වස­න්තය අරන් ආ සහාය කලා අධ්‍ය­ක්ෂක | සිළුමිණ

වස­න්තය අරන් ආ සහාය කලා අධ්‍ය­ක්ෂක

අසංක නීලවතුර නළුවෙක් සාහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස කන්ද උඩරටින් බිහි වූ තරුණ කලාකරුවෙකි. අනුර වරාගොඩගේ මඟ පෙන්වීමෙන් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන අසංක මුලින්ම ‘සජානි‘ වේදිකා නාට්‍යෙය් ප්‍රධාන චරිතයට පණපෙවීය. ඉන්පසු සුදත් සේනාරත්නයන්ගේ සුදුමල් කන්ද ටෙලි නට්‍ය ‍ෙය් සහාය කලා අධ්‍යක්ෂවරයා ලෙස එක් වූයේය.

ධර්මසේන පතිරාජයන්ගේ ‘සක්කාරං‘විමුක්ති ජයසුන්දරගේ ‘අහසින් වැටේ‘අයි.එන්. හේවාවසම්ගේ ‘අපූරු සෝල්ජර්‘ යන නිර්මාණවලට ඔහු කලා අධ්‍යක්ෂණයෙන් දායක විය. ඩිස්කවරි චැනලයේ ‘සේවායි‘ වැඩසටහනේ කලා අධ්‍යක්ෂක ලෙසද කටයුතු කිරීමට තරම් ඔහු වාසනාවන්ත විය. ආදරණීය පූර්ණිමා, අරුන්දතී, සිහින වසන්තයක්, ඕලු ආදී ටෙලි නාට්‍ය රැසක කලා අධ්‍යක්ෂක වූයේ අසංක නීලවතුරයි.

‘ගුත්කර්ම හොස්පිට්ල්‘බ්‍රිතාන්‍ය නිමැයුමේ සහාය කලා අධ්‍යක්ෂක වූ හෙතෙම බොම්බේ වෙල්වට් හින්දි චිත්‍රපටයට ද දීපා මෙහෙතාගේ වෝටර් චිත්‍රපටයට ද සම්බන්ධ විය. දමිළ චිත්‍රපට කිහිපයකත් වෙළෙඳ දැන්වීම් රැසකත් සහාය අධ්‍යක්ෂක ලෙස කටයුතු කර ඇති අසංක ඔහු නිර්මාණය කළ ‘හිච්චි‘කෙටි චිත්‍රපටය කෑන්ස් සිනමා උළෙල නියෝජනය කළේය.

එසේම ඔහු රපෑමෙන් මෙන්ම මියුසික් වීඩියෝ රූපරචනයෙන් ද මේ වන විට නිර්මාණ රාශියක් කර තිබේ. චිත්‍රපටයකින් කාර්මික ශිල්පීන් පිළිබවත් සැලකිල්ලක් යොමු කළ යුතු බව අදහස් කරන අසංක නිෂ්පාදනයේ සිට එයට සම්බන්ධ වූ සියලුම ශිල්පීන්ට සෙතක් විය යුතු බව සඳහන් කරයි. අසංකගේ ලිපිනය අසංක නීලවතුර. නො.01, බෝගහකොටුව මඩවල, මහනුවරයි. 

 

Comments