නරක බඩු වික්කොත් අමතන්න | Page 10 | සිළුමිණ

නරක බඩු වික්කොත් අමතන්න

අලුත් අවුරුදු සමයේ නරක්වූ හා කල්ඉකුත් වූ භාණ්ඩ වෙ‍ෙළඳපොළ වෙත නිකුත් කිරිමේ කුට ව්‍යාපාරයක් ක්‍රියාත්මකවන බව පාරිභෝගික අධිකාරිය පවසයි.

මෙසේ වෙළෙඳපොළට යැවීමට සූදානම් කර තිබූ රුපියල් ලක්ෂ 20කට වැඩි වටිනාකමකින් යුතු නරක්වූ කට්ටා කරවල තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.

යම් ස්ථානයක පාරිභෝගික භාවිතයට නුසුදුසු ආහාර, විකිණීම හෝ වැඩි මිලට විකිණීම් සම්බන්ධ යම් තොරතුරුක් ඇත්නම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හදිසි ඇමතුම් අංකය වන 1977 අමතන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි. 

Comments