විශෝධා | Page 2 | සිළුමිණ

විශෝධා

තායි යුව­තිය

Cathorsis


දුර බැහැර ගම­නක්
යන විටදි ගුවන් යාන­ය­කින්
මුණ ගැසිණ අහ­ම්බෙන්
තරුණ ගුවන් සේවි­කාව
ඇය තායි යුව­ති­යකි
මා සිත් පැහැ­ර­ගත්
ඇය මවෙත පැමිණ
විම­සුවා නෙක් තොර­තුරු
“මොන­වද කන්නේ...”
“මොන­වද බොන්නේ‍‍...”
“කොහේද මේ යන්නේ...”
“කුමක්ද කරන්නේ...”
“තනි­ව­මද යන්නේ...”
මම ද ඇය­ගෙන් විම­සු­වෙමි
සුහද ලෙස ඇගේ තොර­තුරු
ඇයද කීවා ඇගේ තොර­තුරු
කරු­ණා­බ­රිත ස්වර­යෙන්
“කළ හැකි­වේද මට
පොඩි උප­කා­ර­යක්”
ඇසු­වෙමි මම ඇගෙන්
“මොකක්ද ඔබ ඉල්ලන උප­කා­රය?”
“මා, මේ බීම බොන
මේ කුඩා වීදු­රුව
මට දෙන්ට පුළු­වන්ද?
ඔබ සිහි­වන ලෙසින්!”
“ඇයි බැරි
මම ගෙනැත් දෙන්නම්
මගේ ගානේ
අලුත් වීදු­රු­වක්
තවත් බීමක් සමඟ”
මගේ සිත පිනා ගිය
ඒ මොහොත
කෙසේ අම­තක වේද?
හිස් කළ ඒ වීදු­රුව
මම, තබා­ග­ත්තෙමි සුරැ­කිව
කාල­යක් තිස්සේ
මගේ පොත් අල්මා­රියේ
ඇය සිහි­වන පිණිස
ඉඳ­හිට මම අතට ගතිමි
ඒ කුඩා වීදු­රුව
යමි, කෙමෙන් දුරා­තී­ත­ය­කට
හිනැ­හෙන මුදු බොළඳ ඇය හමු­වී­මට

Comments