
සායිෆ් - කරීනා පුංචි පුතු නැතිව විදෙස් සවාරියක
මුම්බායි ගුවන් තොටුපළින් මවු රටට පැමිණ, කඩිමුඩියේ පිය මැන යන සුපුරුදු යුවළක් දෙස එහි සිටි බොහෝ දෙනකුගේ නෙත් යොමු වුණා. අද වන විට ජනප්‍රියත්වයේ ඉහළටම පැමිණ සිටින, ඒ හේතුවෙන්ම බොලිවුඩ් සිනමාවේ බලගතු යුවළ හැටියට සැලකෙන සායිෆ් අලි ඛාන් සහ කරීනා කපූර් ඛාන් මෙම යුවළයි.
සායිෆ් සහ කරීනා යුවළ පසුගිය සති කිහිපයේ සිටියේ ලන්ඩන් නුවර. මේ දිනවල හැදෙන ‘චෙෆ්’ චිත්‍රපටයේ දර්ශන කිහිපයක රූගත කිරීම්වලටයි සායිෆ් ලන්ඩන් ගියේ. ඔහුගේ තනි නොතනියට බිරිය කරීනා ද පිටත්ව ගොස් තිබුණා. නමුත්, ඔවුන්ගේ කුලුඳුල් දරුවා, තයිමූර් නම් සිටියේ නැහැ. සමහර විට විදේශ ගමන් බිමන්වලට බිලිඳු පුතා දැන්ම රැගෙන යෑම නුසුදුසු නිසා වෙන්න ඇති. සායිෆ්, චිත්‍රපට රුගත කිරීම්වල යෙදී සිටිද්දී කරීනාට තමන්ගේ වැඩ කටයුතු රැසක්ම කර ගැනීමට ඇති තරම් කාලය තිබුණා. ප්‍රවීණ නළු අනිල් කපූර් ඇතුළු පවුලේ සියලුම දෙනාත් ඒ වන විට ලන්ඩන් නුවර රැඳී සිටියා. ඒ, අනිල් කපූර්ගේ බිරිය සුනීතාගේ උපන් දිනය සමරන්න. දියණියන් වන රියා සහ සෝනම්ගේ උණුසුම් පැතුම් මැද්දේ සැමරූ මේ උපන් දින සාදයට කරීනාත් එකතු වුණේ දැඩි සතුටකින්. ඉන් පසුව සන්දීප් ඛෝස්ලා සහ රියා කපූර් යන ප්‍රවීණ මෝස්තර ශිල්පිනියන් දෙදෙනා හමුවී කතාබහ කරන්නත් කරීනා අමතක කළේ නැහැ. ඔවුන් ද ඒ වන විට ලන්ඩන් වෙත පැමිණ සිටියා. සායිෆ් - කරීනා යුවළගේ පුංචි පුතු තයිමූර් ඒ සති දෙක තුනේදී රැක බලාගන්න නම් දෙපාර්ශ්වයේම පිරිවර සිටිය බවයි දැනගන්න ලැබුණේ.
ආක්ෂේගේ පුතු පසුපස පැපරාසීන්
ජිව් භාතියාගේ වැඩිමල් පුත්‍රයා තමයි, ආරව් භාතියා. කවුරුන්ද මේ ‘රජිව් භාතියා’? ඔහු තමයි බොලිවුඩ්පුරයේ සුපිරි නළු ආක්ෂේ කුමාර්. ඔහුගේත් ජනප්‍රිය නිළියක වන ට්වින්කල් ඛන්නාගේත් වැඩිමල් පුතු තමයි ආරව්. යොවුන් වියෙහි පසුවන ආරව්ට දැන් සම වයසේ මිතුරු මිතුරියන් රැසක්ම සිටිනවා. පියාගේත් මවගේත් ජනප්‍රියත්වය නිසා ඔහු සමඟ මිතුරු සමාගම් පවත්වන්නට කවුරුත් කැමැතියි. දැන් ඔහුට නිතරම පාහේ සාදවලට ඇරයුම් ලැබෙනවා. එවැනි අවස්ථාවලට සහභාගිවන නිසා පැපරාසි කැමරා කරුවනුත් ඔහු පසුපස දැවටෙමින් සිටින ස්වරූපයක් පෙනෙනවා. මෑතකදී ඔහු, මිතුරු මිතුරියන් පිරිවරාගෙන චිත්‍රපටයක් නරඹන්න ගියා. චිත්‍රපටය නරඹා සිනමා හලෙන් පිටතට පැමිණෙද්දී ඒ අසල රැක සිටි කැමරා ශිල්පීන් කිහිප දෙනෙකු ඔහුගේ ඡායාරූප ගන්නට ප්‍රමාද වුණේ නැහැ. කැමරා එළි දැල්වෙන විට ඒ දෙස ලැජ්ජාවෙන් බලා මුහුණු රතු කරගෙන සිනාසුණු ආරව්, වහාම තම මෝටර් රථයට පිය නැඟුවා. ඔහු කිසිම අයුරකින් නපුරු මුහුණක් නම් පෙන්නුවේ නැහැ. නමුත්, වෙනත් බොහෝ අවස්ථාවලදී සිදුවී ඇත්තේ මෙහි අනෙක් පැත්තයි. සමහර නළු නිළියන්ගේ යොවුන් දරුදැරියන් මෙලෙස කැමරාවලට හසුවුවහොත් ඔවුන්ගෙන් කැමරා ශිල්පීන්ට ලැබුණේ ආවේගාත්මක ප්‍රතිචාර.
ආරව්, පැපරාසීන්ට හසුවූ මුල්ම අවස්ථාව මෙය නොවෙයි. මීට පෙර කිහිප වතාවකදීම ඔහු නොසිතූ අයුරින් කැමරාවලට හසුවී තිබෙනවා. නමුත් ඒ කිසිදු මොහොතක ඔහු කේන්ති ගත්තේ නැහැ. ලැජ්ජාවෙන් සිනාසී ඉවතට දිව යෑම පමණයි ඔහු දැක්වූ ප්‍රතිචාරය වුණේ. ආරව්ගේ මව (ට්වින්කල් ඛන්නා) පවසන්නේ තම පුතු විහිළු තහලු කිරීමට බෙහෙවින් කැමැති බවයි. “මම නිතරම පුතාට කියන්නෙ වැඩිහිටියන්ට ගරු කරන්න ය කියලයි. පුතා ක්‍රීඩාවලට, බාහිර වැඩවලට දක්ෂයි.” ට්වින්කල් එලෙස කීවේ කෙටි කතාබහකදී.
ශාරුක් ඛාන්ට විනිමය චෝදනාවක්?
ඉන්ඩියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරග මාලාවට එක්වන කැපී පෙනෙන කණ්ඩායමක් තමයි, ‘නයිට් රයිඩර්ස්’. මෙහි අයිතිකරුවන් වන්නේ සුපිරි නළු ශාරුක් ඛාන්, ඔහුගේ බිරිය ගෞරී ඛාන් සහ ජනප්‍රිය නිළි ජූහි චව්ලා සහ ඇගේ සැමියා, ජායි මේතා.
පසුගියදා ඉන්දීය රජයේ ආයතනයක් විසින් නයිට් රයිඩර්ස් ස්පෝට්ස් සමාගමටත් ගෞරී ඛාන්ටත් චෝදනා පත්‍රයක් යොමු කරනු ලැබුවා. එහි සඳහන් වන්නේ ඔවුන් රජයේ විනිමය නීති උල්ලංඝනය කර ඇති බවයි. විදේශ විනිමය කළමනාකරණ පනත අනුව ගොනුකර ඇති මෙම චෝදනාවලට අනුව ශාරුක් ඛාන් සතු රෙඩ් චිලීස් එන්ටර්ටේන්මන්ට්ස් චිත්‍රපට සමාගමේ අයිතිය තිබෙන නයිට් රයිඩර්ස් ස්පෝට්ස් සමාගමට ද මේ චෝදනා එල්ල වී තිබෙනවා. එහි තවදුරටත් සඳහන් වන්නේ ජනප්‍රිය නිළි ජූහි චව්ලා සහ ඇගේ සැමියා වන ව්‍යාපාරික ජායි මේතා ද රෙඩ් චිලීස් ආයතනයේ කොටස්කරුවන් බවයි.
“අපි මේ චෝදනාවලින් කියන්නේ නයිට් රයිඩර්ස් ස්පෝට්ස්, ගෞරී ඛාන් ඇතුළු සෙසු අය සහ ආයතන විනිමය නීති උල්ලංඝනය කළ නිසා එමඟින් විදේශ විනිමය රු. කෝටි 73.6 ක මුදලක් රටට අහිමි වුණා ය කියලයි.” ඉන්දීය රජයේ නිලධරයකු එලෙස පැවසුවා. කෙසේ වෙතත්, මේ පිළිබඳ පරීක්ෂණ කටයුතු ඉදිරියටත් සිදුවන බවයි පැවසෙන්නේ.