
මොන තරම් අධිවේග (High ways) මාර්ග ගමන් තිබුණත්, වායුසමීකරණ, නවීන සුඛෝපභෝගී වාහන ගමන් අද දවසෙ තිබුණත්, ඉන්ද්‍රචාපගෙ මතක සමීප රුප අතර ඇඳිල තියෙන ගල් අඟුරු දදා හොස් හොස් ගාගෙන රේල් පීලි උඩ දුවන කෝච්චි ගමනක සුන්දර මතකය අමතක කරන්නම බැරි තරම්. අඟුරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩ යකා කවුද කියලයි ඉස්කෝලෙ යන කාලෙ තේරවිල්ලකට ඇහුවෙ. ගමේ ඉඳලා පාන්දරින් මාතරට ඇවිත් මාතරින් රුහුණු කුමාරියෙ නැගලා උදේ නවය විතර වෙනකොට කොළඹ කොටුවෙන් බැහැපු අතීත දුම්රිය ගමන හරියට බොඳ වෙච්ච චිත්‍රයක් වගේ ඉන්ද්‍රචාපට. පාන්දරින් කෝපි විකුණන වෙළෙන්දෝ, උදේ පත්තර, ටොපි චොකලට්, එතකොට කවුළුවක් තියෙන පැත්තක වාඩිවෙලා මූදු වෙරළ නරඹමින් ආපු මාතර කොළඹ දුම්රිය ගමන ජීවිතේ සුන්දරම මතක අතර සමීප රූපයෙ නිදන්ගත වෙලා තියෙනවා ඉන්ද්‍රචාප දකිනවා. අඟුරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩ යකාගෙ සමීප රූපෙට නොදෙවැනි මෑත කාලයෙ සමීප රූපය ඉන්ද්‍රචාප දකින්නෙ අප්‍රේල් 22 සෙනසුරාදා උදේ වරුවෙ කොළඹ කොටුව ඉස්ටේසමේදී. වයිස් රෝයි ස්පෙෂල් (Viceroy Special) කොළඹ රඹුක්කන කොළඹ කොටුව වන් ඩේ ට්‍රැවල් ට්‍රිප් එකට එකතු වෙන්න කියල ඉන්ද්‍රචාපට ලැබුණු ආරාධනාවකින්. ආරාධනා කරල තිබුණෙ මාධ්‍යවලටම විතරයි. ආරාධනාව JFTours සමඟ SLR ශ්‍රී ලංකා රේල්වේස්.
උදේ නවයහමාර විතර වෙනකොට කොටුවෙ ඉස්ටේසමේ වේදිකාවෙ පිරිල හිටියෙ මාධ්‍ය නංගිලා මල්ලිලා අයියලත් ඉන්න ඇති. පත්තර, රේඩියෝ, ටීවී විතරක් නෙවි සෝෂල් මීඩියා කට්ටියත්. ඉන්ද්‍රචාපත් ඒ අතරෙ දෙවැනි වතාවට. අවුරුදු කීපයකට ඉස්සර 2011 දී විතර වයිස්රෝයි ස්පෙෂල් රඹුක්කන ගමනක් ගියේ විශේෂ ආරාධිත කට්ටියක් එක්ක, දිග කාලයක් නවත්තල තිබුණු වයිස්රෝයි ගල් අඟුරුවලින් දුවන දුම්රිය ආපහු පණ ගහලා ගමන් අරඹපු උත්සව චාරිකාවට එක්වෙමින්.
දන්න අඳුනන මීඩියා නංගිලා මල්ලිලා හුඟාක්. ඔවුන්ගෙන් එක්කෙනෙක් ඉන්ද්‍රචාපගෙන් අමුතු ප්‍රශ්නයක් අහනවා, කතාබහ අතරතුරේදි. මෙදා සැරේ ගමන තරමක අධ්‍යාපනික ගමනක් වගේ සංවිධාන කරල තිබුණෙ වයිස්රෝයි කෝච්චිය ගැන දන්නෙ නැති අයට දැනගන්න. අමතක වුණා, අර මීඩියා නංගි ඉන්ද්‍රචාපගෙන් අහනවා, ඉතින් ඇයි අයියා මොකද මේ ගමනට ආවෙ කියලා. ඉන්ද්‍රචාපට හිනා. මොන උත්තරයක් දෙන්න ද? ඉන්ද්‍රචාපගෙ උත්තරේ මේකයි. ‘මම දුම්රිය ගමන්වලට ආස කෙනෙක්. අනික මම ට්‍රැවල් රයිටිං Travel writing කරනවා කියලා. කෝච්චි ගමනට එකතු වෙන්න කලින් ඉඳලම Viceroy Special දුම්රිය ගැන දැනගෙන හිටියත්, මේ දෙවැනි ගමන සංවිධානය කරල තිබුණෙ වෙනත් හේතු කීපයක් නිසාත් බව දැනගන්නට ලැබුණෙ අපේ අතට දුන්නු පත්‍රිකාවෙ කාරණාවලින්. JFTours හා ශ්‍රී ලංකා දුම්රිය අතර තියෙන ප්‍රශ්න, රජය හා පුද්ගලික අංශෙ සමූහය ව්‍යාපාරයක් තියෙන්න පුළුවන්ද, JFToursලා දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවන්න තියෙනව කියන විශාල මුදල් පිළිබඳ විගණන විමසුම් ගැන මාධ්‍යවේදී සගයන්ට කරුණු පැහැදිලි කරල දුන්නෙ, දුම්රිය දෙපාර්තමේන්තුවෙ අතිරේක සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) නාලක බණ්ඩාර JF ටුවර්ස් වෙනුවෙන් එහි ප්‍රධානීන් වෙනුවෙන් පවිත්‍ර ප්‍රනාන්දු සමඟ ශීලා ප්‍රනාන්දු. මාධ්‍ය කට්ටියගෙ ප්‍රශ්න, JF ටුවර්ස්ලගෙ, දුම්රිය දෙපාර්තමේන්තුවෙ පිළිතුරු
බාල කාලෙ මාතර කොළඹ මූදු තීරෙ කෝච්චි ගමන වගේම ආසම තවත් කෝච්චි ගමනක් තමයි කොටුව, බදුල්ල දුම්රිය ගමන. ඒක වෙනමම අත්දැකීමක්. බිංගෙවල්, දියඇලි, තේ වතු මැදින් සුන්දර ගමනක් සීතල එක්ක. Viceroy Special අපූරු දුම්රිය ගමන් සංකල්පය, එංගලන්තයෙ ප්‍රකට ක්ලිපඩ් ජෝන් සංචාරක ජනමාධ්‍යවේදියා හා ලංකාවෙ, දුම්රිය පිළිබඳ ආසාවක් උනන්දුවක් ඇති හේමසිරි ප්‍රනාන්දු දෙදෙනගෙ හමුවීමක ප්‍රතිඵලයක්. කොළඹ රඹුක්කන ගමන කෙටි දුර ධාවනයක් වුණත්, කාලෙකින් කෝච්චියක යන්න ලැබුණු අත්දැකීමනම් හුඟාක් වටිනව කියල දැනුණා. එක මාධ්‍යවේදී මල්ලි කෙනෙක් කියනවා, ඒ ට්‍රිප් එක එයාගෙ පළමුවැනි කෝච්චි ගමන කියලා. වයිස්රෝයි ස්පෙෂල් වගේ දුම්රියක සංචාර, විදේශිකයන්ට විතරක් නෙවි දේශීය සංචාරකයන්ටත් සංවිධානය කරන්න බැරිද කියල මේ කෝච්චියට සම්බන්ධ දුම්රිය දෙපාර්තමේන්තුවෙනුත් JF Tours ලගෙනුත් ඉන්ද්‍රචාප අහනවා. Viceroy Special දෙවැනි ගමනත් ඉන්ද්‍රචාපගෙ මතකයෙ තියෙන පළමු ගමන වගේම සුන්දරයි, ගමන තව ටිකක් දිග වුණානම් කියන හැඟීමෙනුයි, කොටුව දුම්රිය ස්ථානයෙන් බැස්සෙ.