වෙද­හ­මුව | සිළුමිණ

වෙද­හ­මුව

දොස්තර මහ­ත්මිය හමු­ව­න්නට යා යුතු ­යැයි,

තීර­ණය ක‍ෙළමි මම අන්ති­මට
පපුවේ වම් පැත්තේ උර­හි­ස්සට පහ­ළින්
කිසි­යම් දැවි­ල්ලක් හ‍ටගෙන තිබිණ
විටින් විට එය එස වේ‍
විටින් විට යට­පත් වේ...

මොක­ටද බලා­ගෙන ඉන්නේ,
මම ගියෙමි හැන්දෑ යාමයේ
ඇය කරු­ණා­බ­රය
අත්දැ­කු­මෙන් පෝෂි­තය
හොඳ වෙලා­වට ඒ හැටි සෙන­ගත් නෑ
ඇය පෑවා අසු­නක්,
“හිඳ­ගන්න” කීවා...

මා සිය­ල්ලම ඇයට කීවා
“පසු­ගිය දව­ස්වල වැඩ වැඩිවී
තිබෙ­න්නැති” ඇය ඇසුවා.
“රංග අභ්‍යාස වග­යක්
කර­න්නට නම් සිදු වුණා ...

“කෝක­ටත් අපි අරන් බලමු
ඊ‍.සී‍.ජී. එකක් ගමුද?”
එය සූදා­නම් විය සැනෙ­කින්
කමි­සය ගැල­වුණා
යහ­නක් මත බෑවුණා
කිසි­යම් ශබ්ද­යක් ඇහුණා මැසි­මෙන්
මද වෙලා­ව­කින් රපෝ­ර්තුව ලැබුණා‍...

එය ගෙන ගියා හෙදි ළඳ ඉක්ම­ණින්,
දොස්තර මහ­ත්මිය වෙතට
කමි­සය යළි දා ගත් මම,
ගියා ඇය ළඟට හිඳ ගන්නට
රපෝ­ර්තුව බලයි ඇය
විටි­න්විට මා
දෙස ද බල­මින්...

කුහු­ලක් ඇති වී ම සිත
කුමක් හෝ අවු­ලක්
ඇත් ද මා සිරුරේ
දොස්තර මහ­ත්මිය තව තවත් සමී­පව
බැලීය ඒ රපෝ­ර්තුව දෙස
“ප්‍රශ්න­යක් ද ඩොක්ටර්”
මා ඇසුවේ නික­මට...

මද­හ­සක් නැඟිණ ඒ මුව­ගට...
“නෑ කිසිම ප්‍රශ්න­යක් දැනට නම්”
“තෑන්ක් යූ”
ඔබ තර­මක් විවේ­කය ගත යුතුයි
කවු­රුන් හෝ මතක් කර­දීම වැද­ගත්”
“ඒක ඇත්ත”
මම සමු­ග­තිමි ඇය ගෙන්...

Comments