
. වසර ගණනාවක් තිස්සේ කාන්තාවන් අතරට ගොස් වැඩමුළු පැවැත්වීම මගින්ද මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය හා ලේඛනය හරහාද ශ්‍රි ලාංකික කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා කරන ලද ප්රශංසාත්මක සේවය අගය කරමින් ලෝක සාමය හා උපාය මාර්ග පිළිබඳ සංවිධානය හා එක්සත් ජාතීන්ගේ මිත්‍රත්ව සංවිධානය මගින් මානව හැකියා ප්‍රවර්ධන පුහුණු උපදේශිකා රත්නා පුෂ්ප කුමාරි මහත්මිය වෙත විශිෂ්ටතම කාන්තා සම්මානය තිරසර සංවර්ධනය හා වන ජීවි නියොජ්‍ය ඇමතිනි සුමේධා ජී ජයසිංහ මැතිණිය සහ එම සංවිධානටය් සභාපති මහාචාර්ය සර්. ජී. ඩි සින් මහතා අතින් පසුගියදා පිළිගැන්විනි. විවිධ ක්ෂේත්රවලින් දෙස් විදෙස් සම්මාන රැසක් දිනා ඇති රත්නාට මුළු දිවයිනට බලපාන පරිදි සාම විනිසුරු පදවිය පසුගියදා නිරිමනු ලැබු අයුරු.
සරත් විමලසිරිගේ නවතම ගීතය එළි දකී
ප්‍රවීණ කිවිවර ගේය පද රචක රාජ්‍ය කලාභූෂණ, කිවිපති ඩබ්ලිව්. කේ සරත් විමලසිරි ආදරය ගැන ලියු නවතම ගීතය පසුගියදා එළි දැක්විණි.
නව පරපුරේ යොවුන් ගායන ශිල්පියෙක් වන සුපුන් චාලින්ද ගායනාකළ එම ගීතය තණු නිර්මාණය කර සංගීතවත් කරනු ලැබුයේ ප්‍රවීණ සංගීතවේදි මහින්ද බණ්ඩාර විසිනි.
ආදරයේ සුන්දර මතක, අනපේක්ෂිත සමුගැනීමක් තුළ යොවුන් සිත් සසල කරන විරහවේ වේදනාව උපේක්ෂාව අනාගතයේදි විද ගැනීමට බිහිදොරක් උදාකරවනු වස් නවතම දෘෂ්ඨි කෝණයකින් ලියැවී ඇති මෙම ගීතය මේ දිනවල විවිධ ගුවන්විදුලි නාලිකා ඔස්සේ විකාශය වේ.
අන්තඃපුරය හොරු කඩයි කැලණියේ දී..
ප්‍රියන්ත රංජන් නිෂ්පාදනය කරන කොත්මලේ පී.ජී සෙනෙවිරත්න රචනය කරන අන්තංපුරය හොරු කඩයි නාට්‍ය හෙට (22) දින ප.ව 3.30ට සහ ප.ව 6.45ට කැලණිය විශ්ව විද්‍යාලයීය ධර්මාලෝක ශාලාවේදි රඟදැක්වීමට house of drama ආයතනය කටයුතු යොදා ඇත.
මැයි මල් සුවඳ' ප්‍රසංගය 30දා
යුග දෙකක් නැලැවු දෙසිතක සොඳුරු ආගමනය 'මැයි මල් සුවඳ' සප්ත ස්වරයේ මිහිරියාව මැදින් සංගීතයේ නවමු මං පෙත් සොයායන ප්‍රසංගය මේ මස 30දින සවස 5.00ට රුහුණු විශ්වවිද්‍යාල ගෘහස්ථ ක්‍රිඩාගාරයේදි පැවැත්වේ.
එඩ්වඩ්ගේ ලේඛන කලාව ඇගයීමට
එඩ්වඩ් චන්ද්‍රසිරි කලාකරුවාණන්ගේ ලේඛන කලාව විමසුමක් යන මැයෙන් විවිධ ක්ෂේත්රයන් විෂය කර ගනිමින් ග්රන්ථ රැසක් සම්පාදනය කළ ලේඛකයකු පිළිබඳ ප්‍රසිද්ධ දේශනයක් ප්‍රවීණ දේශක ජැක්සන් ඇන්තනී මහතා විසින් පසුගියදා කොටිකාවත්ත සණස ශ්‍රවණාගාරයේදි පවත්වනු ලැබීය.
නාට්‍යකරණය සහ ලේඛන කලාව විෂයෙහි එඩ්වඩ් චන්ද්‍රසිරි මහතාගේ සේවය අගයා කොටිකාවත්ත සණස ආයතනය විසින් ප්රදානය කරන ලද උපහාර තිළිණය එහිදී ජැක්සන් ඇන්තනී මහතා විසින් ඔහු වෙත පිරිනමනු ලැබිණි. මෙය කොටිකාවත්ත සණස ආයතනය මගින් දියත්කරනු ලබන සමාජ සහ සංස්කෘතික ව්‍යාපෘතියක එක් සුවිශේෂි අංගයකි.