ඇදුරු බස | සිළුමිණ

ඇදුරු බස

“අපේ නෙක් කටයුතු

පහසු කර ගැනුමට

පත් කර ගනිමු අපි

නිකේතනයේ කිසිවකු

ගුරු ඇස වහා යොමු වේ

තුරුණු ගුරුතුමිය ප්‍රතිභා වෙත

“ප්‍රතිභා ඔබ කැමතිද අද පටන්

අප රංග පාලිකා තනතුර බාර ගැනුමට?”

“කැමැතියි ගුරුතුමනි”

සිනා පාමින් ප්‍රතිභා එයි පෙරතලයට

චකිතයකින් තොරව

“අප රංග සැලසුම

සැකසිය යුතුය ඔබ’තින්

ගුරුපදේශ සටහන්

නිසිලෙස තබා ගැනුමෙන්්‍

විධිමත් බස සැලසුම්

අමතක වූ යමක් - සිහිපත් ‍ෙකරුම යහපත්

වෙලාවට පැමිණීම - සන්සුන්ව කල් ගෙවුම

අභ්‍යාස කරවීම - ඔබට හිමිකාරිය

හැමට දිරි ගැන්වුම - ඉන් පළමු කාරිය

වැටහිණි ද ප්‍රතිභා?

“වැටහිණි, ගුරුතුමනි!”

එක් අයකු අතින් තවත් අයකු

දිරි ගැන්වෙන්නේ කෙලෙසද?

එහෙත් එය සිදුවී පවතී

සියවස් ගණනාවක් මුළුල්ලේ

පැසසුම නිසි තැන - පැසසුම ඇවැසි වේ

ගැරැහුම වෙනුවට - ඉවසීම ඇවැසි වේ

යටපත් වේය ගැරැහුම - ඇහුම් කන්දීමෙන්

ලබාගත හැකි පල - අනන්තය අපමණය

දුෂ්කර වූ දිවිය - තරණය කළ යුතු ය‍

ප්‍රතිභාගේ ඇස ගැටිණ

ගුරුතුමන්ගේ සටහන

“රඟ සිප් පුහුණුවේ හිඳ

නිවහනට එන සඳ

හුදෙකලාවේ පසෙක

මම හිඳිමි නෙත් පියා - කල්පනා ලෝකයේ

මගේ සිහි ගිරි මතට

පිවිසෙන්නේ නළු කැලක් නොව,

මා පසෙක හිඳ සන්සුන්ව

මට ඇහුම් කන් දෙන - සියුමැලි ලෙසින් අමතන

අභිනය උගන්වන - මා අපොහොසත් වන

ඔබ නොවෙද - අප ගුරුවරිය

‍සුරඹුවක සේ සපැමිණ

අදිසි ලෙස උගන්වන - ‍රූපනය

මා ඇතුලු නළුකැලට ද

Comments