ප්‍රවීණ සින­මා­වේදි සුග­ත­පාල සෙනෙ­රත් යාපා ඇගැයේ | Page 3 | සිළුමිණ

ප්‍රවීණ සින­මා­වේදි සුග­ත­පාල සෙනෙ­රත් යාපා ඇගැයේ

දිවංගත මානව හිතවාදි කෘතහස්ත කලාකරු විජය කුමාරතුංගයන්ගේ 29වන ගුණානුස්මරණය නිමිත්තෙන් විජය කුමාරතුංග සහෘද කලා සංසඳය මගින් ප්‍රවීණ සිනමාවේදී සුගතපාල සෙනෙරත් යාපා කලාකරුවාණන් ඇගයීමට ලක් කළ අවස්ථාව.

විජය කුමාරතුංග සහෘද කලා සංසඳයේ ප්‍රධාන ලේකම් අනුර රාජපක්ෂ, සභාපති අනුර ශ්‍රිනාත් හෙට්ටිආරච්චි, සහ රංගන ශිල්පියකු මෙන්ම චිත්‍රපට ටෙලි නාට්‍ය නිෂ්පාදකයකු වන සහන් විජේසිංහ යන අය මෙම සමරු ප්‍රදාණයට සහභාගි වුහ.


නුගේගොඩ ආර්ට් වේ චිත්‍ර පන්තියේ දූ දරුවන්ගේ අවුරුදු උළෙල 29දා

දේශීය අනන්‍යතාව රැකගනිමින් සංස්කෘතික සිරිත් ජන ක්‍රීඩා සමගින් පවුලේ සැමගේ එකමුතුවෙන් ළමා පරපුරේ සංවර්ධනය උදෙසා සංවිධානය කරනු ලබන ආර්ට් වේ කෝකිල උදානය සමඟ අත්වැල් බැඳගන්න මේ මස 29 උදේ 8.30ට බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී පැවැත්වේ.

සිඟිති අවුරුදු කුමරා, කුමරිය, විවිධ ඇඳුම් තරඟය, ඇතුළු තවත් ක්‍රිඩා ඉසව් රැසක් මෙදින පැවැත්වේ.


රුක්මණීදේවි අනුස්මරණ සංගමයට නව නිලමඩුල්ලක්

රජයේ ලියාපදිංචි කරන ලද එකම කලාකරු අනුස්මරණ සංගමය වන රුක්මණීදේවි අනුස්මරණ සංගමය සිය තිස්වන වසර සඳහා නිලධාරීන් තේරීම පසුගියදා සුදර්ශි ශාලාවේ සිදු කෙරිණි.

එහිදී තේරි පත්වු නිලධාරීන් මෙසේය.

නිර්මාතෘ සභාපති-හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස්, කෘත්‍යාධිකාරි සහ ගණන් පරීක්ෂක සිරිමා ඇනස්ටා මර්සලින්, සභාපති එඩ්වින් පෙරේරා, දෙවනපෙළ සම සභාපති රාණි චන්ද්‍රිකා, උප සභාපති පාලිත පෙරේරා, ලේකම් මංගලිකා පෙරේරා, උප ලේකම් සහ සහාය සංවිධායක නිර්මලී කරුණාරත්න, භාණ්ඩාගාරික හා සම්බන්ධීකරණ ඊ. ජී. ඒ චිත්‍රා කාන්ති, උප භාණ්ඩාගාරික පුෂ්පා වික්‍රමසිංහ, ප්‍රධාන සංවිධායක සුසිල් වික්‍රමසූරිය, මාධ්‍යය සම්බන්ධීකරණ මංගලා පෙරේරා, කලාකරු අවමංගල්‍ය සම්බන්ධීකරණ මොහොමඩ් මොහිදින්, ඡායාරූප ශිල්පී ආනන්ද සෝමසිරි මහත්ම මහත්මීන් හා සිනමා නිළි ජ්‍යෙතිෂවේදි එඩ්නා සුගතපාල, ග්‍රන්ථ කර්තෘවරුන්වන සේනක ජයතිලක, සහ එල්.ආර් මෙන්දිස් මහත්ම මහත්මීන් අනුශාසකවරු ලෙසින් පත්කරගෙන ඇත.


කුවේණිගේ දරුවෝ සිනමා පටය‍ට නවක ශිල්පීන් බඳවා ගැනේ

සම්මානනීය විජය කුවේණි, ඇහැලේපොල කුමාරිහාමි, චිත්‍රපට සිනමාවට රචනා කොට අධ්‍යක්ෂණය කළ සුගත් සමරකෝන් අධ්‍යක්ෂණය කරන නවතම සිනමා පටය වන කුවේණිගේ දරුවෝ සිනමා පටයේ විවිධ චරිත සඳහා වයස අවුරුදු 18-70 අතර ස්ත්‍රි/ පුරුෂ දෙපාර්ශවයටම ඉදිරිපත්විය හැකි බව අධ්‍යක්ෂ සුගත් පවසයි.

මේ සඳහා කැමැත්තක් දක්වන අය 2017 අප්‍රේල් මස 23 හා 30වන ඉරිදා දිනවල උදේ 11.00සිට දහවල් 2.00අතර සිංහල සංස්කෘතික ආයතනය (සුදර්ශිය) කොළඹ07, බෞද්ධාලෝක මාවතේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාව ඉදිරිපිට) වෙත පැමිණෙන ලෙස චිත්‍රපට අධ්‍යක්ෂ සුගත් සමරකෝන් මහතා දන්වා සිටියි.

සුගත් සමරකෝන් රංගන හැදෑරූ ආදි ශිෂ්‍ය /ශිෂ්‍යාවන්ටද මේ අවස්ථාවට ඉල්ලුම්කළ හැකි බව සුගත් විශේෂයෙන් සඳහන් කළේය.

ළඟදී ගත් සම්පූර්ණ ඡායාරූපයක් සමඟ තමන්ගේ සියලු විස්තර අඩංගු ඉල්ලුම්පත්‍රයක්ද (දුරකථන හා ලිපිනය සඳහන්කළ යුතුයි) සම්පූර්ණ කර රැගෙන පැමිණෙන ලෙස ඉල්ලා සිටියි.

 


ෆවුස් මොහොමඩ්ගෙන් සැබෑ ජීවිතයේ විස්මිත කතා

මාධ්‍යවේදියකු හා ලේඛකයකු වන ෆවුස් මොහොමඩ් ලියූ අලුත්ම කෘතිය ‘සැබෑ ජීවිතයේ විස්මිත කතා‘පරිවර්තන කතා එකතුව දැන් නිකුත් වී තිබේ. රීඩර්ස් ඩයජස්ට් ජාත්‍යන්තර සඟරාවේ පළවූ ‘ඩ්‍රාමා ඉන් රියල් ලයිෆ්‘ ලිපි පෙළ ඇසුරින් ලියා ඇති මේ කෘතියට ත්‍රාසයත්, කුතුහලයත් දනවන කතා 30ක් ඇතුළත්ය.

ඔහු මීට පෙර ‘යුග දිවියට දිවි ඔසුවක්‘ නමින් පර්යේෂණ කෘතියක් ද, ‘අකීකරු ඇස්‘ නමින් නවකතාවක් ද, ‘කතාන්දර සීයාගේ කතා මල්ල‘ නමින් ළමා කතා එකතුවක් ද ලියා පළ කොට තිබේ.

ෆාස්ට් පබ්ලිෂින් ප්‍රකාශනයකි.


මොරටුව කලා එකමුතුව වාර්ෂික මහා සභා රැස්වීම හා සුහද හමුව 23දා

මොරටුව කලා එකමුතුව 23වෙනි වාර්ෂික මහා සභා රැස්වීම හා සුහඳ හමුව එහි සභාපති එරින්ටන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මස 23දින සවස 5.00ට මොරටුව ශ්‍රිපාලි උත්සව ශාලාවේදි පැවැත්වේ.


නිලංජනා 20දා සිට ප්‍රදර්ශනයට

ජනප්‍රිය චිත්‍රපට, ටෙලි නාට්‍ය හා වේදිකා නාට්‍ය නිෂ්පාදනයේ ජනප්‍රිය භූමිකාවක් වන ආචාර්ය අරෝෂ ප්‍රනාන්දුගේ නවතම නිෂ්පාදනය නිලංජනා මෙම මස 20දා සිට දිවයිනපුරා පිහිටි mpi මණ්ඩලයේ සිනමාහල්වල ප්‍රදර්ශනයවීමට නියමිතය. ජනප්‍රිය නිළි හිමාලි සිරිවර්ධන, හා නවක නළු කැලුම් කුලරත්න ප්‍රධාන චරිත රංගනයෙන් එක්වන අතර ප්‍රවීණ නළු නිළියන් වන ශ්‍රියාණි අමරසේන, පාලිත සිල්වා, මහේන්ද්‍ර වීරරත්න, මානෙල් වානගුරු, බන්දුල විතානගේ, සහ ජනප්‍රිය නිළි අනුෂා දමයන්ති රංගනයෙන් දායකවෙති. 

Comments