තරු තොරතුරු | සිළුමිණ

තරු තොරතුරු

 නාලක හතර වැන්නට සූදානම්

මේ ලබන්නේ කාගේත් සිත් නැව්ම් පැතුමින් බර වන අලුත් අවුරුදු සමයයි. මේ අලුත් අවුරුද්දේ කලා ලොවත් කලා නිර්මාණයන්ගෙන් පළබර වෙන්නේ ප්‍රේක්ෂක සිත් සතුටින් පුරවාලමින්. එලෙස වේදිකාව, ටෙලිනාට්‍යය මෙන්ම සිනමාවේ ද ප්‍රවීණයකු වන නාලක විතානගේ හා හා පුරා කියා ලැබුවා වූ අලුත් අවුරුද්දේ ප්‍රේක්ෂකයන් වෙත නවතම සිනමා නිර්මාණයකින් සමීප වන්නට සූදානම් වෙනවා. ඒ ‘සරුංගල් ‘චිත්‍රපටය ඔස්සේයි. ‘මේ නිර්මාණය මගේ සිව්වන සිනමා නිර්මාණයයි.

මීට පෙර ‘අනිත්‍යා, රූපාන්තරණය , නිලංජනා, චිත්‍රපට නිර්මාණය කළා. ඒ අතරින් අනිත්‍යා චිත්‍රපටය තාරුණ්‍යයේ ආදර කතාවක්. රූපාන්තරණය වෙනස්ම මාදිලියක කතා තේමාවක් රැගත් චිත්‍රපටයක්. ත්‍රස්තවාදය පිළිබඳ පණිවිඩයක් තමයි ඒ ඔස්සේ මම සමාජ ගත කළේ. එය වාණිජමය වශයෙන් සාර්ථක වූ චිත්‍රපටයක්. ඉන්පසුව නිලංජනා චිත්‍රපටයත් ප්‍රේක්ෂකයන් අතර කතා බහට බඳුන් වුණා. එයට පාදක වුණේ රහස් පරීක්ෂක කතාවක්. මේ හැම චිත්‍රපටයක් ඔස්සේ හරවත් යමක් රසවින්දනයක් ප්‍රේක්ෂකයා වෙත ගෙනියන්න මට හැකි වුණා.

සරුංගල් චිත්‍රපටයේ තිබෙන විශේෂත්වය තමයි මගේ පෞද්ගලික අත්දැකීම් සමගින් බද්ධ වීම. විවාහ දිවියේ අත්දැකීම් සමඟ ගොඩනැගෙන අපූර්ව ආදර කතාවක් එය. ආදරය කරන කාලයේ දී පෙම්වතාගේ පෙම්වතියගේ එකිනෙකා වෙනුවෙන් තිබෙන කැපවීම වගේම විවාහ වුණාට පසුව විවාහ දිවියේ දී සැමියාගේ හා බිරිඳගේ කැපවීම පවුල් ජීවිතය ගෙන යන්න කොතරම් වැදගත්ද එසේ නැතිනම් පවුල් ජීවිතයේ අර්බුදවලට හේතුව කුමක්ද? කියන කාරණා මත නිර්මාණය වෙන චිත්‍රපටයක් මෙය.

සමාජයට වැදගත් පණිවිඩයක් ලබා දෙන්නයි සරුංගල් ඔස්සේ උත්සාහ දරන්නේ. මෙහි රූගත කිරීම් අප්‍රේල් මාසෙ මුල සිට කොළඹ අවට සිදු වෙනවා. ඉන්පසුව නුවරඑළිය ප්‍ර ‍ෙද්ශයේ රූගත කිරීම් සිදු වන්නේ. මෙයට රංගනයෙන් චරිත් අබේසිංහ, සාරංග දිසාසේකර, පබෝධා සංදීපනී, ශානිකා එදිරිසිංහ, වගේම නවක නළුවෙකු වන සචිත්‍ර යස්වින්ද හා නවක නිළියන් දෙදෙනෙකු වන චමත්කා ලක්මිණී සහ ජූලියා යෙහාලි එකතු වෙනවා. මේ චිත්‍රපටය නිෂ්පාදනයෙන් නීරේ චිත්‍රපට වෙනුවෙන් තරංග අතුරලිය හා ඒ. ෆාරිෂ්ඨ දායක වෙනවා. සංගීත අධ්‍යක්ෂණය රංග දසනායකත් , සහාය අධ්‍යක්ෂණයෙන් කැළුම් උඩුවාවලත් ආලෝක කරණය හා කැමරාකරණයෙන් මංජුල කුමාරතුංගත්, වේෂ නිරූපණයෙන් අරුණ ශාන්ත ජයසූරියත් දායක වෙනවා.


පැද්දෙන එල්ලෙන ටාසන්

අවුරුද්ද කියන්නේ කලාකරුවන්ට කාර්ය බහුලම සමයක්. ජනප්‍රිය රංගන ශිල්පී රජිත හිරාන්ටත් මේ සමය බොහොම කාර්ය බහුලයි. ඒ බොහෝ අලුත් අවුරුදු වැඩසටහන් රැසකට සම්බන්ධ වෙන නිසයි. කොහොම වුණත් මේ අලුත් අවුරුදු සැමැරුම් අතරේ රජිත වැල්වල එල්ලෙමින් පැද්දෙමින් සටන් කරමින් යම් පුහුණුවක් ලබන බව අපිට දැන ගන්නට ලැබුණා. හදිස්සියේම රජිත මේ විදිහට පුහුණු වෙන්නේ අවුරුදු උත්සවයකටවත් ද කියලා අපිට නිකමට හිතුණා.

මේ ගැන කෙළින්ම අපි රජිතගෙන් විමසුවා. ‘ මේ දවස්වල සංගීත සංදර්ශන, ටෙලි නාට්‍ය, අවරුදු වැඩසටහන් සමග කාර්යබහුල වුණත් නවතම චිත්‍රපට කිහිපයක් වෙනුවෙනුත් වෙහෙසෙනවා. ‘නැතිබැරි ටාසන්‘ චිත්‍රපටයේ පුහුණුවීම්වල තමයි මේ දවස්වල මම නියැලී සිටින්නේ. ‘ටාසන්‘ගේ චරිතයට පණපෙවීම ලෙහෙසි නැහැ. ඒ වෙනුවෙන් මගේ බඩ අඩු කර ගන්න අවශ්‍යයි. එනිසා ටාසන් චරිතය වෙනුවෙන් වැල්වල එල්ලෙමින් පැද්දෙමින්, සටන් කරමින් තමයි දවස ගෙවන්නේ.

 


දෙපාරක් අවුරුදු චාරිත්‍ර ඉටුකරන මංජුලා

මංජුලා කුමාරි ටෙලි නාට්‍යවලින් කාලෙකින් දකින්නට ලැබුණෙ නැහැ. ඒත් අලුත් අවුරුද්දේ ඇය ගැන සොයා බලන්න අපිට හිතුණා. එවිට අපිට ඇය ගැන අපූරු ආරංචියකුත් දැන ගන්න ලැබුණා. ඒ සිංහල අලුත් අවුරුද්දට මංජුලා දෙපාරක්ම අවුරුදු චාරිත්‍ර කරනවා කියලයි. මේ ගැන ඇහුවාම මංජුලා දුන්නේ මේ වගේ උත්තරයක්. ‘ මම සාමාන්‍ය ‍ෙයන් අවුරුදු චාරිත්‍ර පුංචි කාළෙ ඉඳලම අකුරට ඉටු කළා. රංගනයට එක්වීමත් එක්ක අවුරුද්දට විවිධ රූපවාහිනී වැඩ සටහන් වෙනුවෙන් එක්වෙන්න සිදු වෙනවා.

මේ නිසා මම කරන්නේ වැඩසටහන් ඉවර වු විගස ගෙදර දුවගෙන ඇවිත් ඒ චාරිත්‍ර නැවතත් මගේ මව් පියන් සමග සමරන එකයි. මේ සැරෙත් ඒ වගේම තමයි කරන්න වෙන්නේ. මොකද මගේ පුංචි පුතත් ඉන්න නිසා දෙපාරක් අවුරුදු සමරන්න වෙනවා. මොකද හිරු නාළිකාවත් එක්ක අවුරුදු දිනයේ වැඩසටහනකට සහභාගි වෙන්න තිබෙනවා. එනිසා එතැන දී වගේම ගෙදරදීත් මට අවුරුදු සමරන්න වෙනවා. මේ හැම දේම මම සිදු කරන්නේ හරි සතුටින්.

 


නිෂ්පාදනයට පෙම්බැඳි නළුවා

අනූජ් රණසිංහ කිව්වාම ඔහුව කවුරුත් හඳුනන්නේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් ලෙසයි. අනූජ් මේ දවස්වල යළිත් ප්‍රේක්ෂකයන් අතර කතාබහට ලක්වී ඇත්තේ හිරු මෙගා ස්ටාර්ස් වැඩසටහන නිසයි. කොහොම හරි මෙපමණ කාලයක් රංගන ශිල්පියෙක් විදිහට කටයුතු කළ අනූජ් චිත්‍රපට නිෂ්පාදනයටත් අවතීර්ණ වී ඇති බව අපිට දැන ගන්නට ලැබුණා. අලුත් අවුරුද්දේ හා පුරා කියලා චිත්‍රපට නිෂ්පාදනයට පිවිසෙන අනූජ් ඒ ගැන අපිත් එක්ක කතා කළා.‘ ඇත්තටම රංගන ශිල්පියෙක් විදිහට ප්‍රේක්‍ෂකයන්ගේ ආදරය නිබඳවම මට ලැබෙනවා.

සිනමා කලාවට මම බො‍ෙහාම ප්‍රියයි ආදරෙයි. එනිසා රංගනයෙන් පමණක් නෙවෙයි. නිෂ්පාදනයෙනුත් මේ කලාවට දායක වියයුතුයි කියලා මට සිතුණා. ඒ වෙනුවෙන් මම ‘රෙඩ්‘ චිත්‍රපටය නිෂ්පාදනය කරනවා. එහි ප්‍රධාන චරිතය මම රඟ දක්වනවා. 

Comments