අලුත් අවු­රුද්ද හැඩ කරන පුංචි තිිරයේ අව­ුරුදු | සිළුමිණ

අලුත් අවු­රුද්ද හැඩ කරන පුංචි තිිරයේ අව­ුරුදු

ජාතික රූපවාහිනියෙන් තරු සමඟ අවුරුදු

පිරිස අතර අපේ පුංචි තිරය අමතක කරන්න බැහැ. හැම දෙනාටම කලින් අවුරුද්ද ගැන කතා කරන්න වගේම සමරන්නත් ලක ලැහැස්ති වෙන්නේ රූපවාහිනී නාළිකායි. එනිසාම මෙවර පුංචිතිරයේ අවරුදු අසිරිය ගැන කතා බහ කරන්න අපි හිතුවා.

මෙවර අවුරුද්ද වෙනුවෙන් ජාතික රූපවාහිනිය තමන්ගේ අවුරුදු වැඩසටහන් පෙළ ගස්වා ඇත්තේ අපූර්ව ආකාරයෙනුයි. ඒ අතර‘තරු සමඟ අවුරුදු ‘වැඩසටහන කාගේත් අවධානයට ලක් වුණා. මේ 13 වැනි දා සවස හතරට ‘තරු සමඟ අවුරුදු‘අවුරුදු වැඩසටහන ප්‍රේක්ෂකයා වෙත ගෙන එන්නට සියලු කටයුතු මේ වන විට සූදානම්. ජාතික රූපවාහිනිය ජනතාවගේ නාළිකාව ලෙස කටයුතු කරමින් සෞන්දර්යාත්මක අත්දැකීමක් ප්‍රේක්ෂකයා හමුවට ගෙන ඒමට මේ ඔස්සේ කටයුතු කර තිබේ. සාමාන්‍යයෙන් සෑම නාළිකාවකම තරු සමඟ අවුරුදු සැමරුවත් මෙහි විශේෂත්වය වනුයේ ලංකාවේ සෑම ක්ෂේත්‍රයක්ම නියෝජනය කරමින් දීප්තිමත් තරු රැසක් ‘තරු සමඟ අවුරුදු ‘උළෙල නියෝජනය කිරීමයි.

ටෙලි නාට්‍ය, සිනමා, ක්‍රීඩා, දේශපාලන, සමාජීය වශයෙන් ජනප්‍රිය චරිත, බබළන තරු රැසක් මේ වැඩසටහනට එක් වී සිටියා. මේ වැඩසටහනේ සාර්ථකත්වය කොතරම් ද කියතොත්් 150 කට වැඩි පිරිසක් මේ සියලු ක්ෂේත්‍ර නියෝජනය කරමින් ජාතික රූපවාහිනිය සමඟ එක් ව සිටියා.

මේ වැඩසටහනට විවිධත්වයෙන් යුතු අවුරුදු ක්‍රීඩා 15ක් පමණ අන්තර් ගත වූ අතර මෙහි ඇතුළත් වූ විශේෂ අංගයක් වූයේ රූපවාහිනී තරු අවුරුදු කුමරා හා කුමරිය තේරීමේ තරඟයයි. එයත් විශේෂ වූයේ පෙර සූදානමක් නැතිව ඒ මොහොතේ කුමරා හා කුමරිය වශයෙන් අභිෂේක ලැබීමයි.

මේ විදිහට කිරුළු පළන් තරු අවුරුදු කුමරිය කවුරුද කුමරා කවුරුද කියලා ‘තරු සමඟ අවුරුදු ‘වැඩසටහන නැරඹීමෙන් ඔබට දැක ගත හැකියි. 

Comments