
“ඔබේ අධිෂ්ඨානය ජයග්‍රහණය නම්, හැකියාව විශ්මිත විය යුතුයි”. ටෙලිවිෂන් වංශ කතාවේ රියැලිටි කලාව උඩුයටිකුරු කළ වැඩසටහනයි “Youth with Talant”.
සය මසක් පුරා ප්‍රේක්ෂක හද කම්පනය කර විස්මයත්, හාස්‍යත් මතුකර ත්‍රාසය, භීතිය, මායාව එක්තැන් වුණු තාරුණ්‍යයේ ජවය මුදා හැරුණු ඒ රාත්‍රිය රියැලිටි කලාවේ පූර්වාදර්ශය වන්නට විය. පසුගිය 04 වැනි සෙනසුරාදා ඒ කූටප්රාප්ති රැය අපේ දෑස් ඉදිරිපිට දිස් වූයේ තාරුණ්‍යයේ හැකියාව මෙතරම් විශ්මිත දැයි හඟවමිනි. ITN නාළිකාවත්, ජාතික තරුණ සේවා සභාවත් එක්ව ඒ තාරුණ්‍යයේ හෙට දවස දිරිමත් කරන්නට ජව සම්පන්න කරන්නටත්, හැකියාවට වටිනාකමක් ලැබ දෙන්නටත් ඔවුන්ට හැකි විය. ජාතික තරුණ සේවා සභා රඟහල් භූමියේදී එම ඓතිහාසික අවස්ථාව ගෙනහැර පෑවේය.
Five fingers, නයනජිත් වැලිවිට, ෂහේන් කවිෂ්ක, අරුන් මොකි, සමරෙ - සමරේ, Beal Matix, දිලීප දිනුප්, T. චාර්ල්ස්, Three In 1, සමීර පියදිගම, ළහිරු මධුරංග යන ඒ දක්ෂයින් 11 දෙනා ඒ කතාව කීමට ඉට එක් විය. විවිධ පළාත්, විවිධ වයස් සීමාවන් නියෝජනය කරමින් පැමිණි ඔවුන් කරට කර තරග වැදුණේ තම හැකියාවත්, ආත්ම විශ්වාසයත් පෙරදැරි කරගෙනය.
මුළු තරගය පුරාම එකසේ මුවට සිනහව මතුකරමින් ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක ආකර්ශනයක් තමා වෙත ම ඒකලෙස දිනා ගැනීමට හැකිවූ ජනප්‍රිය තරගකරුවන් දෙදෙනෙකි ‘සමරේ - සමරේ’. පාසල් පංති කාමරයේදී තම ගුරුතුමිය සහ විදුහල්පති අනුකරණය කරමින් අහිංසක විනෝදයක් ලබාගත් ඒ දඟකාරයින් දෙදෙනා Youth with Talent හරහාද ගෙන ආවේ ඒ දක්ෂතාවයයි.
රටේ ප්‍රබල දේශපාලන චරිත හාස්‍යයට මුසුකළේ උපහාසය පිණිස නම් නොවේ. ඒ හැකියාවන්ට ඔවුන්ගේ මතකය වටිනාකමක් තැවරූ නිසාය.
“දැන් ලකුණු 240 යි බදු 120 යි. දැන් මේක ගහන්න බෑ. අනික අපේ කාලේ මෙච්චර ලොකු Target ආවෙ නෑ අපේ හාමුදුරුවනේ..., දින 100න් මැච් එක ගහන්න පුළුවන් කියලනේ බාරගන්නේ....” දැන් ගැහුවද....? දැන් සැපද.....?
“මගේ සදාදරණීය මිත්‍රවරුනි, අද අපි උසේ පිළිවෙළටයි Batting Order එක හැදුවේ. උස නම් Batting මිටි නම් Bawling”
“ඇයි Cut කළේ, Cut වුණේ නෑ. Cut කළා. දැන් මම ඇවිල්ල ඔබතුමාගෙ හොම්බට දෙකක් අනිනවා. උඹලට හෙන ගහනවා යකෝ. හෙන ගහනවා.”
ඔව් ඇත්තෙන් ම... බන්දුල වර්ණපුර මහතාත් මාත් එක්ක ‘one bump’ මැච් එකත් ගහල තමයි තරගයට ගියේ... 1996 ලෝක කුසලානයේදිත් අර්ජුන රණතුංග Feilding plan එක හැමදෙයක් ම මගෙන් තමයි ලබා ගන්නේ”
මුළු ප්‍රේක්ෂකාගාරය සිනහ සාගරයක ගිල්වීමට ඔවුන්ගේ අනුකරණ හැකියාවට පුළුවන් වූයේ තරගය පුරාම ඉහළ ජනප්‍රියත්වයක් දිනා ගනිමිනි.
එලෙසම විවිධ වූ නර්තන ශෛලීන්ගෙන් දස්කම් පෙන්වූ Beat Matix, five fingers, T. චාර්ල් අති විශිෂ්ට වෙනස්වූ අපූරු නිර්මාණයන් ඉදිරිපත් කළේ පෙර නොවූ විරූ ලෙස නැවුම් බවකිනි. අවුරුදු 14ක් වුණු නයනජිත් වැලිවිට නිශ්චිත කාලයකින් අත්වලින් හා පාදයෙන් Cube ක්‍රීඩාවේ යෙදුණේ ලොව එවැනි හැකියාවක් ඇති දෙවැනියා ලෙස ප්‍රකාශ කරමිනි. Bike stunt ක්‍රීඩාවේ යෙදුණි.
තරගය අවස්ථාවේදී තම කැඩුණු බයිසිකලය සමඟ මොහොතකට නතර වූ සමීර පියදිගම නැවතත් වේදිකාවට එන්නේ කැඩුණු හිත මෙස් දහස් ගුණ්යකින් තම අපේක්ෂාව කිරුළ වෙතම යාමේ නොපසුබට පෞරුෂයන් අපට ආඩම්බරයක් ගෙන එමිනි.
එලෙසම ගිනි මකරකුගේ වෙස්ගෙන ගින්දර සමඟ සෙල්ලම් කරන ළහිරු මධුරංග වේදිකාව ත්‍රාසයෙන් හා විශ්මිත ආලෝකයෙන් මුසපත් කිරීමට සමත් විය. අරුත් මොලි තම මායාවන් ජාත්‍යන්තරයට ගෙන යාමේ අපූරු බවකින් ඉදිරිපත් කළේ විනිසුරු මඩුල්ලේ විනිසුරුවරුන්ට ඇසිපිය හෙලීමට පවා අමතක කරමිනි. එලෙසම තරග වට සියල්ල පුරා උඩු ගුවනේ නූලක් මත, කම්බියක් මත තම ශරීරය සමරබව පවත්වා ගනිමින් Circus ක්‍රීඩාවේ යෙදුණු ‘Circus දිලිප’ නැතිනම් දිලිප දිනුෂු අපට කියාපෑවේ හිත ඇත්නම් පත කුඩාද යන ඒ උදාර ධනාත්මක චින්තනයයි.
ඒ දැවැන්ත වේදිකාවේ පෙරමුණගත් තුරුණු ශක්තීන් ධෛර්යවත් කරමින්, ප්‍රේක්ෂක හද සංවේදී කළ, විනිසුරු මඩුල්ල හා වාද කරමින් අපූරුවට තම තරගකරුවන් පෙළ ගැස්වූ ඒ සොඳුරු නිවේදකයා වූයේ ඩිල්ෂාන් පතිරන්තනයි. තම පෞරුෂය වේදිකාව තුළ හසුරවමින් අවසන් ප්‍රතිඵලය ඔහු අපට කීවේ දහසක් බලාපොරොත්තු සියල්ලන්ගේ ම දෑස්වල දැල්වෙමින් පැවැති මොහොතකය.
‘Youth with Talent’ කිරුළ දිනා ගැනීමට හැකි වූයේ උඩු ගුවනේ නූලක් මත තම සමබරතාව රැක ගනිමින් ත්‍රාසජනක ලෙස හැකියාව ප්‍රදර්ශනය කළ අහිංසක මිනිසා දිලිප දිනුෂ් නොහොත් ‘Circus දිලීප’ ය.
දෙවැන්නා ලෙස ‘සමරෙ - සමරේ’ න්, තෙවැන්නා ලෙස ළහිරු මධුරගෙන් තම කුසලානයන් දිනා ගත්තේය. එලෙසම මෙතෙක් ආ ගමනේ දුෂ්කරතාවයන් හා ඒ භාරධුර කාර්යයේ නිමාව සතුටු සිතින් දායාද කරන්නට හැකිවූයේ නිදි මරමින්, වැඩ කරමින්, බැනුම් අසමින්, නොපසුබටව ඔවුන් දක්ෂයන් කිරීමට කැපවූ ඒ බුද්ධිමත් විනිසුරු මඬුල්ලේ දායකත්වයෙනි. ක්‍රිකට් වංශ කතාවේ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර මහතා, ප්‍රවීණ නිළි දෙපළක් වන සමනලි ෆොන්සේකා හා නිරෝෂා රම්කි, ප්‍රවීණ ගායක රූකාන්ත ගුණතිලක, නර්තනාචාර්ය චන්න විජේවර්ධන හා කිශු ගෝමස් යන ඔවුන් නිර්ලෝභීව, නිහතමානීව තම කාර්යය නිසි අයුරින් නිම කර තිබිණි. ඔවුන්ගේ බුද්ධිය හා හැකියාව කිරුළ දිනන දක්ෂයන් තේරීමේදී බෙහෙවින් දායක වූ බව අගය කළ යුතුය.
කිරුළ දිනාගත් දිලීප දිනුෂ්ගේ අවසන් පැතුම වූයේ තම Circus කලාව ඉදිරියට ගෙන යන්නටත්, ඒ කලාවේ නමක් තියන්නට තමාට හැකිවීම පිළිබඳව තිබූ සතුටත්, එය Circus කලාවේ උන්නතිය වෙනුවෙන් දායාද කිරීමත්ය. ‘Youth with Talent’ වේදිකාවේ සියල්ලෝ ම ජයග්‍රාහකයෝ ය. සැඟව තිබුණු ඔවුන්ගේ දස්කම් හා ඔවුන්ගේ නාමයන් මේ ලංකාවේ රියලිටි වැඩසටහන් හරහා ප්‍රචලිත කරන්නට හැකි වූ නිසාවෙනි. තාරුණ්‍යය වෙනුවෙන් පෙනී සිටි ජාතික තරුණසේවා සභාව හා ITN මාධ්‍ය ජාලයට අපගේ ප්‍රණාමය පුද කරන්නේ විශිෂ්ටයින් බිහි කිරීමේ පූර්වාදර්ශය ඔබ වූ නිසාවෙන්මය.
කිශු ගෝමස් යන ඔවුන් නිර්ලෝභීව, නිහතමානීව තම කාර්යය නිසි අයුරින් නිම කර තිබිණි. ඔවුන්ගේ බුද්ධිය හා හැකියාව කිරුළ දිනන දක්ෂයින් තේරීමේදී බෙහෙවින් දායක වූ බව අගය කළ යුතුය.
අපේ දක්ෂයින්ගේ හැකියාවන් ජාතික තලයකට ගෙන එන්නට ඒ වෙනුවෙන් ඉදිවුණු ජාතික වේදිකාවකි. ඔවුන්ට ගෞරවය පුද කරන්නට ජයග්‍රහණයේ කිරුළ පලඳන්නට ආරාධනා ලැබුවේ ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය ගයන්න කරුණාතිලක මැතිතුමාත්, ස්වාධීණ රූපවාහිනි මාධ්‍ය ජාලයේ ක්‍රියාකාරී අධ්යක්ෂ ධනුෂ්ක රාමනායක මැතිතුමාත්, ස්වාධීණ රූපවාහිනි මාධ්‍ය ජාලයේ සාමානය අධිකාරි අරුණ විජේසිංහ මහතාත් යන පිරිස්ය.
කිරුළ දිනාගත් දිලීප දිනුෂ් ගේ අවසන් පැතුම වූයේ Circus කලාව ඉදිරියට ගෙන යාම හා ඒ කලාව තුළ තම නම රන් අකුරින් සනිටුහන් කරන්නටත්ය. සකුරා Circus කණ්ඩායමේ දිලිප මුළු රටම හඳුනන චරිතයක් බවට පත් කිරීමට ඔහුගේ ගමනට ශක්තියක් වූ සෑම දෙනෙකුට ම, අපගේත් ප්‍රණාය ලැබිය යුතුය. ‘Youth with Talent’ වේදිකාවේ සියල්ලෝ ම ජයග්‍රාහකයින් වී හමාරය. සැඟව තිබුණු ඔවුන්ගේ දස්කම් ජාතික වේදිකාවක ප්‍රදර්ශනයට ගෙන ඒමට හැකිවීමත් ඔවුන්ගේ විශාල ජයග්‍රහණයකි. තාරුණ්‍ය වෙනුවෙන් පෙනී සිටි ජාතික තරුණ සේවා සභාව හා ITN මාධ්‍ය ජාලයට අපගේ ප්‍රණාමය පුදකරන්නේ විශිෂ්ටයින් බිහි කිරීමේ පූර්වාදර්ශය වූ නිසාවෙනි.