අග්නි වර්ෂා මැද නිලං­ජනා ඔබ සොයා එන වගයි | සිළුමිණ

අග්නි වර්ෂා මැද නිලං­ජනා ඔබ සොයා එන වගයි

ජනප්‍රිය චිත්‍ර‍පට, ටෙලි නාට්‍ය හා වේදිකා නාට්‍ය නිෂ්පාදනයේ ජනප්‍රිය භූමිකාවක් වන ආචාර්ය අරෝෂ ප්‍ර‍නාන්දු ගේ සිව්වැනි සිනමාපටය 'නිලංජනා' පසුගිය 20 වැනිදා සිට එම්.පී.අයි. මණ්ඩලයේ සිනමාහල්වල තිරගතවීම ආරම්භ කරන්නට යෙදුණා. 'අග්නි වර්ෂා' නමින් මුලදී නම් කර තිබූ 'නිලංජනා' හි අධ්‍යක්ෂණය නාලක විතානගේ විසිනි. චිත්‍ර‍පටයේ අවසන් සංස්කරණ කටයුතු හෝ ප්‍ර‍චාරණ කටයුතු වලට පවා අධ්‍යක්ෂවරයාගේ කිසිදු සහයක් නොලැබුණු අතර අධ්‍යක්ෂවරයෙක් නොමැති චිත්‍රපටයක් ලෙස 'නිලංජනා' තිරගත වන්නේ එහි නිෂ්පාදක ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු නොපසුබට උත්සාහය මතය.

මෙරට අතිශය ජනප්‍රිය නිළියකගේ ජීවිත කතාවක සිදුවූ සිදුවීම් අලළා සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වී ඇති නිලංජනා චිත්‍ර‍ටය සඳහා ජනප්‍රිය නිළි හිමාලි සිරිවර්ධන හා නවක නළු කැලුම් කුලරත්න ප්‍ර‍ධාන චරිත රංගනයෙන් එක් වන අතර ප්‍ර‍වීණ නළු නිළියන් වන ශ්‍රියාණි අමරසේන, පාලිත සිල්වා, මහේන්ද්‍ර‍ වීරරත්න, මානෙල් වානගුරු, බන්දුල විතානගේ සහ ජනප්‍රිය නිළි අනූෂා දමයන්ති රංගනයෙන් දායක වෙති.

තිර රචනයේ තිබෙන සුවිශේෂි බව හා නවමු මුහුණුවරකින් නිර්මාණය වී ඇති ‘නිලංජනා‘ මෙරට ප්‍රේක්ෂකයගේ රසවින්දනයට නවමු අත්දැකිමක් වනු ඇත. තමන් විසින් නිෂ්පාදනය කළ චිත්‍ර‍පටයක ප්‍ර‍දර්ෂනය අතර තුර තවත් චිත්‍රපට සඳහා නිෂ්පාදන දායකත්වය සැපයීම තරමක් අභියෝගාත්ම කටයුත්තක් වුවද එම අභියෝගය ද ආචාර්ය අරෝෂ ප්‍ර‍නාන්දු විසින් බාර ගෙන ඇත්තේ මේ වන විටත් ඔහුගේ 13 වන සහ 14 වන චිත්‍ර‍පට වන ‘රක්ෂා‘ සහ ‘එක දවසක්‘ යන චිත්‍ර‍පට ද්විත්වය සඳහා එක වර නිෂ්පාදනයෙන් දායක වෙමිනි.

මෙතෙක් නිෂ්පාදනයෙන් දායක වූ නිර්මාණ අතර සම්භාව්‍යගනයේ නිර්මාණ සහ වානිජ්‍යමය ගනයේ නිර්මාණද ඇතුලත්ය. 

Comments