතු මතකද?
ඇතැම්හු අප සිත්වලින්
ගිලිහී ගියහුද, නිර්මෝහනය වී
මේ නිර්මෝහනය
කම්පාවක් ද ගෙන දේ
ඒ කම්පාව නිසි ලෙස
හඳුනා ගැනුම හැකි වෙද?
එදා
ඔබ මට පෙනුණේ
යමක් කළ හැකි
වීරයකු සේය
මෙදා
ඔබ මට පෙනෙන්නේ
සුරුවිරුකම් ගිලිහුණු
රූකඩයක් සේය
මෙදා
ඔබ ඇසුර පතන්නේ
මගේ වීරයන් නොවන
ලාමක දුහුනන් රෑනකි
මේ නොවෙද විරු ගීය
මා සිත්හි නළියන