
මෙවර අලුත් අවුරුද්ද වෙනුවෙන් පවුලේ නාලිකාව වන ස්වාධීන රූපවාහිනියත් විශේෂ වැඩසටහන් රැසක් අප්‍රේල් 13-14 දෙදින පුරාම දියත් කර තිබෙනවා. ඒ අතර මෙවර අයිටීඑන් සුර්ය මංගල්‍යය ප්‍රේක්ෂකයාට අතීශය වැදගත් වන්නේ විශේෂ වැඩසටහන් පෙළක් නැවුම් අන්දමින් ප්‍රේක්ෂකයා හමුවට ගෙන ඒමට සුදානම් වන හෙයිනි.
වැලිසර නාවික හමුදා කඳවුරු පරීශ්‍රය, දක්ෂිණ නාවික හමුදා කඳවුරු පරීශ්‍රය, ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරු පරීශ්‍රය, කරෙයි නගර් නාවික හමුදා කඳවුරු පරීශ්‍රය මෙන්ම ‘සයුර‘නෞකාවේ සිට මෙවර අවුරුදු අසිරිය සජීවීව ප්‍රේක්ෂකයා වෙත ගෙන එන්නට ස්වාධීන රූපවාහිනිය සූදානම්.
වික්‍රමසිංහපුර අයිටීඑන් ප්‍රධාන මැදිරි සංකීරණයේ සිට රට වටාම අවුරුදු අසිරිය පෙළ ගස්වන්නට මේ දිනවල ඔවුන් ලහි ලහියේ කටයුතු සූදානම් කරමින් සිටිනවා. ආරක්ෂක හමුදා සමඟ මාධ්‍යවේදීන් එක්ව අවුරුදු අසිරිය රටේ ජනතාව වෙත සමීප කරන මේ අවස්ථාව ප්‍රේක්ෂකයාට අලුත්ම අත්දෑකීමක් ගෙන ඒවි.