
කරිස්මා - සන්ජේ තවත් දීග 2ක් දෙදරවයි
බොලිවුඩ්පුරයේ විවාහ ජීවිත කඩා වැටෙන සිදුවීම් පසුගිය කාලය පුරාම අහන්නට ලැබුණා. මේවා එක්තරා අන්දමක ඛේදවාචක ලෙස හැඳින්වූවත් වරදක් නැහැ. එවැනි අභාග්‍යයකට මුහුණ දී සිටින සුපිරි නිළියක් තමයි, කරිස්මා කපූර්. ඇය, 2003 දී සන්ජේ කපූර් නම්වූ ව්‍යාපාරිකයා සමඟ යුගදිවි ගමන් ඇරැඹුවා.
කෙටි කාලයකින්ම ඒ විවාහය අසාර්ථක බව කාටත් වැටහුණා. දරුවන් දෙදෙනකුගේ මවුපියන් වූ ඔවුන් දෙදෙනා ජීවත් වූයේ එක වහලක් යට නොවෙයි. පසුගිය සතියේ ඔවුන්ගේ විවාහය නිල වශයෙන් කෙළවර වූ වග ප්‍රකාශයට පත්වුණා.
කරිස්මාගෙන් වෙන්වූ සන්ජේ, ප්‍රියා සච්දේව් නම්වූ දීර්ඝ කාලයක් තමන් ඇසුරු කළ තැනැත්තිය සමඟ විවාහ වී තිබෙනවා. ඇය ඊට කලින් විවාහ වී සිටියේ ඉන්දීය - ඇමෙරිකානු හෝටල් ව්‍යාපාරිකයකු වූ වික්‍රම් චට්වාල් සමඟයි. ඔහුගෙන් වෙන්ව සිටි ප්‍රියා, සන්ජේගේ අත ගත්තේ නිහඬ විවාහ මංගල්‍යයකදී බවයි පැවසෙන්නේ.
සන්ජේගෙන් වෙන්ව ජීවත්වූ කාලයේදී කරිස්මා වෙනත් සබඳකමකට මුල පිරුවා. ඇය සමීප වී සිටියේ සන්දීප් ටොෂ්නිවාල් නම්වූ ව්‍යාපාරිකයාටයි. ඔහු ද තම විවාහ ජීවිතය අසාර්ථක කර ගත් අයෙක්. සන්දීප් විවාහ කරගෙන සිටියේ අශ්රිටා නම්වූ වෛද්‍යවරියයි. සන්දීප් සහ අශ්රිටා දරුවන් දෙදෙනකුගේ මවුපියන්.
සන්ජේ, අශ්රිටාගෙන් වෙන්වීමට උත්සාහ කළත් ඇය එයට ඉඩ දුන්නේ නැහැ. ඒ නිසා සන්දීප්ට කරිස්මාව නීත්‍යනුකූලව විවාහ කරගන්නට නොහැකි වුණා. නමුත් මෑතකදී අශ්රිටා, සන්දීප්ගෙන් නීත්‍යනුකූලව වෙන් වුණා.
ඒ අනුව අධිකරණයෙන් සන්දීප්ට නියම වුණේ අශ්රිටා වෙත රුපියල් කෝටි දෙකක් සහ දරු දෙදෙනාගෙන් එක් අයකුට රුපියල් කෝටි තුන බැගින් වන්දි ගෙවන ලෙසයි. අධිකරණයෙන් නැවත දන්වන තුරු දරුවන් දෙදෙනා අශ්රිටාගේ රැකවරණයට භාර කරන්නැයි ද නියම වුණා. සන්දීප්ගෙන් වෙන්වුණු අශ්රිටා ඔහුට චෝදනා කරමින් පැවසුවේ ඔහු පරදාර සේවනයෙහි යෙදුණු බවයි. සන්දීප්ගේ නීතිඥයන් එයට පිළිතුරු දෙමින් පැවසුවේ එය මුසාවක් බවයි.
‘භබි’ට නවාතැන් බැහැ
ලෝකයේ කොයි මුල්ලකට ගියත්, දැන් බිපාෂා බාසු තනිවම යන්නෙ නැහැ. තමන්ගේ ආදර සැමියා, කරන් සිං ග්‍රෝවර් සමඟ තමයි ඇය යන්නෙ. දෙදෙනාගේ විවාහයෙන් පස්සෙ මේ බැඳීම් වැඩිවෙලා.
චිත්‍රපට රූගත කිරීමකට ගියත් බිපාෂා යන්නෙ සැමියා එක්කයි. ඔහුගේ රූගත කිරීමකටත් බිපාෂා නොවැරදීම යනවා. මේ එකමුතුකම, මේ සබැඳියාව ඇතැම් අයට කරදරයක් බවට පත්වූ අවස්ථාවනුත් නැතුවා නොවෙයි. මෑතකදී විදේශ රටවල් කිහිපයක පැවැත්වුණු ප්‍රසංග මාලාවන් රැසකට බිපාෂාට පමණක් ඇරයුම් ලැබී තිබුණත් ඇය ඒ ගමනට තම සැමියාවත් එක්කර ගත්තා.
ඉන් පසුව ඇය ප්‍රසංග සංවිධායකයන්ට දැනුම් දුන්නේ තමන්ට ලබා දෙන නවාතැන් පහසුකම් සැමියාට ද ලබාදෙන ලෙසයි. ඒ ඉල්ලීම නිසා සංවිධායකයන් සහ බිපාෂා අතර මතභේදකාරී තත්ත්වයක් ද ඇතිවුණා.
පසුගියදා තවත් එවැනිම දෙයක් සිදුවී තිබෙනවා. එය ද විදේශ ප්‍රසංගයක් හා සම්බන්ධ වූවක්. සල්මන් ඛාන්ගේ ‘ඩා - බාන්ග්’ නම්වූ ප්‍රසංග මාලාවට සහභාගි වීමට. බිපාෂාට ද ඇරයුමක් ලැබීමෙන් පසුවයි, මේ ප්රශ්නය ඇතිවුණේ.
එම ප්‍රසංගයට කැමැත්ත පළ කළ බිපාෂා, ඊළඟට සුපුරුදු ඉල්ලීම ඉදිරිපත් කළා. ඒ, තම සැමියාට ද විශේෂ නවාතැන් පහසුකම් සලසන ලෙසයි. නමුත් එවැනි පහසුකම් කරන් සිං ග්‍රෝවර්ට සැලසිය නොහැකි යැයි සංවිධායකයන් හැරෙන තැපෑලෙන්ම බිපාෂාට දන්වලා. ප්‍රසංග මාලාවට එක්වීමට කැමැති නම් තනිවම පැමිණෙන්නැයි බිපාෂාට ප්‍රසංග සංවිධායකයන් දන්වා තිබෙනවාලු.
අයි. පී. එල්. සාදයේදී කයි කතන්දර
නැවුම් මල් කැකුළක් බඳු ජාන්වි කපූර් කාගේ කවුරුන්දැයි සිනමා රසිකයන් හඳුනනවා. ඇය බොලිවුඩ් තිරය ඔපවත් කළ ශ්‍රී දේවි සහ බොනී කපූර්ගේ වැඩිමල් දියණියයි. ජාන්වි, බොලිවුඩ්පුරයට පා තබන්නටත් පෙර බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත්තා.
විවිධ මාධ්‍යවල ‘ප්‍රධාන ශිර්ෂ පාඨයක්’ බවටත් පත්වුණා. ඇය රඟන කුලුඳුල් චිත්‍රපටය කුමක්දැයි අනුමාන කරමින් එක පැත්තකින් ඇගේ නම සඳහන් වුණා. ඇගේ ආදරවන්තයා කවුරුන්දැයි යනුවෙන් තවත් කතාබහකට මාධ්‍ය ලෝකය මුල පිරුවා. මේවා හුදු කටකතා මිසක සැබෑ ආරංචි නොවන බවයි, ටික කාලයක් ගත වෙද්දී කාටත් වැටහුණේ.
කොහොම වෙතත් මෑතකදී පැවැති සුපිරි සාදයක් නිසා ජාන්විට තවත් කටකතාවක් හැදිලා. මේ සාදය පැවැත්වුණේ ධනවතකු වන මුකේෂ් අම්බානිගේ නිවෙසේදියි. අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියට එක්වන මුම්බායි ඉන්ඩියන්ස් ක්‍රිකට් කණ්ඩායමේ දසවැනි සංවත්සරය වෙනුවෙන් පැවැති මේ සාදයට ජාන්විත් සහභාගි වුණා. ඇය අසලින් ම ශිඛාර් පහරියා නම්වූ තරුණයකු ද සිටි නිසා කටකතා පැතිරී ඇත්තේ මේ දෙදෙනා දැන් පෙම්වතුන් වී සිටින බවයි.
ඒත්, ශිඛාර් අසල සාරා නම්වූ යුවතියක ද සිටි නිසා මේ කතාව ඇත්තක්දැයි තවම තහවුරු වී නැහැ. සාරා, ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්ගේ දියණියයි. ජනප්‍රිය නළු රන්වීර් සිංහ සහ සාරා අතර ද සමීප ඇසුරක් තිබෙන බවටත් පසුගිය දිනවල කටකතා පැතිරුණා. නමුත්, සචින් පවසන්නේ 19 වියැති තම දියණිය තවමත් අධ්‍යාපනය ලබමින් සිටිනවා විනා එවැනි සබඳකම්වලට හිත යොමුකර නැති බවයි.