
හිතවත්කම් කොහෙදෝ මන්දා
සජීව දිසානායකගේ දෙවැනි ගීතය ‘දවසක් ඒවිද’
නව පරපුරේ ගායක සජීව දිසානායකගේ නවතම ගීතයේ තතුයි අද මෙලෙස ඔබ වෙත ගෙන එන්නේ. ඔහු නිකුත් කළ පළමු ගීතය වූ ඉක්මන් වෙලා සඳහා ඉමහත් වූ ප්‍රතිචාරයන් ලැබුවා. අන්තර්ජාලය හරහා එය නැරැඹු ප්‍රමාණය ලක්ෂ පහ ඉක්මවලා තියනවා. සජීවගේ දෙවැනි ගීතය තමයි මේ. එය නම්කොට තිබෙන්නෙ දවසක් ඒවිද නමින්. රැල්ලට නිර්මාණය නොවුණත් එය එක්තරා අන්දමේ විරහ ගීතයක්. දවසක් ඒවිද ගීතයේ විශේෂත්වය තියෙන්නෙ එය මේ වන විට භාෂා තුනකින් නිර්මාණය වී තිබීම. බංගලාදේශය, නේපාලය සහ ඉන්දියාව යන රටවල ගායකයන් තිදෙනකු විසින් දවසක් ඒවිද ගීතය ගයා තිබෙනවා. මේ වන විට ඒ ඒ රටවල්හි එම ගීය ප්‍රචාරය වන බව සඳහන්. මෙම ගීතයේ මියුසික් වීඩියෝව නිර්මාණයකොට තිබෙන්නෙ නුවරඑළියෙ දර්ශන තල කිහිපයක, තුලාර සහ නේත්‍රා නමැති නව පරපුරේ නළු නිළි යුවළ මෙහි රංගනයේ යෙදෙනවා. වීඩියෝවේ පිටපතට අනුව තුලාරාට සහ නේත්‍රාට වතුරට වැටෙන දර්ශනයක් තිබුණාලු. නුවරඑළියේ සීතල පිරුණු ජලාශයක් අසලයි එහි රූපගත කිරීම් සිදුකරලා තියෙන්නෙ. සීතලේ ගැහෙමින් අවස්ථා කිහිපයකදීම දෙන්නා වතුරට වැටිලා තියෙනවා. අවසානයේදී දෙන්නට සීතල දරාගන්න බැරුව රූපගත කිරීම ප්‍රමාද කරන්නත් සිදුවුණාලු.
දවසක් ඒවිද ගීතයේ වීඩියෝව නිෂ්පාදනය කොට තිබෙන්නෙත් සජීව විසින්. ඉක්මන් වෙලා ගීතයෙන් ලද පන්නරය මතයි ඔහු මෙම ගීතයේ වීඩියෝව නිෂ්පාදනය කිරීමට අත තබා තිබෙන්නෙ. අසභ්‍ය දසුන් පෙන්වා මියුසික් වීඩියෝ ජනප්‍රිය කරවන කාලෙ නිර්මාණය වූ දවසක් ඒවිද වීඩියෝව මනා සංයමයකින් යුතුව කළ මියුසික් වීඩියෝවක් කියලා කියන්න පුළුවන්.
ගීතයේ පද මාලාව - භාෂි දෙවන්ග සමඟ ගිහාන් කනිෂ්ක
සංගීතය - භාෂි දෙවන්ග
වීඩියෝවේ අධ්‍යක්ෂණය - සංදේශ් බණ්ඩාර