සමන්ති වනි­ග­සේ­කර | සිළුමිණ

සමන්ති වනි­ග­සේ­කර

ස්පයිසි සී ෆුඩ් ස්පැගටි

අවශ්‍ය ද්‍රව්‍ය -:

ස්පැගටි - 400g

ඉස්සන් - 100g

දැල්ලන් - 100g

මාළු - 100 g

කෑලි මිරිස් තේ හැඳි - 2

සුදු කිරි අඬු කෝප්ප - 1

ලූනු - 100g

පාස්ලි - 50g

පදමට ලුණු,ගම් මිරිස්

කපාගත් ඉඟුරු,සුදු ලූනු - 10g

බැද ගැනීමට තෙල්

බටර්

සාදන ක්‍රමය -:

ස්පැගටි හොඳින් තම්බා ගන්න.ඉස්සන්,දැල්ලන් සහ මාළු ශුද්ධ කරගෙන ගැඹුරු තෙලේ බැද ගන්න.ලූනු සහ පාස්ලි පොඩිවට කපා ගන්න. දැන් තරමක භාජනයක් ගෙන ළිප තබා එයට බටර් හැඳි කිහිපයක් දමා රත්වන විට සුදු ලූනූ,ඉඟුරු සහ ලූනු දමා තෙම්පරාදු කරගන්න.තෙම්පරාදු වූ පසුව අනෙකුත් සියලුම ද්‍රව්‍ය දමා කලවම් කර එයට සුදුකිරි දමා උතුරවා අවසානයේ තම්බාගත් ස්පැගට් දමා කලවම් කර ගන්න.ළිපෙන් බා පාස්ලි වලින් සරසා උණු උණුවෙම කෑමට ගන්න.


මෂ්රූම් ක්‍රීම් පැස්ටා

අවශ්‍ය ද්‍රව්‍ය-:

පැස්තා -: 400g

බට්න් මෂ්රූම් -100g

(නැතහොත් සාමාන්‍ය බිම් මල්)

නිවිති -50g

ලූනු -25g

අඹරාගත් ඉඟුරු,සුදු ලූනු

සුදු කිරි වීදුරු - 1

බටර් මේස හැඳි -2

පාන් පිටි -20 g

පදමට ලුණු ගම්මිරිස්

සාදන ආකාරය-:

පැස්තා හොඳින් තම්බා ගන්න.බටර් මෂ්රූම් (බිම් මල්)නිවිති,ලූනු,සිහින්ව කෑලි කපා ගන්න.දැන් තරමක භාජනයක් ළිප තබා එයට බටර් මේස හැන්දක් දමා රත්වුණු පසුව බිම් මල්,නිවිති, ලූනු ,සුදු ලූනු දමා තෙම්පරාදු කර ගන්න.දැන් මෙයට පැස්තා දමා හොඳින් කලවම් කර ගන්න.පසුව අනෙක් බටර් හැන්දත් සමඟ පාන්පිටි දමා තලපයක් සේ කලවම් කර එයට සුදු කිරි දමා සෝස් එකක් ආකාරයට සාදා ගන්න.

දැන් මේසයට යැවීමට සුදුසු පලඟානකට පැස්තා දමා ඒමතට සාදා ගත් සෝස් දමා පිළිගන්වන්න.

 


චීස් සමඟ අනියන් පැස්ටා

අවශ්‍ය වන්නෙ -:

තම්බා ගත් පැස්තා - 400g

හීනියට කපාගත් ලූනූ -50g

මොසරැල්ලා චීස් -100g

හීනියට කපා ගත් අමු මිරිස්

(කෝන් ඔයිල්)එළවළු තෙල් මේස හැඳි -2 ක් 3

කුඩාවට කපාගත් පාස්ලි -50g

පිළියෙල කරන ආකාරය-:

පළමුව මොසරැල්ලා චීස් හීනියට කපා ගන්න.පසුව තරමක භාජනයක් ළිප තබා එයට ලියාගත් ලූනු දමා හොඳින් තෙම්පරාදු කර ගන්න.ඉන්පසු අමු මිරිස් පාස්ලි සමඟ පැස්තා දමා හොඳින් කලවම් කර ගන්න.දැන් මෙයට චීස් දමා කලවම් කර තැටියක දමා 180cඋණුසුම් උඳුනක විනාඩි 10-12 ක් තබා චීස් දියවුණු පසුව කෑලි කපා කෑමට ගන්න‍

 


මින්ස් චිකන් ස්පැගට්්

මේවා අවශ්‍යයයි -:

ස්පැගට් - 400g

කුකුළු මස් -200g

බටර් මේස හැඳි - 2

කෑලි මිරිස් තේ හැඳි -2

පාස්ලි -50g

කැරට් -50g

පදමට ලුණු සහ ගම් මිරිස්

අඹරාගත් ඉඟුරු,සුදු ලූනු -40g

සාදන ආකාරය-:

කුකුළු මස් සෝදා අඹරා ගන්න.ස්පැගට් හොඳින් තම්බා ගන්න.කැරට් සහ පාස්ලි හීනියට කෑලි කපා ගන්න.දැන් භාජනයක් ළිප මත තබා රත්වන විට ඉඟුරු,සුදු ලූනු සහ අනෙකුත් සියලුම ද්‍රවය දමා හොඳින් තෙම්පරාදු කර ගන්න.දැන් එයට අනෙකුත් සියලුම ද්‍රව්‍ය සහ තම්බා ගත් ස්පැගටි දමා හොඳින් කලවම් කර උණු උණුවෙම රස බලන්න.

 

උපදෙස් විධායක සූපවේදි සුජිත් ආරියරත්න

 

Comments