නගරයට සීමා වූ වේදිකා නාට්‍ය ගමට ගෙන යාම මගේ අරමුණයි | Page 3 | සිළුමිණ

නගරයට සීමා වූ වේදිකා නාට්‍ය ගමට ගෙන යාම මගේ අරමුණයි

 සුනිල් ශ්‍රී

අද බොහොමයක් නාට්‍යවලට සම්බන්ධ වූවන් පිළිබඳ කතා කිරීමේදී අපට ලැබෙන සුලබ පිළිතුරක් වන්නේ කලාව පවුලෙන්ම ලද දෙයක්ය යන පිළිතුරයි. නමුත් සුනිල් ශ්‍රී යනු ලංකාවට සම්බන්ධ කිසිවෙක් නොමැති පවුලක්න් කලාවට පැමිණ වේදිකාවේ දස්කම් දක්වන්නෙක් ලෙස හඳුන්වාදීමට පුළුවන්.

තොත්ත බබාලා, බර අවි, බූවල්ලා, සුනඛ කේසර, දෙයියන් පල්ලා, ආදී වේදිකා නාට්‍ය 17ක් නිර්මාණය කළ සුනිල් ශ්‍රීයන්ගේ 18 වන නිර්මාණය 'අං ආවෝ ' නමින් කරලියට පැමිණීම පසුගිය 06 වන දා ටවර් රඟහලේදී සිදුවිය. කුමාර තිරිමාදුර, නන්දන හෙට්ටිආරච්චි, හේමන්ත ඊරියගම, නිලන්ති ගුණවර්ධන, සංජානා පීරිස් ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් කිහිප දෙනෙකුගේම රංගන දායකත්වයෙන් රඟ දැක්වෙන 'අං ආවෝ ' නාට්‍යයද හාත්සෝත්පාදක නාට්‍යයක් නමුදු ගැඹුරු පණිවිඩයක්ද සහිතව කරළියට පැමි‍නේ.

අද බොහොමයක් නාට්‍ය සම්මාන උලෙළවල් ඉලක්ක කරගෙන නිර්මාණය වීමත් අදාල සම්මානය සඳහා ඉදිරිපත් කිරීමෙන් පසු දර්ශන තලයෙන් ඉවත්ව යාමත් සිදු වේ. නමුත් මගේ නාට්‍ය නිර්මාණය කරන්නේ සම්මාන ඉලක්ක කරගෙනම නොවේ. ඒ නිසා මගේ නාට්‍ය දර්ශනවාර එකක් දෙකක් නොවේ සිය ගණනක් පුරාවටම දර්ශනය කරන අතර නගරයට සීමා නොකර හැකිතාක් ගමටද ගෙන යාමට කටයුතු කරනවා. එමඟින් මා අපේක්ෂා කරන්නේ නගරයට සීමා වූ වේදිකා නාට්‍ය රස වින්දනය නගරයට සමානවම ගමටද ගෙන යාමයි. යනුවෙන් සුනිග් ශ්‍රී මහතා රසඳුනට පැවසීය.

අද බොහොමයක් වේදිකා නාට්‍ය නිර්මාණය කිරීමෙන් පසු ගම්වලට ගෙන යාම සඳහා පෞද්ගලික සංවිධායකයන් වෙත ලබා දෙනවා. එහිදී මැදිහත්කරුවන් බවට පත් වන සංවිධායකයන් ඉතා ඉහළ මිලක් සහිත ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම හරහා ගමේ සාමාන්‍ය ජනතාවට එහි වියදම දැරිය නොහැකි තත්ත්වයක පැවතීම සිදු වෙනවා. එම හේතුව නිසා වේදිකා නාට්‍යයට වගේම ගමේ ප්‍රේක්ෂකයන්ටත් සිදු වන්නේ විශාල අසාධාරණයක්. නමුත් සුනිල් මහතාගේ නාට්‍ය කිසි විටෙක බාහිර සංවිධායකයන් අතරට නොයවා ඔහුගේම දායකත්වයෙන් වේදිකා ගත කරන්නේ එකී වියදම අවම කරමින් ප්‍රේක්ෂකයන්ට ඉහළ රසස්වාදයක් මෙන්ම අඩු වියදමකින් ගමේ සිටින අයට වැඩි රසස්වාදයක් ලබා දීම අපේක්ෂාව බවද සුනිල් මහතා පැවසීය.

සුනිල් ශ්‍රී තම නාට්‍ය හරහා හාස්‍ය මෙන්ම කාලීන පණිවුඩයක් ද තම ප්‍රේක්ෂකයන් වෙත ගෙන යනු ලබයි. දශක තුනකටත් අධික කාලයක් පුරාවට වේදිකා නාට්‍යකරණයේ නියැළුණ සුනිල් ශ්‍රීයන්ගේ පරමාර්ථය වන්නේ තම නාට්‍ය නගරයට සාපේක්ෂව ගමට ද සහන මිලකට ගෙන යාමයි. එය ගමේ ජීවත්වන නාට්‍ය රසිකයන්ට යහපත් පුවතක් වෙතැයි සිතමි. ඒ පිළිබඳ තොරතුරු ලබා ගැනීමට 0778296312 අංකය ඇමතීමෙන් සුනිල් ශ්‍රී මහතා සම්බන්ධ කර ගත හැකිය.


ඉන්දීය නාට්‍ය වැඩමුළුවට හා කලාකරු බැංකුවට ආරාධනා...

සිංහල සංස්කෘතික ආයතනයේ නාට්‍ය අනු මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් මැයි 19සිට 23 දක්වා ඉන්දියාවේ පැවැත්වෙන ප්‍රවීන නාට්‍යවේදීන් මෙහෙය වන නාට්‍ය හා රංගනය ප්‍රායෝගික වැඩමුළුවකට සහභාගිවීම සඳහා උනන්දු 50දෙනෙකුට අවස්ථාව ලබාදෙන අතර මේ සඳහා පාසල් සහ පෙර පාසල් ගුරුවරු, ආධුනික හා ප්‍රවීණ නාට්‍යකරුවන් ඇතුළු උනන්දු අය 0112687979දුරකථනය අමතා වැඩි විස්තර ලබාගෙන හැකි ඉක්මනින් සම්මුඛ පරීක්ෂණයට පැමිණිය යුතුයි. වැඩි විස්තර සිංහල සංස්කෘතික ආයතනය, අංක 375,බෞද්ධාලෝක මාවත, කොළඹ 07.


සිංහබාහු මොරටුවේදි සහ පොල්ගහවෙලදි

මොරටුවේදි සහ පොල්ගහවෙලදි මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ විශිෂ්ඨතම නිර්මාණයක් වන අ.පො.ස (සා.පෙළ) සිංහල විෂය සඳහාද නිර්දේශකර ඇති සිංහබාහු නාට්‍යයේ විශේෂ දර්ශන දෙකක් මැයි මස 19වන සිකුරාදා පෙ.ව 8.15ට සහ 11.00ට මොරටුව බෞද්ධ මන්දිරයේදි ද, මැයි මස 24වන බදාදා පෙ.ව 8.15ට සහ11.00ට පොල්ගහවෙල නගර ශාලාවේදිද වේදිකාගත කිරීමට කටයුතු යොදා ඇත.සිංහබාහු නාට්‍යයේ ප්‍රධාන සංවිධායක ලෙස ජූඩ්. ශ්‍රිමාල් කටයුතු කරයි.


සිකියුරිටි සින්නතම්බි දෙවර්ශ පූර්ණ රංගන සම්මාන උළෙල

අසෝක සෙනරත්මුදලිගේ විසින් නිර්මාණය කරන ලද සිකුයුරිටි සින්නතම්බි වේදිකා නාට්‍යයේ දෙවර්ශපූර්ණ රංගනය වෙනුවෙන් හා එහි සින්නතම්බිගෙ චරිතය රඟපෑ ජනප්‍රිය ගායක නළු දීපාල් සිල්වාට උපහාරයක් වශයෙන්ද සියළුම නළු නිළියන් හට පසුගිය සම්මාන පිදීමක් නාට්‍ය නිෂ්පාදක අසෝක විසින් සිදු කරන ලදි. මෙහිදී විශේෂ සම්මාන 3ක්, 57වසරක් කලා කටයුතු නියැලී සිටින සඳුන් විජේසිරි හා 50වසරක් කලා කටයුතුවල නියැලී සිටින ප්‍රසන්න ෆොන්සේකාටත් අසෝක වසර කිහිපයකට පෙර නිර්මාණය කළ සාජන් සින්නතම්බි වේදිකා නාට්‍යයේ ප්‍රථම වරට හා අවසන් වරට රඟ පෑ ජනප්‍රිය චිත්‍රපටි රූපවාහිනි හා සටන් නළු විල්සන් කරුණාරත්න මහතා වෙත එදින සම්මාන පිරිනමන ලදි.

දීපාල් සිල්වාට හිමි සම්මානය ඔහුගේ බිරිද කුසුම් සිල්වා මහත්මිය විසින් සෙනාලි ෆොන්සේකාට පිරිනැමූ අයුරු.

 


අලුත් හොරෙක් ඕනෑ

අජිත් මෙන්ඩිස් විසින් අධ්‍යක්ෂණය කරන ලද ප්‍රබල හාස්‍යක් රැගත් නිර්මාණයක් වන අලුත් හොරෙක් ඕනෑ නාට්‍යයේ දර්ශන රැසක් වයි. එම්. බී රඟහලේදි මැයි මස 21ඉරිදා සවස 3.30ට සහ 6.45ට වත්තල වායුසමණයකළ නගර ශාලාවේදී ද මැයි මස 26 සිකුරාදා සවස 2.30ට සහ 6.30ට නාත්තණ්ඩිය නගර ශාලාවේදිද වේදිකා ගත කෙරේ. 

Comments