
අද රසඳුන තුන්වැනි පිටුව ටිකක් සුවිශේෂීයි. ඒ චන්න පෙරේරා සහ ගයත්‍රී ඩයස් යන ජනප්‍රිය යුවළගේ ගේ ආදරණීය ලොකු දියණිය මලීෂා පාරින්ද්‍යා පෙරේරා අපේ කතා බහට එකතු කරගත් නිසා. ඒකට හේතුවක් තියෙනවා. අපිට දැන ගන්න ලැබුණු අලුත්ම ආරංචියේ හැටියට මලීෂා විදෙස්ගත වෙන්න සුදානමින් ඉන්නවා. මේ කතාවල ඇත්ත නැත්ත පිළිබඳව විමසන්න අපි ඇයව සොයාගෙන ගියා.
මලීෂා, අධ්‍යාපන කටයුතු නිසා කාර්යබහුල වෙලා වගෙයි?
ඔව්.උසස් අධ්‍යාපන කටයුතු නිසා වැඩ වැඩියි.
ඒත්, ඔබ විදෙස් ගත වෙන්න සුදානමින් ඉන්නවා කියන කතාව ඇත්තද?
මම තව මාස කිහිපයකින් විදෙස්ගත වෙන්න සුදානමින් ඉන්නවා. මම යන්නේ නම් degree එක සම්පුර්ණ කරන්න. මගේ එකම අරමුණත් ඒක.
මලීෂා මොන අංශයෙන්ද අධාපන කටයුතු කරන්නේ?
IT අංශයෙන්.
අම්මයි, තාත්තයි දෙන්නම කලා ක්ෂේත්‍රයේ සිටියදී ,ඇයි මෙවැනි ක්ෂේත්‍රයක් තෝරගත්තේ ?
මම පොඩි කාලයේ ඉඳන්ම රංගනයට ඒ තරම් ආසාවක් තිබුණේ නැහැ.අනික මම ඒ පැත්තෙන් දක්ෂත් නැහැ. මම වැඩිය කතා කරන කෙනෙක් නෙමෙයි. ඒ නිසා ඒ වගේ ෆීල්ඩ් එකකට මම ගැළපෙන්නේ නැහැ . මම IT ෆීල්ඩ් එකෙන් ඉදිරියට යන්න ගොඩක් ආසයි වගේම දැන් කාලේ ගොඩක් job opportunities ත් තියෙනවා.
උසස් අධ්‍යාපන කටයුතු අවසන් වුණාට පස්සේ කලා ක්ෂේත්‍රය තුළ දකින්න හැකියාව ලැබෙයි නේද?
අම්මිට ඉස්සර ඉඳන්ම අදහසක් තිබුණා වෙන රටකට ගිහින් නවතින්න. ඒ නිසා මම ආයේ ලංකාවට එන්න නම් අදහසක් නැහැ.අධ්‍යාපන කටයුතු අවසන් වුණු ගමන් මම IT ෆීල්ඩ් එකේ රැකියාවක් කරයි. අම්මිත් එහේ work කරන්න තමා හිතාගෙන ඉන්නේ. අම්මි සමහර නිර්මාණවලට මෙහෙ එයි. හැබැයි තාත්ති මෙහෙ ඉන්නේ. තාත්තිට වැඩ නිසා එන්න බැහැනේ. එහෙම වුණොත් තාත්තිගෙන් චුට්ටක් ඈත් වෙයි. ඒකට ඉතිං දුකයි.
මලීෂා ඔබට අවස්ථාවක් ලැබුණේ නැද්ද ,තාත්තගේ සිනමා නිර්මාණයකට දායක වෙන්න?
ගොඩක් චාන්සස් ලැබුණා. තාත්ති කියන්නේ, studies අවසන් කරගෙන ඉන්න කියලා.ඉදිරියේදී චාන්ස් එකක් ලැබුණොත් ඒ ගැන හිතනවා. හැබැයි තාත්ති ගේ බලාපොරොත්තුවක් තියෙනවා,එයාගේම සිනමා නිර්මාණයක් තුළින් මාව ක්ෂේත්‍රයට හඳුන්වා දෙන්න.
මතක ද ළමා නිළියක් විදියට රංගනයේ යෙදුණු අවස්ථාව?
ඔව්. ඒ මට අවුරුදු 10 දී. තාත්තිගේම ටෙලි නාට්‍යක් වන ‘ටිකිරි හපන්නු’ නාට්‍යයේ තමා රඟපාන්න ලැබුණේ. ඊට පස්සේ නම් කිසිම නිර්මාණයකට සම්බන්ධ වුණේ නැහැ. නැවත මම ක්ෂේත්‍රයට එන්න බලාපොරොත්තු වෙනවා නම්, මම කැමැතියි තාත්තිගේ නිර්මාණයකින් එන්න.
මලීෂා, ජනප්‍රියත්වයට අකැමැති කෙනෙක්ද?
ටිකක් එහෙම එකක් තියෙනවා.
හැබැයි රංගනය කෙසේ වෙතත් music පැත්තෙන් නම් ඉදිරියට එන්න අදහසක් තියෙනවලු නේද?
මියුසික් කරන්නේ මගේ විනෝදාංශයක් විදියට. මම කොහොමත් ආසයි singing පැත්තෙන් ඉදිරියට යන්න. මට ඒ පැත්තෙන් වැඩි දියුණු කරගන්න ගොඩක් තියෙනවා. හරියට ඒ දේවල් හදාගෙන මියුසික් පැත්තෙන් මොනවහරි දෙයක් කරන්නත් හිතාගෙන ඉන්නවා. මම ක්ෂේත්‍රයට එනවා නම් මම කැමැති රංගනය පැත්ත නෙමෙයි මියුසික් පැත්තෙන් එන්න. මොකද මම රංගනයට වඩා ගායනයට ආසයි. එහෙම අාවොත් අම්මි තාත්තියි නිසා ලොකු පිළිගැනීමක් ලැබෙයි.
ඒ කියන්නේ ළඟදීම අපිට මලීෂා ගේ ගීතයක් අහන්න ලැබේවි.
දැන්ම නම් නෙමෙයි. මගේ අධ්‍යාපන කටයුතු අවසන් වුණාට පස්සේ. කොහොමත් මියුසික් වීඩියෝ එකක් කරන්නත් අදහසක් තියෙනවා.