ප්‍රසා­දිනීගේ අලුත්ම ගීය ‘මං නුඹට ආදරේ තර­මට’ | Page 4 | සිළුමිණ

ප්‍රසා­දිනීගේ අලුත්ම ගීය ‘මං නුඹට ආදරේ තර­මට’

 

මං නුඹට ආදරේ තරමට

ස‍ෙඳ් නුඹ මට පෙම් කළාදෝ

නිදන නෙතු යුග රැ‍ඳෙන සිහිනෙක

හඬන මා සිත සොයයි ඔය රුව

ආදරෙයි මං ඒ තරම්

ආදරෙන් ළං ළංව තුරුළු කර

අපි අපේ වී ගෙවූ කාලය

එදා මතකය නොනිමි සිතුවිලි

මගේ සිත රිදවන තරම්

වේදනා ඇයි මේ තරම්

මං නුඹට...

නුඹට මා පමණයි කියූ ඔබ

අරුත සැඟවී ගිහින් නොදැනිම

සිත පුරා ඇඳි ප්‍රේම සිත්තම

පාට වියැකී ගොසින් රහසෙ ම

වේදනා ඇයි මේ තරම්

මං නුඹට...

ගායනය සහ පද රචනය - විශාරද ප්‍රසාදිනි යශෝධ්‍යා

 

සංගීතය - දිනේෂ් බෝගොඩ

 

සොඳුරු සමනල් වියේ ගීතය සමඟින් සංගීත ලොවට පිවිසි ප්‍රසාදිනි යශෝධ්‍යා නව පරපුර නියෝජනය කරමින් සංගීත ලෝකයේ ජය කෙහෙලි නැංවීමට සූදානමින් සිටියි. මං නුඹට ගීතය ඇගේ දෙවැනි ගීතය වන අතර පළමු මියුසික් වීඩියෝව වේ. මේ දිනවල නිතර ඇසෙන විරහ ගී රැල්ලට නිර්මාණය වූ මෙහි වීඩියෝව හොරණ ප්‍රදේශයේ රූගතකොට ඇත.

මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ ඔබට නැරැඹිය හැකි ප්‍රසාදිනිගේ නවතම ගීතයට පළමු ගීතයට වඩා ප්‍රතිචාර හිමිවන බව ඇය පවසයි. මිලාගිරිය ශාන්ත පාවුළු විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ප්‍රසාදිනි ළමා වියේ සිටම සංගීතය ලැදිව කටයුතු කළාය.

එමෙන් ම ඇය ගුවන් විදුලියේ බී ශ්‍රේණියේ ගායිකාවකි. 2012 වසරේ හොඳ ම ගායිකාව ලෙසින් ද අභිෂේක ලැබීය. පසුව සොඳුරු සමනල්වියේ නමැති සංයුක්ත තැටිය ද ඇය විසින් ඉදිරිපත් කරන ලදි.

 

 

Comments