
පුබුදු චතුරංග ගේ පෙම්වතිය මාෂි මුල්වරට 'රසඳුන' ට හෙළිකරයි.
අවුරුද්ද ගැන කතා කරද්දී අවුරුදු කුමරියන් වෙත හැමෝගෙම අවධානය ලැබෙනවා. මේ අතරින් එක් අවුරුදු කුමරියක් ගැන මේ දිනවල හැමතැනම කතා වෙනවා. ඇය ඒ තරමටම හැඩකාරයි. ඒ වගේම ඇයට තියෙන සුන්දර සිනහව නිසාම වරක් නොව දෙවරක් හැරී ඇය සමඟ සිනාසෙන්න ඕනෑම කෙනකුට හිතෙනවා. හැබැයි දැනටමත් මේ හිනාවේ අයිතිකරුවා ඇයව සොයාගෙන ඇවිත්. අපිටත් හිතුණා ඇය ගැන වගේම කවුද මේ ඇගේ අයිතිකරු කියලා සොයන්න.
සම්පුර්ණ නම
නිමාෂී සිරිවර්ධන. එ්ත් හැමෝම දන්නේ මාෂී සිරිවර්ධන නමින්.
ගම
දෙහිවල
පවුලේ විස්තර
තාත්ති, අම්මි, අක්කයි,නංගියි, මල්ලියි
මාෂී ,අවුරුදු කුමාරි කිරුළු පැළදුවේ කීවැනි වතාවටද?
දෙවැනි වතාවට.
පළමුවැනි අවුරුදු කුමාරිට වඩා මේ සැරේ අවුරුදු කුමාරිට නම් හොඳ ජනප්‍රියත්වයක් ලැබුණා නේද?
ඔව්. ITN එකේ ගිය අවුරුද්දේ අවුරුදු කුමාරි වෙන්න මට අවස්ථාව ලැබුණා. නමුත් NSBM එකේ පළමුවැනි වතාවටයි මම අවුරුදු කුමාරි තරගයට ගියේ. ඒත් මම හිතුවෙවත් නැති විදියට ජනප්‍රිය වුණා. මම දන්නෙත් නැහැ ඇයි එහෙම වුණේ කියලා.
කොහොමද ඒ අවස්ථාව ලැබුණේ මාෂී ?
අපිට අවුරුදු කුමාරි තරගයට ඉල්ලුම් කරන්න කියලා කැම්පස් එකෙන් කියලා තිබුණා. මම යන්න නෙමෙයි හිටියේ. ඒ මට ලැජ්ජයි වගේ කියලා හිතුණ නිසා. හැබැයි මටත් හොරෙන් මගේ හොඳම යාළුවෝ දෙන්න , අමාෂි සහ දුලිතයි මගේ නම යවලා තිබුණා. පස්සේ මට කෝල් එකක් ආවා තරගයට එන්න කියලා. ඉතිං මම ඒකට ගියා. එතැනදී මට ‘2017 NSBM අවුරුදු කුමාරි’ වෙන්න අවස්ථාව ලැබුණා.
ඔබ හිතුවද අවුරුදු කුමාරි වෙන්න ලැබෙයි කියලා?
මෙහෙමයි, අපේ රූපේ විතරක් නෙමෙයි බලලා තිබුණේ. ඒත් ඒ දේ දකින අය දන්නේ නැහැ. අපේ ප්‍රශ්න වටයක් තිබුණා.සාමාන්‍යයෙන් university student කෙනෙක් ටිකක් Standard පිළිතුරු දෙන්න ඕන. එතැනදී හිතුවෙවත් නැති විදියට මට පිළිතුරු දෙන්න පුළුවන් වුණා.
අවුරුදු කුමාරි ලෙස අභිසෙස් ලැබුවා විතරයි අන්තර්ජාලයේ ජනප්‍රිය නළුවෙක් එක්ක ඉන්න ෆොටෝස් shareවෙන්න පටන් ගත්තා නේද?
ඔව්.
ඒ කියන්නේ හැමෝම කියන කතාව ඇත්තක් ද ?
මොන කතාවද?
ජනප්‍රිය නළු පුබුදු චතුරංග ගේ පෙම්වතිය ඔබ කියන කතාව.
ඔව් ඉතිං. දැන් ඉතිං ඇත්තම කියන්න වෙනවා.මිට කලින් මම පත්තර වලට මේ දේ කියලා නැහැ.පළමුවැනි වතාවටයි ඔයාලට මේ කියන්නේ. ඔයා කිව්ව කතාව ඇත්ත.
ඒ කතාව මේ තරම් කාලයක් හංගගෙන හිටියේ ඇයි ?
අයියා රංගන ශිල්පියෙක් නිසා එයට තියෙන ප්‍රේක්ෂක ආදරයත් එක්ක අපි ඒක හංගගෙන හිටියා. ඒත් නොසිතු වෙලාවක ඒ දේ එළියට ආවා කියලා මට හිතෙනවා. අපේ සම්බන්ධය එළියට දාන්න තරම් වුවමනාවක් තිබුණේ නැහැ. ඊට වඩා අපේ පෞද්ගලිකත්වය තියාගන්න එක ලේසියි.
ඒ ආදරයට කොච්චර කල් වෙනවද?
අවුරුදු 4 ක් වගේ.
කොහොමද ඔබට පුබුදු චතුරංගව මුණ ගැසෙන්නේ ?
ආදර කතාව ගැනද අහන්නේ ? අනේ ඒක අයියගෙන් අහගන්න. මට කියන්න බෑ. ලැජ්ජයි. මම ඒක මෙහෙම කියන්නම්. ස්කෝලේ තිබුණා අපේ social එක.එකේදී ‘Miss Queen තෝරනවා. එදා අපේ ස්කෝලෙට ආරාධිත අමුත්තෙක් විදියට එයා ඇවිත් හිටියා . ඒ නිසා අපි හැමෝම පිස්සු වැටිලා හිටියේ. එතැනදී මට Miss Queen වෙන්න ලැබුණා. එයාගේ අතින් තමා මට කිරුළ (crown) පැළඳුවේ. කියන්නම ඕන , ඒක තමා මම ජීවිතේ මුලින්ම දාපු crown එක. එයාගෙම අතින් පැළඳුව ඒ crown එක මං ළඟ තවමත් තියෙනවා .ඒ වගේම එයත් එක්ක ගත්ත මුල්ම ෆොටෝ එකත් තියෙනවා.
ඔබට බයක් හිතුණේ නැද්ද රටේ ජනප්‍රිය නළුවෙක් සමඟ මේ වගේ සම්බන්ධකමක් ගොඩනගා ගන්න?
මෙහෙමයි ඇත්තටම මම කාත් එක්කවත් යාළුවෙලා හිටියේ නැහැ. මේ මගේ ප්‍රථම ප්‍රේමය . අයියා හරිම හොඳ කෙනෙක්. මම එයා ගැන කවදාවත් වරදක් අහලා තිබුණේ නැහැ. ඔහු කටකතාවක්වත් අහලා තිබුණේ නැති කෙනෙක්. ඒක බය නැතුව කියන්න පුළුවන්.අනිත් එක ඔහුට ලොකු දැනුමක් තියෙනවා. ඕනම දෙයක් ගැන කතා කරන්න පුළුවන් එයත් එක්ක. ඉතිං ඒක ගොඩක් වටිනවා.ආදරය කියන දේ තුළදී අවබෝධය කියන දේ පුදුම විදියට එයා ළඟ තියෙනවා. ඉස්සර ඉඳන්ම මම කැමැති ගැප් එකක් තියෙන කෙනෙකුට.
අපිට දැනගන්න ලැබුණ විදියට නම් ටෙලි නාට්‍ය වගේම සිනමා නිර්මාණයන් සඳහා අරාධනා හරියට එනවලු නේද?
ගොඩක් නිර්මාණ සඳහා කතා කළා.ඇත්තටම මම ටෙලි නාට්‍යවල නම් රඟපාන්න ආසාවක් නැහැ. හොඳ සිනමා නිර්මාණයක් ලැබුණොත් ඒ ගැන හිතනවා. හැබැයි දැන්ම නෙමෙයි. මගේ අධ්‍යාපන කටයුතු ඉවර වුණාට පස්සේ.
ඔබ මොන අංශයෙන්ද උසස් අධ්‍යාපන කටයුතු කරගෙන යන්නේ ?
ව්‍යාපාර කළමනාකරණය
මේ කීවැනි අවුරුද්ද යන්නේ ?
දෙවැනි අවුරුද්ද