සත්සර අනුරාව 13දා පේරාදෙණියේ | සිළුමිණ

සත්සර අනුරාව 13දා පේරාදෙණියේ

 පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය සංගමය මගින් එම පීඨයේ අඩුආදායම්ලාභී විද්‍යාර්ථයින්ගේ ශිෂ්‍යත්ව අරමුදලට ආධාර පිණිස සත්සර අනුරාව 2017 නමින් ප්‍රසංගයක් 17වන වරටත් ජුනි මස 13වනදා පස්වරු 7ට විශ්වවිද්‍යාලයීය ගෘහස්ථ ක්‍රිඩාංගනයේදි පැවැත්වේ.

ටී.එම් ජයරත්න, දීපිකා ප්‍රියදර්ශනී, කීර්ති පැස්කුවල්, ගී ගයන මේ ප්‍රසංගයට සංගීතයෙන් ජයන්ත රත්නායකද, කථනයෙන් හේම නලින් කරුණාරත්නද දායක වෙයි.


'සඳයි මගේ අම්මා' ළමා නාට්‍ය සාරාලංකාර මහා විදුහලේදි

මධුශංක කංකානිගේ නාට්‍ය නිර්මාණයක් වන ආදරයේ රැජින ඇයයි 'සඳයි මගේ අම්මා' ළමා නාට්‍ය අද(28) සවස 3.30ට වැල්මිල්ල ශ්‍රී සාරාලංකාර මහා විද්‍යාලයේදි වේදිකා ගත කෙරේ.

ලක්ෂිකා ‍ෆොන්සේකා, අනෝජා වීරසේකර, තුෂාරි බණ්ඩාරනායක, සංගීත් ප්‍රභූ, එස්.ඒ යොහානි හංසිකා, තිෂාඛ්‍ය කුමානායක, තත්සර සවන, සනුත්, චමුදි අනුත්තරා ආදි ළමා හා ප්‍රවීණ නළු නිලියන් රැසක් මෙහි රඟපානු ඇත.


සාදය මාරයි සල්ලි හමාරයි පුංචි තියටර්හි දී

ධර්මප්‍රිය ඩයස් අධ්‍යක්ෂණය කරන ලද' සාදය මාරයි සල්ලි හමාරයි ' නාට්‍යය ජුනි 3දින සවස 3.30ට සහ 6.45ට බොරැල්ල නාමෙල් මාලනි පුංචි තියටර් හිදී පැවැත්වේ. ගිහාන් ප්‍රනාන්දු, චමිලා පීරිස්, ධර්මප්‍රිය ඩයස්, දයාදේව එදිරිසිංහ, අනුරාධා පෙරේරා, ආලෝක සම්පත්, අනුරාධ මල්ලවාරච්චි චරිත මවයි.

සංගීතය රුවන් වල්පොළ, අංග රචනය ප්‍රේම් ජයන්ත කපුගේ, වේදිකා පරිපාලනය අරුණ ජයසේන, රංගාලෝක නිර්මාණය සහ රේඛීය නිෂ්පාදනය රංග සමරකෝන්,රංග වස්ත්‍ර නාර්මාණය ගිහාන් ප්‍රනාන්දු විසිනි. සාදය මාරයි සල්ලි හමාරයි ප්‍රියංකර ද සිල්වා විසින් නිෂ්පාදනය කරන ලදි.


සංගීත හා ගායන දිවියට පනස්වසරක් සපිරීම නිමිති කරගෙන ප්‍රවීණ ගායන ශිල්පී රන්ජන් ජයතිලක මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත තම ගීත ඇතුළත් සංයුක්ත තැටියක් පිරිනැමූ අයුරු. ගායක ගායිකාවන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයට ලක්ෂ 250ක මුදලක් පරිත්‍යාග කරන ලද අවස්ථාවේදී මෙම සංයුක්ත තැටිය පිළිගැන්විණි. 

Comments