ඉතාලි බත් | සිළුමිණ

ඉතාලි බත්

 

අවශ්‍ය වන්නෙ-:

හාල් - 450g

තෙල් අඬු කොප්ප - 1/2

වතුර කොප්ප -18

ගාගත් චීස් -180g

ගම්මිරිස් තේ හැඳි -1/4

ලුණු තේ හැඳි -1 1/2

තක්කාලි යුෂ කොප්ප -2

අඹරාගත් මස් 450g

ලූණු කැබලි -120g

ලියාගත් සුදුලූනු බික් -2

බිත්තර -2

සාදන ක්‍රමය -:

පළමුව බඳුනක් ලිප මත තබා රත්වන විට හාල් දමා රත්වන විට බදින්න.පසුව එයට මස් ,ලූණු,සුදු ලූණු,ගම් මිරිස්,දමා විනාඩි 1 0ක් පමණ පිසින්න.

මෙය පිසින විට නිතර හැඳි ගාන්න.තක්කාලි යුෂ සහ වතුර එක්කර විනාඩි 10ක් පමණ මඳගින්නේ පිස එය ඉදුණු පසු පිළිගැන්වීමට පෙර ගාගත් චීස් එක්කර යාන්තමට චීස් කලවම් කර ගන්න.

 


මාස් මෙලෝස් පුඩිම

අවශ්‍ය ද්‍රව්‍ය -:

බිත්තර - 4

ජෙලටින් තේ හැඳි - 2

සීනි කෝප්ප -1/2

වතුර පීරිසි කෝප්ප -1

කලරිං ස්වල්පයක්

පිළියෙල කරන ආකාරය -:

පළමුව උණුවතුර කෝප්ප එකක් ගෙන එයට ජෙලටින් දමා හොඳින් දිය කරන්න.බිත්තර සුදු මඳ පමණක් වෙන්කර භාජණයකට දමා හොඳින් ගසා ගන්න.පසුව එයට සීනී හා ජෙලටින් වරින් වර එක්කරමින් ගසා ගන්න.

දැන් මේම මිශ්‍රණය කොටස් දෙකකට වෙන්කර ඒවාට වර්ණ දෙකක් මිශ්‍රකර තට්ටු දෙකක් වශයෙන් සිටින සේ පුඩිං බඳුනකට දමා ශීතකරයේ තබන්න.

පිළිගන්වන විට කප් වලට දමා අවශ්‍ය නම්අඹ, අන්නාසි,කජු , ජෙලටින් කුඩා කැබලි වලින් මෙය සරසා පිළිගැන්විමටද පුළුවන්.

 


ඩෙවල් චිකන් සහ කජු

මේවා අවශ්‍යයි-:

කටු ඉවත් කළ කුකුල් මස් -500g

කොටු කපාගත් ලොකු ලූනු -50g

කොටු කපාගත් ලීක්ස් කොළ -50g

චොප් කරගත් තලාගත් සුදු ලූනූ තේ හැඳි -2

චොප් කරගත් තලාගත් ඉඟුරු තේ හැඳි -1

ගම් මිරිස් තේ හැඳි -1

රස කාරක

සීනි තේ හැඳි -1

කොන් ෆ්වර් මේස හැඳි -6

සෝයා සෝස් මේස හැඳි -1

කජු මඳ -50g

පිළියෙළ කරන ආකාරය-:

මුලින්ම කුකුල් මස් අඟලේ ප්‍රමාණයට කොටු කපා ගම් මිරිස් ,කෝන්ෆ්වර් ,බිත්තර හොඳින් දමා සීසන් වෙන්නට තබන්න.

බඳුනකට තෙල් දමා රත්වූ විට එයට ඉඟුරු , සුදු ලූනූ, අනෙත් සියලුුම එළවළු වර්ග දමා තෙම්පරාඳු කරන්න.(තක්කාලි හැර ) තෙම්පරාදු කරගත් මිශ්‍රණයට සෝයා සොස් ,සීනි හා තක්කාලි මිශ්‍ර කරන්න.කලින් සීසන් කරගත් කුකුල් මස් ගැඹුරු තෙලෙන් බැඳ ගන්න.

කජුද එම තෙලෙන්ම බැඳගෙන බැඳගත් කුකුල් මස් හා කජු සාදා ගත් සොස් මිශ්‍රණය සමඟ කලවම් කරගෙන උණු උණුවෙන්ම කෑමට ගන්න.


චිකන් වරුවාල්

අවශ්‍ය ද්‍රව්‍ය

කුකුල් මස් - 750g

තක්කාලි -50g

ඉඟුරු - 20g

බැදගත් මිරිස් කුඩු තේ හැඳි -2

බැදගත් තුනපහ කුඩු -10g

ගම්මිරිස් කුඩු තේ හැඳි - 1

කෝන්ෆ්ලවර් තේ හැඳි -1/2

සුදු ලූනු - 50g

ලුණු පදමට

ලූනු - 50 g

සාදන ක්‍රමය -:

කුකුල් මස් කොටු ලෙස කපා ගෙන සෝදා එයට ලුණු ගම්මිරිස් ස්වල්පයක් දමා තම්බන්න.

පසුව සාස්පානයක් ගෙන එයට ලූනු , තක්කාලි ,සුදු ලූනු ,ඉඟුරු,තුනපහ ,මිරිස් කුඩු,ගම්මිරිස් සහ ලුණු දමා වතුර ස්වල්පයක් එක්කර මඳගින්නේ පිසින්න.

ඉන්පසු එයට කුකුල් මස් එකතු කරන්න.අවසානයේ වතුර ටිකකින් දියකරගත් කෝන්ෆවර් එකතු කරන්න.

උපදෙස් විධායක සූපවේදි

සුජිත් ආරියරත්න

Comments