
නවක ලේඛක ලේඛිකාවනට අත දීමේ අරමුණින් එස්. ගොඩගේ සහ සමාගම විසින් වාර්ෂිකව පවත්වනු ලබන ගොඩගේ අත් පිටපත් තරගයේ කෘති ජනගත කිරීම සහ ජයග්‍රාහී කෘති උදෙසා ලේඛක ලේඛිකාවනට මුදල් සහ තිළිණ සහතිකපත් ප්‍රදානය පසුගියදා පුස්තකාල හා ප්‍රලේඛන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ගොඩගේ සමාගමේ අධිපති දේශබන්ධු සිරිසුමන ගොඩගේ මහතා සහ නන්දා ගොඩගේ මහත්මිය මූලාසනය හෙබවූ මේ ගොඩගේ අත් පිටපත් තරගයේදී නවකතා දෙකක් ප්‍රශස්ත නවකතා ලෙසින් සම්මානිත වූ අතර පද්මිණී සෙනවිරත්න ලියූ ‘න ගච්ඡති’ සහ හංසිනි ගයාත්‍රි ලියනගේ ලියූ ‘තුන්හුලස්’ කෘතිය ද වෙනුවෙන් රුපියල් ලක්ෂය බැඟින් මුදල් ත්‍යාගයක් ද සහතික පත් ද ගොඩගේ මහතා සහ එම මහත්මිය අතින් ප්‍රදානය කෙරිණි.
මෙහිදී හොඳම යොවුන් නවකතාව සුදත් විකුම් ගල්හේන රචිත ‘මාතර ගඟේ කිඹුල් හටන’ හොඳ ම කාව්‍ය සංග්‍රහයට චන්ද්‍රසේන බදුගම රචිත ‘කළුපාට මුතු’ සහ චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න රචිත ‘ඈ විප්ලවයක් නොකළා ය’, හොඳ ම කෙටිකතා සංග්‍රහය (දෙමළ) කාත්තනගර් මොහිදීන්කලි රචිත ‘මලෛයි නින්රපෝදු’ යන කෘතීනට ද රුපියල් 25,000 ක මුදල් ත්‍යාග සහ සහතික පත් පිරිනැමිණි.
මෙහිදී ප්‍රධාන දෙසුම පැවැත්වූ මහාචාර්ය ටෙනිසන් පෙෙර්රා මහතා මෙසේ පැවසීය.
“කිසිම ලේඛකයකුට යම් කෘතියක් ලිවීමේදී තමන් අවට පරිසරයෙන් මිදී වෙන්වී ලිවිය නොහැකියි. පුද්ගලයා මුල් කරගෙන ලියැවුණු කෘති ද තිබිය හැකියි. බොහෝ විට ලේඛකයා තමන් අවට පරිසරය මධ්‍යගතව සිටයි, නිර්මාණකරණෙය් යෙදෙන්නේ, යම් ලේඛකයකුගේ කුසලතාව පිළිබඳ සාධකය ඔහුගේ හෝ ඇයගේ පවත්නා වටාපිටාවයි.