විවේකී සති ­අ­න්ත­යට කෑම | Page 2 | සිළුමිණ

විවේකී සති ­අ­න්ත­යට කෑම

 චිකන් ලිවර් ඕම්ලට්

අවශ්‍ය වන්නෙ

බිත්තර - 2

චිකන් ලිවර් - 50 g

කපාගත් රතුලූනු - 50 g

අමු මිරිස් කරල් - 4

පදමට ලුණු, ගම්මිරිස්

තෙල් මේස හැඳි - 1

 

පිළියෙල කරන ආකාරය

පළමුව බිත්තර සහ චිකන් ලිවර් එකට දමා හොඳින් බ්ලෙන්ඩර් කරගන්න. දැන් මෙය භාජනයකට දමා එයට කපාගත් ලූනු, මිරිස් සහ ගම්මිරිස් දමා හොඳින් කළවම් කරගන්න. දැන් තරමක සාස්පානක් ළිප තබා එයට තෙල් ස්වල්පයක් දමා සාමාන්‍ය බිත්තර ඕම්ලට් එකක් දමන ආකාරයට ඕම්ලට් එක පිළියෙල කරගන්න.

ඇඹුල් තියල් කියූ සැණින් අපේ මතකයට එන්නේ මාළු. මාළු ඇඹුල්තියල් කල්තබා ගන්නත් පුළුවන් නිසා ගෘහිණියන් අතර හරිම ජනප්‍රියයි. වර්තමානයේ බහුලව තිබෙන කුකුළුමස් ඇඹුල්තියල් කරලා ආහාරයට ගන්න තිබෙනවානම් එය තරමක වෙනස් අත්දැකීමක් වේවි.

කුකුළු මස් ඇඹුල්තියල්

අවශ්‍ය ද්‍රව්‍ය

කුකුළු මස් - 1 kg

තම්බා අඹරාගත් ගොරකා - 100 g

අඹරාගත් ඉඟුරු, සුදුලූනු - 30 g

ගම්මිරිස් කුඩු තේ හැඳි - 1

පදමට ලුණු

කරපිංචා ඉති - 1

 

සාදන ආකාරය

මුලින්ම කුකුළු මස් සාමාන්‍ය ප්‍රමාණයේ කෑලිවලට කපා හොඳින් සෝදා ගන්න. දැන් සාමාන්‍ය ප්‍රමාණයේ මැටි ඇතිලියක් ගෙන එයට තම්බා අඹරාගත් ගොරකා ටික දමන්න. දැන් මෙයට අඹරාගත් ඉඟුරු, සුදුලූණු, ගම්මිරිස් සහ මිරිස් කුඩු දමා කළවම් කර එයට කුකුළු මස් කැබැලි ටික ද දමා කළවම් කරන්න.

ඉන්පසුව එයට වතුර අඬු කෝප්ප එකක් එකතු කර ළිප තබා මඳ ගින්දරේ හින්දවා ගන්න. 

Comments