
වික්‍රම් භාට් පාපොච්චාරණයක
අඳුරු අතීතයක් හිමි වික්‍රම්ට තවමත් ඒ මතකයන් අමතක කරන්නට හැකියාවක් නැහැ, වරදකාරයා ඔහු නිසා. බොලිවුඩ් සිනමා ලොව බැබළෙන තරුවක් වූ වික්‍රම් භාට් නම්වූ මේ සිනමාකරුවා අද පාපොච්චාරණයක් කරනවා. “මම අද දුක් වෙනවා, මගේ බිරියවත් දියණියවත් නොසලකා හැරිම ගැන.” වික්‍රම් මේ අයුරින් හඬා වැටෙන්නේ තමන් අතීතයේදී කළ වැරැදි දැන් ඔහුට හොඳින් පෙනෙන නිසා.
වික්‍රම්ගේ බිරිය අදිති. ඔහු ඇයව මුලින්ම හඳුනා ගත්තේ බාල වියේදී. ඒත්, විවාහ වී දියණියකගේ පියකු බවට පත්වූ පසුව ඔහු විශ්ව රූ රැජන වූ ජනප්‍රිය නිළි සුශ්මිතා සෙන් සමඟ පෙමින් බැඳුණා. ඉන් පසුව, ඔහු ජනප්‍රිය නිළි අමීෂා පටේල් සමඟ ද සමීප ඇසුරක් පැවැත්වූවා. මේ තහනම් ආදර බැඳුම්වල ප්‍රතිඵලය වූයේ වික්‍රම් තම බිරියගෙන් නීත්‍යනුකූලව වෙන්වීමයි.
“මට සුශ්මිතාවවත් අමීෂාවවත් විවාහ කර ගන්න වුවමනාවක් තිබුණෙ නැහැ.” වික්‍රම් මේ වගතුග හෙළි කළේ සම්මුඛ සාකච්ඡාවකදී. එහිදී ඔහු අනාවරණය කළේ අදිතිගෙන් වෙන්වීම නිසා හටගත් සිත් තැවුල නිසා තමන් සියදිවි හානි කරගන්නට පවා උත්සාහ කළ බවයි. එක් වරක් තම නිවසේ 6 වැනි තට්ටුවෙන් බිමට පැන දිවි තොර කරගන්නට උත්සාහ කළ බව ද ඔහු හෙළි කළා.
“මේවාට වරදකාරියන් වුණේ සුශ්මිතාවත් අමීෂාවත් නොවෙයි. මමමයි වරදකාරයා. මම, මගේ ජීවිතය අවුල් කරගත්තා. මාත් එක්ක සම්බන්ධකම් පවත්වපු කිසිම කෙනෙක් මගේ ජීවිතය විනාශ කළේ නැහැ. මම හිතන්නෙ මගේ ජීවිතයම කඩතොලු ගොඩක එකතුවක් කියලයි.”
වික්‍රම්ට එලෙස පසුතැවී නිහඬව සිටින්නට සිත ඉඩ දුන්නේ නැහැ. තමන්ගේ ජීවිත අත්දැකීම් කැටි කර නවකතාවක් ලියන්නටත් ඔහු පෙළඹුණා. ‘අ හෑන්ඩ්ෆුල් ඔෆ් සන්ෂයින්’ ඒ නවකතාවයි. අද ඔහු මේ සියල්ලම අමතක කර දමා චිත්‍රපට නිර්මාණයටම සිත යොමුකර සිටිනවා. ඔහුගේ දියණියගේ සහාය ද දැන් නොඅඩුව ලැබෙනවා.
කට්රිනාගේ පිටුවේ රන්බීර්
‘ෆේස්බුක්’ වෙබ් අඩවිය මෙන් ‘ඉන්ස්ටග්‍රෑම්’ වෙබ් අඩවියත් දැන් ජනප්‍රියයි. ඉන්ස්ටග්‍රෑම් වෙබ් අඩවියට එක්වූ බොලිවුඩ් තරු රැසක් සිටිනවා. ඒත්, කට්රිනා කායිෆ් මෑතක් වන තුරුම මේ ඉන්ස්ටග්‍රෑම් ජාලයට එක්ව සිටියේ නැහැ. මීට සතියකට පමණ පෙර ඇයත් ඊට එක්වූ බව දැනගන්න ලැබුණා. කට්රිනාගේ ඉන්ස්ටග්‍රෑම් පිටුව විවර වීමෙන් පසුව ඊට ප්‍රතිචාර දක්වමින් විශාල පිරිසක් මේ වන විට සම්බන්ධ වී සිටිනවා. එය ආරම්භ කර දින දෙකක් ගතවෙද්දී ඊට සම්බන්ධ වූ රසික පිරිස 993ක් බවයි වාර්තා වෙන්නේ. එවැනි උණුසුම් ප්‍රතිචාරයක් ලැබීම නිසා කට්රිනා මේ දිනවල පසුවන්නේ දැඩි සතුටකින්. බොලිවුඩ්පුරයේ තරු පිරිවර තම ඉන්ස්ටග්‍රෑම් පිටුවට සම්බන්ධව සිටිනවානම් වඩාත් කැමැති බව කට්රිනා පවසනවා.
“අපේ හිතවත් නළු නිළියන් හුඟ දෙනෙක් කියන්නෙ අපි නම් ඔය ඉන්ස්ටග්‍රෑම්වලට සම්බන්ධ වෙලා නැහැ” කියලයි. නමුත් මම දන්නවා ඔහොම කියන අය හොර රහසේම එක එක්කෙනාගෙ ඉන්ස්ටග්‍රෑම්වලට සම්බන්ධ වෙලා ඒවායෙ තියෙන දේවල් අවුස්සලා බලනවා කියලා.” කට්රිනා පවසනවා. කට්රිනාගේ ඉන්ස්ටග්‍රෑම් පිටුව දියත් වූ දිනයේම එහි විශේෂ ඡායාරූපයක් පළවී තිබුණා. කාගේත් අවධානය දිනා ගත්තේ එයයි. ඒ, ඇගේ හිටපු පෙම්වතා වූ රන්බීර් කපූර් සහ ඇය පෙනී සිටින සෙල්ෆි ඡායාරූපයක්. මේ ඡායාරූපය ජංගම දුරකථනයට හසු කරගත්තේ ජනප්‍රිය නළු සයානි ගුප්තායි. මෙය රන්බීර් සහ කට්රිනාගේ පැරැණි ඡායාරූපයක් ද, අලුත් ඡායාරූපයක්දැයි හරියටම කියන්නට බැරි බවයි සමහරුන්ගේ මතය.
සනි ගේ ‘ෆනි’ විචාරය
සනි ලියොන් බොලිවුඩ් සිනමාවට එක්වුණේ ‘නරක නාමයක්’ සහිතවයි. නමුත් ඇය සිනමා නිළියක හැටියට ඉදිරියට ගමන් කරමින් සිටින්නේ පැසසුම් ලබමින්. පසුගියදා මේ සුරූපිනිය ක්‍රිකට් තරගයක විස්තර විචාරිකාවක ලෙස කටයුතු කළා. ඒ, අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ එක් තරගයක් වෙනුවෙන්. දස වැනි වතාවටත් පැවැත්වෙන මෙම ක්‍රිකට් තරගාවලියේ ‘කොල්කටා නයිට් රයිඩර්ස්’ සහ ‘කිංස් ලෙවන් පන්ජාබ්’ දෙපිල තරග වැදුණු දිනයේදීයි සනී ලියොන් එලෙස විස්තර විචාරයේ යෙදුණේ. (කොල්කටා නයිට් රයිඩර්ස් අයත් වන්නේ ශාරුක් ඛාන්ටයි. කිංස් ලෙවන් පන්ජාබ් අයිතිකාරිය ප්‍රීටි සින්ටායි.) මේ තරගයේ ප්‍රධාන විස්තර ප්‍රකාශකයා ලෙස කටයුතු කළේ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක විරෙන්දර් සෙවාග්. ඔහු ක්‍රිකට් තරග විස්තර ප්‍රකාශයටත් දස්කම් දක්වනවා. සමහරු සනි ලියොන්ව හඳුන්වන්නේ බොලිවුඩයේ ‘බේබි ඩෝල්’ හැටියටයි. නමුත් එදා ‘ෆෙරෝෂා කොට්ලා’ ක්‍රීඩාංගණයේ පැවැති අයි. පී. එල්. ක්‍රිකට් තරගයේ විස්තර කථනය කරද්දී නම් ඇය බෝනික්කකු වුණේ නැහැ. විරේන්දර් සෙවාග් පැවසුවේ ‘සනි එක්ක ‘ෆනි’ අත්දැකීමක් ලද බවයි.