ඔබ සමු­ගෙන ගියද හද­වතේ රැ‍ෙඳනු ඇත | Page 2 | සිළුමිණ

ඔබ සමු­ගෙන ගියද හද­වතේ රැ‍ෙඳනු ඇත

ලංකාවේ ජීවතුන් අතර සිටි ජේෂ්ඨතම ගායිකාව වු විවියන් ද සිල්වා බොරලැස්ස පසුගිය 02 වැනි දා දිවියෙන් සමුගෙන ගියේ රසික හදවත් හි සදාදරණීය මතක රැසක් ඉතිරි කරමිනි.මියයන විට 86 හැවිරිදි වියේ පසු වූ ඇය ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් පසු වුවාය.

1930 නොවැම්බර් 24 වැනිදා ජී.එෆ්.ද සිල්වා සහ සී.එල්. සහබන්දු මව් පිය යුවළට දාව උපන් ඇය මරදාන මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. අධ්‍යාපනයෙන් පසුව සී. ඩී. එන් බොරලැස්ස සමඟ 1953 දී විවාහ වූ ඇය දරුවන් හය දෙනකුගේ මවක් විය. කලාවට ලැදි මව්පිය යුවළකගේ එකම දරුවා වූ විවියන්ට කුඩා කළ සිටම කලාවේ නිරත වන්නට වාසනාව ලැබිණි. ඒ තම පියා නිෂ්පාදනය කළ බොහෝ වේදිකා නාට්‍යවල පිළිගැනිමේ ගීතය ගැයීමේ අවස්ථාව ඇයට උදාවූ නිසාය.

අවුරුදු 6 පමණ සිට ඇය තුළ තිබූ මේ හැකියාව නිසාම පසු ක‍ෙලක ඇයට ගුවන් විදුලියේ ගීත ගැයීමට අවස්ථාව හිමි වන අතර ‘දුර පේන තැනිතලා, නංගී නංගී රූපිකා, සම්බුදු මංගල්‍යය, මහා සංඝ බෝධී වැනි ඇය ගැයූ බොහෝ ගීත ප්‍රමාණයක් රසික ජනාදරයට පත් විය. 1998 දී කලා භූෂණ සම්මානයෙන් ද ටවර් හෝල් පදනමේ උපහාර සම්මානයෙන්ද 2033 දී රාජ්‍ය සම්මානයෙන් හා තවත් බෙහෝ සම්මානවලින් ඇය පිදුම් ලැබීය. මෙරට පොදු ගීත සාහිත්‍යයේ වැඩිම බොදු ගීත ගණනක් ගැයූ ජේෂ්ඨතම ගායිකාව ලෙස ඇය අප හදවතේ සදා රැඳෙණු ඇත. විවියන් ද සිල්වා බොරලැස්ස ආදරණීය ගායිකාවෙනි ඔබට අජරාමර නිවන් සුව ලැබේවායි අපි පතමු!


ආදරේ සුවඳ අරන් ආ

අසිත අත්තනායක

මහනුවරින් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට පිවිසි, අසිත අත්තනායක සිරස ටීවී හි ‘ආදරේ සුවඳ අරන්’ ටෙලිනාට්‍යයේ දුලාජ් ගේ චරිතය තුළින් ප්‍රේක්ෂකයා අතර කතාබහට ලක්වූ චරිතයකි.

ඔහු මුලින් ම 2009 වසරේදී නිරූපණ ක්ෂේත්‍රයට පැමිණ ඇත. මර්චන්ට් බැංකුව කළ වෙළෙඳ දැන්වීමකින් අසිත හාපුරා කියා ජනතාව අතරට ගියේය. ඉන්පසු වසර ගණනක් නිරූපණ ක්ෂේත්‍රයේ රැඳීසිට පසුව ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ විය.

‘පබසරා’ ටෙලිනාට්‍යයේ ජයන්තගේ චරිතයට පණදුන් අසිත ටිකිරි රත්නායකගේ ‘සිහින සිත්තරාවී’ හි කසුන්ගේ චරිතයට පණදුන්නේය.

පසුව මහනුවර ටෙලිවිව් ආයතනයේ නිරූපණ ශිල්පියකු බවට හෙතෙම පත්විය.

ලක්ෂ්මන් පුෂ්පකුමාර මහතා අධ්‍යක්ෂණය කළ ආදරේ සුවඳ අරන් ‍ටෙලිනාට්‍යයේ දුලාජ්ගේ චරිතය තුළින් ඔහු ප්‍රේක්ෂකයා අතරට ගියේය. ලක්ෂ්මන් පුෂ්පකුමාර මහතා තමන්ට දුන් අනගි සහාය ගෞරවයෙන් සිහිපත් කරන අසිත ආදරේ සුවඳ අරන් ටෙලිනාට්‍යයේ සහාය අධ්‍යක්ෂවරුන්ටත් කැමරා ශිල්පීන්ටත් ස්තුතිය පුද කර සිටී.

තම දෙමාපියන් මෙන් ම සහෝදර සහෝදරියන් සියලු දෙනා දෙන සහාය ඔහු ආදරයෙන් සිහිපත් කරයි. ඉදිරියේදී මහිංසා, අඳුරට එළියක් යන ටෙලිනාට්‍ය තුළින් අසිතව ප්‍රේක්ෂකයාට දැකගත හැකිය. ව්‍යාපාරිකයකු ලෙස ද කටයුතු කරන අසිතගේ ලිපිනය අංක 479, මී කරාව, අම්පිටිය.


 ජන විඥානය කම්පනය කළ  කපුගේ

(ප්‍රවීණ ගායනශිල්පියකු, සංගීතඥයකු මෙන්ම අව්‍යාජ කලාකරුවකු වූ විශාරද ගුණදාස කපුගේ මහතාගේ 14 වැනි ගුණ සැමරුම පසුගිය 03 වැනි දිනටයෙදී තිබුණි.මෙම ලිපිය ඒ නිමිත්තෙනි.)

 

නිර්මාණශීලී අදහස්වලින්පරිපරිපූර්ණ වූ ප්‍රවීණ සංගීතවේදී විශාරදගුණදාසකපුගේ මහතාගේ සම්ප්‍රාප්තිය සිදුවන්නේ හැත්තෑවදශකයේ දී ය. සිංහල සංගීත ක්ෂේත්‍රය තුළ විප්ලවීය වෙනසක් සිදුකිරීමට මහත් පරිශ්‍රමයක් දැරූ කපුගේ මහතා අපේ රටේ රසික රසිකාවියන් වෙනුවෙන් හරවත් ගීත සමුදායක් නිර්මාණය කළේ සාම්ප්‍රදායික සම්මතයන්ද අභිබවා යමිනි.

ඔහුගේ ගීපද සංකල්පනාවන්හී බොහෝවිට විෂය වූයේ පොදුජනතාවගේ අවශ්‍යතා සහ වුවමනාවන් ය.ඒවාගේම පොදු ජනතාවගේ දුක්කම්කටොලු අව්‍යාජ ප්‍රාර්ථනා ප්‍රේමය ආදරයේ විරහ වේදනාවල ආගමික භක්තිය දේශානුරාගය සමාජ අසාධාරණය සහ සමාජ විෂමතා යන කාරණා ද ඔහුගේ ගීපද සංකල්පනා මගින් පිළිබිඹුවිය.

සෑමවිටම වඩාත් ගැළපෙන රිද්මයන් හඳුනා ගැනීමේ ශක්තියක් ඇති ඔහුට අපූර්වත්වයෙන් යුක්ත තනුවක් නිර්මාණය කර ගැනීමත්, ඒ සඳහා රමණිය සංගීතයක් මුසුකර ගැනීමත්, ඉතාම සරළ කර්තව්‍යකි.

එමෙන්ම කපුගේ මහාතා සෑමවිටම ස්වකීය පරිකල්පනය මෙහෙයවා නිර්මාණකරණයේ නියැලූ බැවින් ඔහුගේබොහෝ නිර්මාණ සාර්ථකත්වයට පත්වූවේය.

දේශීය සංගීත ක්ෂේත්‍රය තුළ අදත් ඔහුගේ නිර්මාණවලට ඉහළ පිළිගැනීමක් තිබේ. ‘පිහිටක්නැතිත්‍ව සරණක්නැති', ‘දවසක් පැල නැතිහේනේ ‘, ‘අබිසාරිකාවන්ගේ යනාදී ගීත අදටත් පොදුජනතාවගේ සිත් සතුටු කිරීමට සමත් වී තිබේ.

ඔහු සංගීතඥයෙක් වශයෙන් ප්‍රවීණ නාට්‍යවේදී සුගතපාල ද සිල්වා මහතාගේ ‘ තුරඟසන්නිය‘සහ ප්‍රවීණ නාට්‍යවේදී ලූෂන් බුලත්සිංහල මහතාගේ ‘තාරාවෝ ඉගිලෙති‘ ආදී වේදිකානාට්‍යය වලටද දායකත්වය ලබාදුන්නේ ය. එමෙන්ම චිත්‍රපට කිහිපයකම සංගීත අධ්‍යක්ෂණය කිරීමෙන් සහ පසුබිම් ගීත ගායනා කළ කපුගේ මහතා සිනමා ලෝලීන් අතර වඩාත් කතාබහට ලක් වන්නේ ‘එක්ටැම්ගේ‘ චිත්‍රපටයට මහාචාර්ය සුනිල්ආරියරත්නයන් රචනා කළ ‘උන්මාදත්‍ව සිතුවම්‘ යන ගීතය ගායනාකරමිනි.

වර්ෂ 1984දී ‘කාලයේ රාවය‘ත් වර්ෂ 1985 දී ‘මාවතේ ගීතය‘ත් යන ඒකපුද්ගල ගී ප්‍රසංග පැවැත්වූ ඔහු, වර්ෂ 1990 දී පැවත්වූ ‘කම්පන‘ ඒකපුද්ගල ගී ප්‍රසංගය මෙරට රසික රසිකාවියන්ගේ සිත්සතන් ඇද බැඳ තබා ගත්තේ ය. සම්මානනීය ගායන ශිල්පියකු මෙන්ම සංගීතඥයකු ලෙස නිරතුරුවම දේශීය සංගීත ක්ෂේත්‍රයේ උන්නතියට අගනා මෙහෙවරක් සිදුකළ විශාරද ගුණදාසකපුගේමහතා ඒ සියල්ලටමවඩාජනතාවගේ විඥානයට ලබාදුන් කම්පනය ඔහුගේ සංගීත දිවියෙහි අනුස්මරණීය සිහිවටනයක් වනු ඇත.


‘ආලෝකෝ උදපාදි‘ට පසුව ‘අලි කතාව‘

දැන් ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවල ප්‍රදර්ශනය වන ‘ආලෝකෝ උදපාදි‘ චිත්‍රපටයට පසුව තිර ගත වන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ ‘අලි කතාව‘ ළමා චිත්‍රපටයයි. ‘ගඟ අද්දර‘ රචනා කළ ලෙටීෂියා බොතේජුගේ නව කතාවක් ඇසුරෙන් නිර්මාණය කළ ‘අලි කතාවේ‘ ප්‍රධාන චරිතය රඟ පාන්නේ වසර 2 1/2 ක් පමණ වයසැති අලි පැටවෙකි. මේ අලි පැටවා සමඟ කෞශල්‍යා ප්‍රනාන්දු සහ යොහානි හංසිකා යන ළමා නළු නිළියෝ සෙසු ප්‍රධාන චරිත නිරූපණය කරති.

වැඩිහිටි චරිත රඟ පාන්නේ රවීන්ද්‍ර රන්දෙණිය, ධනංජය සිරිවර්ධන, තාරුකා වන්නිආරච්චි, ගිරිගිරාජ් කෞශල්‍ය, රොඩ්නි වර්ණකුල, දුලීකා මාරපන, කුමාර තිරිමාදුර, සරත් කොතලාවල, විල්සන් ගුණරත්න, දීපානි සිල්වා ආදීන් ය.

කැමරා අධ්‍යක්ෂණය චන්න දේශප්‍රියගෙනි. කලා අධ්‍යක්ෂණය බිමල් දුෂ්මන්ත, සහය අධ්‍යක්ෂණය විමල් දේශප්‍රිය, නිෂ්පාදන කළමනාකරණය මනෝහාරි හේවාවසම්, වේෂ නිරූපණය හර්ෂ මංජුල, වස්ත්‍රාභරණ තිළිණ හෙට්ටිගමගේ, දෘශ්‍ය ප්‍රයෝග චත්‍ර වීරමන් , නර්තන අධ්‍යක්ෂණය චන්දන වික්‍රමසිංහ, සංගීත අධ්‍යක්ෂණය රෝහණ වීරසිංහ. නන්දා මාලිනී සහ රොඩ්නි වර්ණකුල සමඟ ‘අලි කතාවේ‘ගීත ගායනා කරන්නේ දෙරණ ලිට්ල් ස්ටාර් රියැලිටි ගායනා තරඟයේ 2012 ජනප්‍රියම ගායන තරුව වූ ඉරෝෂන් මධුසංඛ සහ 2015 ජනප්‍රියම ගායන තරුව වූ විදූෂා නේත්‍රාංජලී ය.

සිප්වින් චිත්‍රපට වෙනුවෙන් ‘අලි කතාව‘ නිෂ්පාදනය කරන්නේ ‘මහරජ ගැමුණු‘ චිත්‍ර පටයෙන් 2015 විශිෂ්ටතම නිෂ්පාදකවරයා ලෙස සරසවි සම්මාන ලත් ගුණපාල රත්නසේකර ය. ‘අලි කතාවේ‘ වෙබ් අඩවිය alikathawa.com  ය.

 


signis ශ්‍රී ලංකා උත්තමාචාර සම්මාන උළෙලට නිර්මාණ භාර ගැනේ

සිග්නිස් (signis) ශ්‍රි ලංකා ආයතනය මගින් සිනමා සහ ටෙලිනාට්‍ය නිර්මාණ ශිල්පීන් ඇගයීම වෙනුවෙන් සංවිධානය කරන සිග්නීස් උත්තමාචාර සම්මාන උළෙල 2017 සඳහා නිර්මාණ බාර ගැනීම මේ දිනවල සිඳුකෙරේ.

මෙවර සිග්නීස් උත්තමාචාර සම්මාන උළෙලේ දි සම්මාන සඳහා සලකා බලනු ලබන්නේ 2016 වසරේ තිරගතවු චිත්‍රපට සහ 2016 දෙසැම්බර් 31වෙනිදාට පෙර විකාශය නිමාකළ කොටස් 100කට නොවැඩි ප්‍රාසාංගික ටෙලිනාට්‍යයන්ය.

මෙවර මාතෘකාව-දේශජ සිනමා ආත්මය, ස්වකීය නිර්මාණ පෙළහරින් විශ්ව තලයට ඔසවාලු ලොව වෘධතම අසහාය සිනමා ප්‍රාඥයා(ආචාර්ය ලෙස්ටර් ජේමිස් ‍පීරිස්) වචන 3000කට සීමා වු ඔබේ සිනමා විචාරයන් 2017 අගෝස්තු 30වැනි දිනට පෙර පහත සඳහන් ලිපිනයට තැපැල් මගින් හෝ කාර්යාලයට පැමිණ ලබා දිය හැකිය. වැඩි විස්තර දු.ක 0112693425/ 0718069085 ඇමතීමෙන් හෝ කාර්යාලයට 19, බැල්කම් පෙදෙස, බොරැල්ල, කොළඹ 08


කිරි ඉතිරෙන කොවුල් ගී නද

භාග්‍යවන්ත යන අරුත් ගන්වන බක් හෙවත් අපේ සිංහල අලුත් අවුරුදු මාසය නිසා සොම්නසින් පිරී ගිය සෑම සිංහල නිවසකින්ම ඇසෙන්නේ අරුථාන්විත අවුරුදු ගීතයන්ය.

මින් අතිශය ජනප්‍රිය එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක, මොහිදීන් බෙග්, ලතා වල්පොළ, ජේ. ඒ. මිල්ටන් පෙරේරා, සුජාතා අත්තනායක, පුන්සිරි සොයිසා, රූපා ඉන්දුමතී, විජය කුමාරතුංග, චන්ද්‍රෙල්ඛා පෙරේරා, ඩෙස්මන් ද සිල්වා ගැයූ ගීත 50ක් සහිත ග්‍රන්ථ හා සංඛ්‍යාන තැටිය දැන් නිකුත් වී ඇත.

කිරි ඉතිරෙන කොවුල් ගී සර නම් එහි ප්‍රකාශනය හා නිශ්පාදනය ඩබ්. ජයසේන ද අල්විස් (ජයනන්ද) ගෙනි. ප්‍රවීණ සිනමා ලේඛක රූපසේන සිල්වා විසින් සම්පාදිත ග්‍රන්ථයේ කවර නිර්මාණය ප්‍රේම් දිසානායක අතින් සිදු වී ඇත.

ඒ පිළිබඳ වැඩි විස්තර 011-2 347 468 හෝ 011-2 694 230 අමතා දැන ගත හැක. 

 

Comments