
මහේෂ් කුමාර ජයසිංහගේ
පළමු ගීතය සිත් අද්දරින්
හිත අද්දරින් ගීතයේ පදමාලාව
මා හා ගෙවුණු අතීතේ
ඇයගේ මතකෙන් නිමා වී
කුසුම් කඳුළේ ගිලාවී
ඔහුගෙ සෙවණේ හිඳීවී
තනිවෙන්න මේ ලෝකෙ සිතුවාද මං
හිත අද්දරින් ඔබ ගියේනම්
සඳ දියට පා තබන මොහොතේ පවා
ආදරය ඉල්ලන්නෙ සුසුමින් පවා
කළුවරට හුරු වුණා//
තනිවෙන්න මේ ලෝකෙ
තරු අහස ඉකිබිඳින මැදියම් රැයේ
සීතලට ගුළිවෙන්න සුසුමින් පවා
කළුවරට හුරු වුණා//
තනිවෙන්න...
මහේෂ් කුමාර ජයසිංහගේ. නව පරපුරේ ගායකයකු හැටියට මේ වන විට කටයුතු කරන අතර හෙතෙම ගැයූ පළමු ගීතය වන්නේ ද මෙයයි. ‘හිත අද්දරින්’ මියුසික් වීඩියෝව ද නිර්මාණය කොට තිබෙනවා.
මේ ගැන වැඩිදුරටත් අදහස් දක්වන්න මහේෂ් අප හා මෙලෙස සම්බන්ධ වුණා.
“මගෙ වෘත්තිය වීඩියෝ නිෂ්පාදනයයි. ඒ සම්බන්ධ මගෙම ව්‍යාපාරයක් තිබෙනවා. එලෙස කටයුතු කරමින් සිටින අතරතුර නිකම් විනෝදයට වගේ මම වෙනත් ගායකයන්ගේ ගීත ගයා ෆේස්බුක් ගිණුමට එකතු කළා. ඒවා අහපු වැඩි දෙනෙක් මට කිව්වෙ අලුත්ම ගීයක් ගයන්න කියලයි. ඒ ලද පන්නරය මතයි මෙලෙස අලුත් ගීයක් ගයන්නට හිතුවෙ. මෙහි පද රචනය සහ සංගීත අධ්‍යක්ෂණය සිදුකළේ මනෝජ් ලසන්ත ගමගේ. ඔහු මගෙ මිත්‍රයෙක්, මොන දේ වුණත් මං හදිසියෙන් නෙමෙයි මේ ගීතය නිර්මාණය කළේ. මෙහි වීඩියෝව නිර්මාණය කෙරුවෙත් මමමයි, එහි රංගනයෙන් ද මා දායක වුණා. විදුෂ් සහ තනු ආකර්ෂා කියන නළුනිළි දෙපළ මා සමඟ මෙහි රඟපෑවා. වර්තමානයේ සිංදුවක් හැදුවානම් ඊට මියුසික් වීඩියෝවක් හදන එක අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්වෙලා තියෙනවා. ඒ හින්දා මේ වීඩියෝව මං හැදුවෙ. මං කලක් රංගන ශිල්පියකු ලෙසින් ද කටයුතු කළා, සත්සර රංගන, කෝපි කඩේ මම රඟපෑ නිර්මාණ කිහිපයක්. මේ වන විට රංගනය අතහැරලා ගායන ක්ෂේත්‍රයටයි වැඩිපුර යොමුවෙලා ඉන්නෙ.