කවි කල්පනා | සිළුමිණ

කවි කල්පනා

ආග­ම­නය

කන්ද ‍උඩරට මුව වි‍ට
සුදෝ­සුදු සිරි­යාවි දකු­ණට
සේන්දු විය නෑක­ම­ට‍
­කොහේ සිට දේවිය ද නුඹ මට
අකුරු කර පර­තෙ­රට
ඉගෙ­නු­මට ශිල්ප දරු­වන්ට
වියළි බිම කත­ර­ගම් නුවර
මුණගැසුණු අයුරු එ දවස
පැමිණ රාජ සේවෙට
සොර­කම් කර මගේ සිත
දෛවයේ පුරුදු විල­ස­ට‍
­එ­කතු වුණි එක වහ­ලක් යටට
කොහේ සිටි කුමු­දු­නිය ද නුඹ‍
­ජී­වි­තයේ සර­තැස නිවී­ම­ට‍
­ඔ­බම පම­ණක් දන්න
නොද­න්නවා වගේ මම ඉන්න
වන­පස මලින් අතු ඉති
සරත් කල සොඳුරු කළ හැටි
තරම් නොම වෙයි මා හට
මට ම පුදු­මයි මගේ සිත

නිහාල් රංජිත් කොඩි­තු­වක්කු


හිම සිහින

පුළුන් වලා කැටි බේරෙන
හිම වැස්සේ සීතල පොද
උණු­හුම සොයනා රිසි­යෙ­න්
­හංස පියා­පත් තුරුලේ...

මුව මඬලේ අසි­රිය විඳ
රසෝ­ඝ­යක මා සිත් වැද
සොයන සිහින උන්මාදෙන්
යයි ඈතට පියඹා...

මලක් වෙලා හිම සය­නේ‍
­නි­ද­න්නට ඇහැක් නම් මට
මේ ලොව කෙත­රම් සොඳුරු ද
හිත හොර රහ­සෙම කීවා...

රැය දිගු වී අන­න්ත­යට
පෙම උතුරා පිටාර යන
ජීවි­තයේ මල් වැස්සට
හීන් සීරු­වෙම තෙමුණා...

නිශාන්ත පීරිස්


පැවිදි පුතුට

උපා­ධියේ ලෝගුව නුඹෙ ගත සැර­සු­වදා
සතුටු කඳුළු අබි­යස නුඹ මගෙ පා යුග වැන්දා
කහ සිවුරු දරන් මහණ වෙසින් නි‍ෙව­සට වැඩි දා
නෙත කඳුළු ලොවට සඟවා නුඹෙ පා යුග වැන්දා

ගත දහ­ඩිය වැය කෙරුවේ රජෙකු කර­න්නයි
පුත නුඹ අද නතර වුණේ ආරා­ම­ය­කයි
වය­සයි නුඹෙ දෙමා­පි­යන් අත මිට සරු නෑ
බුදු පුතුගෙ සුවඳ දැනෙන විට දි හිතට දුකක් නෑ

සර­සවි බිම නුඹෙ සිත්මල් මිලින වුණාද
සතර වරිගෙ ගොඩ දමන්න පෙරුම් පිරු­වද
හිතට දුකයි පිය සෙනෙ­හස නුඹට අහි­මිද
දුකට ලියන මේ කවි­පද නුඹට පෙනේ­විද


ජය­සේන කොඩි­තු­වක්කු


පිංතා­ලිය හන්දිය

බිලි නොවී උදක රකු­සුට
නොබැස නළ­පාන පොකු­ණට
රජ මාලි­ගා­වට
මන්ත්‍රණ සභා­වට
මීරි සීතෝ­දක
සැප­යු­මෙනි පැණ­වත්
දියා­ලුවො සිරි­මත්
සුරැකි දිවි­කල් උල්පත්
විරැ­කි­යා­වෙන් පසු­වෙත්
කර­ත්තෙන් දැන් වතුර නොඅ­දිත්
නොසි­ටියේ වී නම්
­ද­ළදා හාමු­දු­රු­වන්
දිය­ව­ඩන නිල­මෙත්
මහ­ම­ඟය දැන­ටත්
රට වටැති මුහු­ද­ත්
­අ­නෙක ගං‍ හෝ කඳු­රුත්
රකින වැහි ළිහි­ණිත්
වැසි පිරිත් කියු­වත්
නුවරු ගම්වැසි කවු­රුත්
බෝතල් වතුර ඉල්ලත්
තැන නොතැන කොතැ­නත්
ප්ලාස්ටික් හැව අරිත්
පිංතා­ලිය හන්දියේ
තිබූ පිංතා­ලිය
රැගෙන ගිය ‍ෙචෟරය
දැන් ඉතින් කොහො­මත්
හන්දියේ උප්පැ­න්නය
අලු­තෙන් ලිවිය යුතු ම ය
හිස් ම හිස් බඳු­නක්
හන්දි­යට අසුබ ය

රංජිත් මල්ලි­යා­වඩු


බිරි­යක් වැල­පෙයි


දුක, සැප, සතුට කඳු­ළද එක­වි­ලස විඳී
මත­කයෙ තබා පිදු සෙනෙ­හස් දමෙන් මිදී
ඔබ ගිය පසුව හැර වෙන හද­ව­තක බැඳී
විසිරී ගිහින් තැනු පෙම් මන්දි­රය බිඳී

මන­මා­ලි­යක වී තුරු­ලට ආ දවසේ
විළි­බර විලස විඳි සුව කුලු­ඳුල් පහසේ
කොඳුරා කී කතා සෙනෙ­හස ගැන රහසේ
බිතු සිතු­ව­මක් ලෙස ඇඳුණා මගෙ මනසේ

දෙහදේ පිපුණි පෙම්මල් සිත සුවඳ කරන්
දැනුණා සිතට සැන­සුම මහ සයුර කරන්
මගෙ සිත අත රැගෙන දිවි මග යනෙන ගමන්
ඇයි? නුඹ විවර කෙරුවේ වෙන සිතක විමන්

පැතු­මන් අප පැතූ පෙර දිවි සඳැල්ලේ
පිනි­බි­ඳු­වක් වුණා රැඳි මල් පියල්ලේ
දරු පැට­වුන් සමඟ තනි­කර කැදැල්ලේ
ඉව­තට ගියේ ඉගිළී ඇයි? නිදැල්ලේ

පියඹා ගියත් සිත­ ගත වෙන අතක අරන්
දරු සෙනෙ­හස පියෙකු සතු මහ මෙරක තරන්
එන­තුරු තිමිර පට­ලය නෙත රැඳුණ ඉරන්
හිඳි­නෙමි කැදැල්ලේ දොර­ටුව විවර කරන්

රූපානි කැකු­ලා­වල


ආද­ර­යක හැටි

අම­තක කෙරු­වට
අම­තක වෙන්නැති
මත­කය තාමත් හිත රිද­වයි
ද‍ෑසට කඳු­ළැලි අර­ගෙන ආවත්
ඒ මත­කය තාමත් මිහි­රියි
අප දෙදෙ­නා­ටම අපව අහිමි කළ
දෛවයෙ සර­දම හරි පුදු­මයි
මා සිත දන්නව ඔබේ සිත දන්නවතාමත් අප අප ගැනම හිතයි
අනු­නට හිමි වුණු අපට අහිමි වුණු
ආද­ර­යක හැටි ඔහොම තමයි


මංජුලා ක්‍රිශාන්ති මෙන්ඩිස්


ඔබ

සුවඳ දී ආදර හැඟුම් ළය
සිය­ප­තක් විය හද­විලේ ඔබ
ජීවිතේ ගිම් නිවා දම­මින්
සෙනෙ­හසේ මහ සයුර වූ ඔබ

සයුරු වෙර­ළක හුදෙ­ක­ලාවේ
ගතට තුරුලු ව සෙනෙහෙ පැතු ඔබ
ආල­යෙන් පිරි කවි ලිය­න්නට
දිරිය පන්හිඳ අතට දුන් ඔබ

බැඳී අතැ­ඟිලි ගෙවා ආ මඟ
බෙදා සෙනෙ­හස පියකු ව‍ූ ඔබ
සියලු දුක් මහ මෙරක් සේ ගෙන
නිබඳ ඇගෙ සෙව­ණැල්ල වූ ඔබ

ඉසුරු සොය­නට කතර ගිය සඳ‍
­දවා විජි­තය විමන් තැනු ඔබ
සරා අසු­රක රසය විඳි­මින්
ඇයව හැරදා පලා ගිය ඔබ

ඔරු කඳක් විය හබල ගිලි­හුණ
ලිහි­ණි­යෙක් විය තටු සිඳී ගිය
මල් මැලව ගිය සිරි යහන මත
තනි වූ මිනි­සෙකි ඒත් ඔබ විය

උත්තරා කුමාරි රණ­සිංහ


නුඹ

ජීවිත මල් උයනේ පිපී
මගේ දිවිය සුවඳ කළ
කිසිදා මිලාන නොවන
දසත හමන සුවඳ
කුසුම නුඹ

මන­හර මහින්ද
මඟ බල­මින් උන්නා
හෙව­ණැලි කෙටි වී යළි දික්වන තුරු
කොස් ගහ අස්සෙන් ඉර හැංගෙන තුරු
සිදා­දි­යට ගිය අම්මා එන ­තුරු
මඟ බල­මින් උන්නා

රතෙන් උලා වත්සුනු වන කොපු­ලක
කොහෝ කොහෝ යැයි ගී ගයනා විට
අත්තම්මා එන­තුරු ගුරු පාරෙ­න්
­මඟ බල­මින් උන්නා

විභාග ප්‍රති­ඵල නෑසිය තොර­තුරු
රැකි­යා­වට යන ලිය­මන ඒවිද?
තැපැල් මල්ල ගෙන බස් එක එන­ තුරු
මඟ බල­මින් උන්නා

මරු වැල පෑගුණු විලියොන් මාමගෙ
තොර­තුරු එන ­තුරු ඉස්පි­රි­තා­ලෙන්
රෑහි හඬන රෑ අඳු­රම විනි­විද
මඟ බල­මින් උන්නා

මළගම­කට ගිය තාත්ත එන­ තුරු
ඈත නිම්න­යට දෑස යොමා­ගෙන
හුළු අත්තක එළි­යක් හෙල­වේ­දැයි
මඟ බල­මින් උන්නා

එහෙව් සංහි­ඳම පාගා පොඩි­ කර
‘මොබ­යිල්’ එක ඇවි­දින් අප අත­රට
කොසොල් රජුට අම­තක වූ හීනය
අපට කියා දුන්නා


පද්මිණි ශ්‍රියා­ලතා


උදු­ම්බ­රා­වනි

සිතුම් පැතුම් දහ­සක් දේ ලැබ­ගන්න
උදු­ම්බ­රා­වෙනි සර­සවි පිළි­පන්න
අන­න්ත­වත් දේ ඇත මට පව­සන්න
අපේ සිතුම් පෑහේ­විද නොබි­‍ෙඳන්න

දිඹුල් ගහට නැග නොඉ­ඳුල් ගෙඩි කෑම
ලේසි පාසු වේවිද මතු හැම දාම
සදා­ත­නික සිත නිසි ලෙස නොදැ­නීම
පටන් ගන්නෙ කෝමද අතුරේ යෑම

අන­න්ත­වත් දේ පොදි බැඳ­ගෙන ආව
පැතුම් ගොඩක් නෑ කුම­රිය මා ගාව
උතුම් සිතක නොබිඳී තිබු හැදි­යාව
වසන් වුණේ නෑ ඔ‍ෙබ රූපය ගාව

ගුරුන් තනන සිත නොබිඳා හැම දාම
හොඳින් අකුරු කෙරු­වෙමි සුපු­රුදු සේම
වසන් කළ නමුත් සිත ඇති තතු බෝම
වැළැ­ක්වීමි ගොර සපු­නගෙ ළං වීම

සුග­න්ද­යෙන් පිරි නොඉ­ඳුල් මලක් වෙලා
පිපෙන්න දේවිය දස දෙස නුවන් සලා
අහ­ම්බ­යක් සේ ළං වුණු සිතුම් වලා
වසන් වෙලා යයි රෑ සිහි­න­යක් වෙලා

සිහිල් සේද සළු පිළි ඇඟ දව­ටාන
පුරා සඳක් වනු මැන ඉඳ­හිට පේන
බිඳක් විත­ර­වත් මත­කයෙ රඳ වාන
ඉතින් සිනා සීයන් දැක සුබ සීන

සෝම­රත්න හර­ස්ගම


දැඩි නොවෙමි යළි


හිමි­දිරි උදයේ වැසුණු කවු­ළු­වෙන්
අඩ­වන් ද‍ෑසින් බැලු­වෙමි හෙමි­හිට
අපූරු දැකු­මක් මින් පෙර නුදු­ටුව
දිස් විය කවු­ළුවෙ වීදු­රු­වක් මත

දුටු මන­තින් එය පිවි­සුණි හද­වතෙ
සර­ස­වියේ මා ළඟ හුන් ඔබ රුව
තුසර බිංදු රැඳි නිලු­පුල් පෙති­ මෙන්
සිහි­ විය ඔබෙ නෙත කඳු‍ළු පිරූ බව

මෙවන් උදා­සන දුටු ඒ දසු­නෙ­න්
­නැ­ව­තත් සිහි­ග­න්වා­ලයි මසි­තට
ඉන් පසු මාහද ඔබට කියූ දෙය
කිසි­විට නෑසුණ මුත් ඔබෙ සව­නට

රැයක් පුරා රැඳි සීතල පිනි­බිඳු
හෙමින් සීරුවේ වැල­පෙනු දුටු­වෙමි
වීදුරු කවු­ළුවෙ පහ­ළට රූරා
සිහින් සරෙන් පැන යන හඬ ඇ‍සුවෙමි

අමිතා කුමාරි දිවා­රත්න



වරද නුඹ අත නොවේ

දෑල ඉවු­රම බිඳී යා නම්
ගං දියේ දැඩි රළු බවින්
මඳ නලේ නුඹ කුමක් කරනු ද
හමා යනු මිස ගඟට ඉහ­ළින්
හිරුගෙ රැස් වැද මැකී යා නම්
දිලෙන පිනි කැට මොහො­ත­කින්
ස‍ඳේ වැළැ­කිය හැකිද නුඹ හට
බලා ඉනු මිස වලා අත­රින්
වසත් කාලය නිමා වේ නම්
උදා වූ ගිම්හා­න­යෙන්
යළිත් මල්බර සමය ඒවිද?
විහඟ දුක් ගී සර මැදින්
මාල මුතු වැල් පැලඳ රන් දම්
සේල ඇන්දත් මට හොරෙන්
වරද නුඹ අත නොවේ සොඳු­රිය
යන්න අව­සර සුබ ගමන්

ගුණ­දාස බමු­ණු­ආ­රච්චි


නග්නව

නිරු­වත් වෙමි ඔබ වෙනු­වෙන්
වත් උනනු පමණ නොව
පාමි මුළු ආත්ම­යම
මගේ කෙලෙ­සුණු සිත් ප්‍රභා තුළින්
නිරු­වත් වෙමි ඔබ වෙනු­වෙන්

ඔබ මා දැන­ගනු මට අවැ­සිය
මුළු­ම­නින් ම ඇතු­ළ­ටම පැමිණ
අර­ඹමි මම ඔබ සමඟ
නිරු­වත් වෙමි ඔබ වෙනු­වෙන්

බලන්න මේ මගේ කැළල
මා දියණි මා ගැබින්
නික්මුණ තැනක සැදුණ
නිරු­වත් වෙමි ඔබ වෙනු­වෙන්

තබන්න ඔබ අත මා හද මත‍
­ඇ­ර­ඹු­මක් ගත යුතුය ඔබ
මා වේදනා දැන­ග­න්නට
නිරු­වත් වෙමි ඔබ වෙනු­වෙන්

ඉතින් ඔබට දැකිය හැකිය මා ආත්ම­ය‍
­සහ එය වටා ඇති පවුර
නඟිනු හැකි ද ඔබට?
නිරු­වත් වෙමි ඔබ වෙනු­වෙන්

බලන්න, මා මොළය දෙස
චතුර වදන් හා බුද්ධිය
රකින්න මා තුළ සිටින ළමයා
නිරු­වත් වෙමි ඔබ වෙනු­වෙන්

ඔබට මා අවැසි වෙනු මට අවැ­සිය
නිමැ­වුම් මෙව­ලම් ඔබ අතය
මා නිද­හස් කිරීම අර­ඹන්න

වයඹ දිග අය­ර්ල­න්තයේ මුහු­දට සමීප කුඩා ගමක 1959 වර්ෂයේ උපන් ජීන් මරේ, 7 දෙදනකුගෙන් යුත් පවු­ලක මැද දරුවා ය.

ඖෂ­ධ­වේ­දි­යකු මෙන් ම සංගී­ත­ඥ­යකු ද වූ පියා සංගී­ත­යට අදා­ළව සාප්පු­වක් පව­ත්වා­ගෙන ගිය අතර, ජීන්ගේ මව ඖෂධ අලෙ­වි­ස­ලක් පව­ත්වා­ගෙන ගියා ය.
වෘත්ති­යෙන් වින්නඹු මවක වන ජීන්, අවු­රුදු 23කට පසු බිඳ වැටුණු විවා­හ­ය­කින් ලද දිය­ණි­යන් තිදෙ­නකු සමඟ දිවි ගෙව­න්නීය. විවා­හය අස­තු­ටු­දා­යක වූ බව කියන ජීන්, කවි ලිවීම ඇර­ඹුවේ විවා­හය බිඳ වැටුණු පසුව බවත්, කවි­ත්වය තම පියා­ගෙන් ලද තිළි­ණ­යක් ලෙස සිතන බවක් පව­ස­න්නීය.

මේ කව නිමැවී ඇත්තේ, පුරු­ෂ­යකු වෙත ගැහැ­නි­යක කරන සංවේදී හා සියුම් ඇම­තු­මක විලා­ස­යෙනි. දෙප­ළගේ සබ­ඳ­තාව ෙකබ­න්දක් දැයි එක පැහැර අල්ලා­ගනු නොහැකි වුව ද එය අති­ශ­යින් සමීප එකක් බව නිසැ­කය. ඇගේ ප්‍රකා­ශ­නය බෙහෙ­වින් ව්‍යංග්‍යා­ත්මය ජීවන තොර­තුරු සල­කන කල, මෙය කිවි­ඳි­යගේ නිර්ව්‍යාජ ආත්මීය ප්‍රකා­ශ­න­යක් වන්නට ද පිළි­වන.


පරි­ව­ර්ත­නය හා සට­හන
දේ.වි. ගාල්ලගේ


ලන්ඩන් අහස

සඳ­වත වැසිලා වලා­ව­කින්
­කු­ණා­ටු­වක පෙර නිමිති වගෙයි
දෙනෙ­තින් විදුලි කොටයි
මේඝ ගර්ජ­නාද ඇසෙයි
එසැ­ණින් කඩා ‍හැලෙයි
වැස්ස වැටෙයි දෙනෙ­තින් රූරා
මොහො­තින් නිස­සල වෙයි
ළා හිරු පායා එයි
ඇ‍ෙග වත පැහැ­බර වී
ටික ටික අව්ව වැටෙයි
ලන්ඩන් අහස වගෙයි
වැස්සක් නොවැ­ටුණ ගානයි

ආරි­ය­රත්න ජය­සිංහ

Comments