
බනානා පිටර්ස්
මේ දේවල් අවශ්‍යයයි
හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩි -10
පාන්පිටි - 150g
තල ඇට - 30g
ගාගත් හකුරු - 100g
පැණි - 100ml
බැද ගැනීමට තෙල්
කැමැති අයිස්ක්‍රීම් වර්ගයක්
බැටර් කිරීම සඳහා:-
පාන්පිටි - 200g
කිරි - 500ml
ලුණු ස්වල්පයක්
කහකුඩු තේ හැඳි - 1/2
වතුර ස්වල්පයක්
සාදන්නෙ මෙහෙමයි
පළමුව පාන්පිටි, කහ, ලුණු සහ කිරිඑකට දමා (අවශ්‍ය නම් වතුර ස්වල්පයක් ද දමා) තරමක ගොරෝසු බැටර් එකක් සාදා ගන්න. පසුව කෙසෙල් ගෙඩි සුද්ද කර දෙකට පලා එහි පාන්පිටි තවරා ගන්න. ඉන්පසුව බැටර් එකේ ගිල්වා රත්වූ තෙලෙහි රන්පාට වන තෙක් බැද ගන්න. තරමක ලොකු අතුරුපස පිළිගන්වන කප් එකකට (අයිස්ක්‍රීම් කප්) උණු උණුවෙන් ම බැදගත් කෙසෙල් දමා, පැණි, හකුරු සහ තල ඇට උඩින් දමා අයිස් ක්‍රීම් ස්වල්පයක් දමා පිළිගන්වන්න.
බනානා හනි බෝල්ස්
මේ දේවල් අවශ්‍යයයි
ඉදුණු කෙසෙල් ගෙඩි - 10 - 15
පාන්පිටි - 100g
වියළි මිදි - 30g
කපාගත් කජු - 50g
කුරුඳු කුඩු තේ හැඳි - 1/2
පොල් හෝ කිතුල් පැණි
බැද ගැනීමට තෙල්
පිළියෙල කරන ආකාරය
කෙසෙල් ගෙඩි ලෙල්ල ඉවත්කර ගෙන හොඳින් අතින් පොඩිකර එයට පාන්පිටි, මිදි, කජු, කුරුඳු කුඩු දමා හොඳින් අනාගන්න. ඉන්පසුව කැමැති ප්‍රමාණයේ කෑලි කඩා බෝල කඩා රත්වූ ගැඹුරු තෙලේ රන්වන් පාට වන තෙක් බැද ගන්න. බැදගත් විගස පැණි භාජනයකට දමා ගන්න. හවස තේ මේසයට අතුරුපසක් ලෙස එක්කර ගැනීමට කදිමයි.
බනානා බටර් මිල්ක්
මේ දේවල් අවශ්‍යයයි
ඉදුණු කෙසෙල් ගෙඩි - 100g
කිරි - 500ml
බටර් තේහැඳි - 3
සීනි රස අනුව
සාදන ආකාරය
පළමුව කෙසෙල් ගෙඩි ලෙලි ඉවත්කර මදය තරමක පෙති ලෙස කපා ගන්න. දැන් සාමාන්‍ය ප්‍රමාණයේ භාජනයක් ළිපමත තබා එයට සීනි සහ කිරිදමා හැදිගාමින් උතුරවා ගන්න. ඉන්පසු ළිප නිවා කිරි එකට බටර් දමා හොඳින් දියකර ගන්න. දැන් නැවත ලිප පත්තු කර කෙසෙල් ගෙඩි දමා උතුරවා ළිපෙන් බාගන්න. මෙය නිවුණු පසු තරමක උස වීදුරුවකට දමා පිළිගන්වන්න.