
අක්ෂා සුදාරී
අක්ෂා සුදාරී තරුණ තරුණියන් අතර ජනප්‍රිය චරිතයක්. ඇගේ නව පෙනුම හා පසුගිය දිනවල ඇය එක්වු නවතම මියුසික් විඩියෝව ගැනත් විවිධ කතා අසන්න ලැබෙනවා. මේ කෙසේ වෙතත් අක්ෂා කියන්නෙත් කලින් කලට කතා මවන්නියක්. එහෙම නැතිනම් කුමක් හෝ කතාවක පසුබිම් චරිතයක්.
කාලෙකට පස්සේ ආයෙත් වැඩ පටන් අරන් වගේ?
මම කලාවෙන් ඉවත් වෙලා හිටියේ නැහැ. මගේ ව්‍යාපාර කටයුතු නිසා සම්බන්ධ වුණේ අඩුවෙන්. පහුගිය කාලේ ඉන්දියාවට ගිහින් මගේ ෆිගර් එකත් හදා ගෙන බැක් ටු ට්‍රැක් කියලා මේ දවස් වල බොහොම ආසාවෙන් මියුසික් විඩියෝස් වගයක වැඩ කර ගෙන ෂේප් එකේ ඉන්නවා.
අක්ෂා ගේ කැලඹිලි සමය නිමා වෙලාද?
කෙහොම නිමා වෙන්නද..? මිනිස්සු හැමදාම මොනවහරි කියා ගෙනමයි ඉන්නේ. නමුත් නැව ගිලුනත් අක්ෂා බෑන් චූන්. මගේ ජීවිතේ සාමාන්‍ය විදිහට හිනා වෙලා ඉන්නවා. මම ශක්තිමත් ගැහැනියක් නිසා කිසිම ගැටලුවක් නැතුව ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දෙන්න මට පුළුවන්.
ජනප්‍රියත්වය වෙනුවෙන් කතා මවන්න අක්ෂා හරි ජනප්‍රියයි කියන්නේ ඇත්තද?
අනේ ඒක නම් අමූලික බොරුවක්. මට කිසිම වුවමනාවක් තිබුණේ නැහැ ගොසිප් හදා ගන්න. සාමාන්‍යයෙන් මං මොනව හරි කළත් මිනිස්සු ඒක ගොසිප් එකක් විදිහට හදා ගන්නවා. ඉතින් මිනිස්සුම හදා ගෙන ගොසිප් දාගන්නවා මිසක් මට නම් එහෙම අවශ්‍යතාවක් නැහැ.
ඇයි ඉතින් අක්ෂාටම මෙච්චර ගොසිප් හැදෙන්නේ?
ක්ෂේත්‍රයේ වැඩ පටන් ගත්ත දවසේ ඉඳන් මට ගොසිප් ගොඩක් හැදුණා. තවමත් එහෙමමයි. මං හිතන්නේ ජනප්‍රිය වෙන්න වෙන්න මගේ පෞද්ගලික ජීවිතය ගැන මිනිස්සු හොයනවා වැඩියි වගෙයි.
කට කතා, චෝදනා වැඩි වෙද්දි ඉල්ලුම අඩු වෙනවා කියන්නේ ඇත්තද ?
ඒක බොරු කතාවක්. අපිට කට කතා නවත්වන්න බැහැ. හැබැයි කට කතා හෝ වෙනත් ප්‍රශ්න කවදාවත් කලාවට සම්බන්ධ වෙන්නේ නැහැ.
ඒ කියන්නේ දැනටත් අක්ෂාට හොඳ ඉල්ලුමක් තියෙනවා කියලද?
මගේ ඉල්ලුම කවදාවත් අඩු වුණේ නැහැ.. මං හිතන්නේ දැන් මගේ ඉල්ලුම වැඩි වෙලා.
ඔය කිව්වට රංගන ශිල්පිනියක් විදිහටත් එකම ටෙලි නාට්‍යක විතරයි ඔබ රඟපෑවේ?
ඔව්. මම දක්ෂ නිළියක් නොවෙන්න පුළුවන්. එහෙම ලොකු දක්ෂතාවක් පෙන්වන්න පුළුවන් තරම් නිර්මාණයක් මට මෙතෙක් ලැබිලත් නැහැ. පහු ගිය කාලේ ටෙලි නාට්‍ය බාර නොගත්තේ ලංකාවේ නොසිටි නිසයි. චිත්‍රපට නම් දෙක තුනක ආරාධනා ලැබුණා. නමුත් මට නොගැළපුණු නිසා බාර ගත්තේ නැහැ. ඉස්සරහට හොඳ වැඩ ලැබුණොත් කරනවා. දැනට මියුසික් විඩියෝස් වලට බොහොම කැමැතියි. මොකද හරිම කෙටි කාලයකින් හොඳ වැඩක් කරන්න පුළුවන් වෙන නිසා.
අක්ෂා කියන්නේ හිතෙන ඕනෑම දෙයක් කරන කෙනෙක්ලූ නේද ?
හිතෙන හැම දෙයක්ම කරන කෙනෙක් තමයි..හැබැයි දෙපාරක් නැහැ. එකපාරයි හිතන්නේ. හිතපු වෙලාවේ ඒක හරි කියලා හිතුණොත් කරනවා.
අක්ෂා ගෙවන්නේ සුඛෝපභෝගී ජීවිතයක්. කොහෙන්ද මෙච්චර සල්ලි?
මම වෘත්තියමය රංගන ශිල්පිනියකට වඩා ව්‍යාපාරික කාන්තාවක්. මේ සියල්ල මට ලැබුණේ මගේ ව්‍යාපාරයෙන්.
අක්ෂාගේ අරමුණ මුදල් විතරද?
ඔව්. අනිවාර්යෙන්ම සල්ලි විතරයි. මම සල්ලි වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරනවා. ගොඩක් මහන්සි වෙනවා. මගේ ජීවිතේට සල්ලි තමයි අත්‍යවශ්‍ය. කලින් එහෙම හිතුවේ නැහැ. නමුත් දැන් හිතනවා. සල්ලි තියෙනවා නම් අම්මා තාත්තා හැර හැමදේම ගන්න පුළුවන්. හැබැයි දැන් අම්මා තාත්තා වුණත් සල්ලි වලට ගන්න පුළුවන් වෙයි.
ආදරයත් එහෙම ගන්න පුළුවන් කියලද ඔබ ඔය කියන්න හදන්නේ ?
අනිවාර්යෙන්ම. සල්ලි තියෙනවා කියන්නේ හැම දේම ළං වෙනවා.
මෑතක සිට රූපය ගැන වැඩිපුර හිතන්නේ තරුණයන්ගෙ ආකර්ෂණය වෙනුවෙන්ද ?
අනේ නැහැ. එහෙම අවශ්‍යතාවක් නැහැ. කොල්ලෙක් මං දිහා බලලා ලස්සනයි කියනවාට නම් මම කැමැතියි. ඒත් කෙල්ලෙක් මං දිහා බලලා මට අක්ෂා වගේ ලස්සනට ඉන්න ඕනේ කීවොත් මට ඊටත් වඩා සතුටුයි. ඉස්සර නම් මගේ රූපය හැඩය ගැන හිතුවෙ නැහැ තමයි. නමුත් දැන් ඒකත් ට්‍රෙන්ඩ් එකක් වෙලා. අනික ඉස්සර වගේ නෙමෙයි දැන් ලෙඩත් වැඩියි. හැමෝම දැන් තමන්ගේ සෞඛ්‍ය ගැන හිතලා ඊට අවශ්‍ය හිතකර ආහාරපාන අරගෙන නිරෝගීව ඉන්න ඕනේ.
අක්ෂා දැන් පෙම්වතියක් නෙමෙයිද?
නැහැ. මට දැන් පෙම්වතියක් වෙන්න ඕනේ නැහැ. මම ආයිත් ආදරය කරන එකක් නැහැ. මම ආදරය කරපු කෙනාට මං ගොඩක් ආදරෙයි. එතනින් එහාට මම ආදරය කරන එකක් නැහැ. දැන් අරමුණු කරන්නේ මගේ වැඩ සහ මගේ ටාර්ගට්ස් ගැනයි .
කවුද අප්පේ තවමත් හිතේ ඉන්න අක්ෂාගේ ආදරය හොරා ගත් කෙනා?
මම මෙහෙම කිව්වාම එයා දන්නවා කවුරු ගැනද මේ කියන්නේ කියලා. ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.
ඔබට නම් කිහිපයක්ම තියෙනවා කියන්නේ ඇත්තද?
නැහැ. මට විවිධ නම් නැහැ.
අක්ෂා සුදාරි කියන්නේ ඔබේ සැබෑ නම නෙමෙයි නේ?
මෙහෙමයි. මගේ තාත්තා සිංහල. අම්මි මුස්ලිම්. තාත්ති තිබ්බ නම තමයි ආශා. අම්මි මට තිබ්බේ අක්ෂා සුදාරී කියලයි. මම ගොඩක් භාවිත කරන්නේ අක්ෂා සුදාරි කියන නම.
ඕනෑම නළුවෙක් සමග සරාගී රංගනයට අක්ෂා එකඟද?
මටම ගැළපෙන විදිහේ කෙනෙක් නම් කරන්න පුළුවන් මිසක් හැම කෙනෙක් එක්කම රංගනයේ යෙදෙන්න අපහසුයි.හැබැයි මගෙන් ඇහුවා නම් බොලිවුඩ්වල වරුන් ධවාන් එක්ක රඟපානවාද කියලා අන්න එතකොට නම් මම හා කියනවා..
ඒ කියන්නේ ලංකාවේ එහෙම නළුවෝ නැහැ කියලද?
අම්මෝ මොකද නැත්තේ.... ලංකාවේ කට්ටිය මම එහෙම පල්ලෙහාට දාන්නේ නැහැ.
ඔබේ ඉන්දියානු නිර්මාණ නම් මෙහෙ කවුරුත් දැකලා නැහැ?
ඔව්. මම චෙන්නායි වල ලොකු වැඩ ගොඩක් කරලා නැහැ. එහෙ ඉන්ඩස්ට්‍රි එක හරිම ලොකුයි. මම කරලා තියෙන පුංචි පුංචි වැඩ ගැන පහත දාලා හිතන්නේ නැහැ. තවමත් මම එහේ ඔඩිෂන්ස් යනවා. ඒවට සම්බන්ධ වෙන්න තමයි ඉන්දියාවට යන්නේ. තවමත් මම උත්සාහ කරන්නේ හොඳ දෙයක් කරන්න.
එහෙනම් මේ බොලිවුඩ් යන්නයි කල්පනාව?
බොලිවුඩ් නෙමෙයි. ඊට කලින් කොලිවුඩ් හෝ යන්නයි අවශ්‍ය. බොලිවුඩ් යන්න ගොඩක් මහන්සි වෙන්න ඕනේ. නමුත් මම හිතනවා මට කවදා හරි ඒ හීනය සැබෑ කරගන්න පුළුවන් වේවි කියලා.