විශෝධා | සිළුමිණ

විශෝධා

පිය­ගැ­ට­පෙල

එක හා සමාන පාසල් දෙකක
ඉගෙ­නුම ලැබු­වෙමු
එක හා සමාන සර­සවි දෙකක
ඉගෙ­නුම ලැබු­වෙ­මු‍
­එක හා සමාන රැකියා දෙකක
නියැළී සිටි­යෙමු

එහෙත් පිය ගැට පෙළේ නිත­රම
මා පහළ සිටින විට
ඔහු නැඟ ගනියි ඉක්ම­නින් ඉක්ම­නින්
හිස් මුදු­න­ටම පහ­සු­වෙන්
ඉන් පසුව මා දෙස බලා හිනැහී
පව­සන දේ විටෙක
මට ඇසෙ­යිද?
මා පහළ සිට
ඔහුට පැවැසූ දේ ඇසෙ­යිද?

මා පහළ සිටි­යදී වතා­වක්
ඔහු ඇද වැටිණ පහ­ළට
මට අල්ලාගත නොහැකි විය
ඔහු වැතිර සිටි­යේ‍
­දැව කඳක් සේ පති­තව
මට මතක එප­ම­ණකි

කාලය ගත විය නොදැ­නීම
මම, හිඳ­ගෙන සිටිමි අසු­නක
කල්ප­නාවේ තත්ප­රව
ඔහු හා මා යන ගිය ගමන
දැන් කෙළ­ව­රක් වී ඇත්ද?
ආව­ර්ජ­නා­වක් පම­ණකි
ඉති­රිව ඇත්තේ, හිස් කුහ­ර­යක් විණ

Comments