සකුරා දේශයේ රන් සල­කුණ තොර­සන් | Page 2 | සිළුමිණ

සකුරා දේශයේ රන් සල­කුණ තොර­සන්

සකුරා දේශයට තොරසන් ‘torasan’ යනු රන් සලකුණකි‍. ලෝකයේ දීර්ඝතම චිත්‍රපට මාලාව ලෙස ගිනස් වාර්තා පොතෙහි කිරුළු දැරූ ඔතකොවා ත්සුරයියෝ චිත්‍රපට මාලාව ලෝකය පුරා කොතරම් ජනප්‍රිය වූවා දැයි කියනවා නම් මේ කතාමාලාව ජනහද ප්‍රකට වූයේ ‘torasan’ නමිනි.

‘තොරසන්’ යනු අපේ කතා නායකයා ය. චිත්‍රපට 48 ක් පුරාවට කතා මාලාව ගෙ‍තී ඇත්තේ මේ ක්නේද්‍රීය චරිතය වටා ය. ‘තොරා’ යනු ‍ඔහුගේ තවත් රංගන නාමයක් පමණි. ‘Tora’ ගේ චරිතයට පණ පෙවූ ඔහු ක්යෝෂි අත්සුම් ‘kiyoshi atsumi’ ය. මෙයද තවත් එක් චරිතාංග නාමයක් පමණි. ඔහුගේ සැබෑ නම ‘යසුඕ’ ය. එහෙත් ජපන් ජනතාව අතර ඔහුට නම් පටබැඳුණේ kiyosi Atsumi’ ලෙසට ය.

පෙනුමෙන් ඔහු රස්තියාදුකාර විය.‍ ජීවිතය ඉතා සැහැල්ලුවෙන් ගත කරන ගැටුම්කාරී අයෙකි. සංචාරක වෙළෙන්දෙක් ලෙස කුඩා සෙල්ලම් බඩු අලෙවි කොට එයින් උපයාගන්නා සුළු මුදලින් ඔහුගේ ජීවිතය ගෙවයි. තොප්පිය, කෝට් එක සහ ඔහු අතැති ‘ස‍ූට්කේස්’ එක ඔහුටම ආවේණික වූවකි. ඔහු විකුණන සෙල්ලම් බඩු බහා තිබෙන්නේ මේ සුට්කේස් එක තුළ ය.

අවුරුදු 20 කට පමණ ඉහතදී තම නිවසින් පිටමන් වී නැවත සිය ගෙදරට එන ‘Tora’ ගේ සිද්ධාන්තය තුළින් මේ චිත්‍රපට මාලාව ආරම්භවේ. ඔහුට ඔහුගේ ම කියා සිටින්නේ ඥාති නැගණිය‍ක් පමණකි. ඇය ‘සකුරා’ ‘sakura’ නම් විය. ඇය චිත්‍රපටය පුරාවට දිගහැරෙන තවත් එක් චරිතයකි. Hiroshi – ‘හිරෝෂි’ සකු‍රාගේ ස්වාමි පුරුෂයා ලෙස තවත් චරිතයක් ගොඩනැඟේ. මොවුන් දෙපළ ගේ පුතා වන්නෙ Mit suo - මින්සුවෝය ‘තොරා’ ට ඔහුගේ ම නොවන තවත් ලාබාල සොහොයු‍ෙරක් ද විය.

‘Tora’ ගේ ආදරවන්තිය වන්නෙ Madana’ ය. චිත්‍රපට 48 පුරාවට ආදරය ඉදිරියේ ජය හා පරාජය දෙකටම මුහුණ දෙමින් ජීවිතයේ හමුවීම, වෙන්විම් යන සදාතනික ධර්මතාවයන් එකිනෙකට දෝලනය වන ආකාරය ‘Tora’ හෙවත් ඔතකොවා ‘ත්සුරයියෝ’ සමස්ථ චිත්‍රපට මාලාව තුළ ඉතා අප‍ූර්වාකාරව දිග හැරේ.

ආනන්දයෙන් ප්‍රඥාව කරා ප්‍රේක්ෂක ඔබව රැගෙන යන ‘Torasan’ පිළිබඳ මෙසේ අපේ කතා බහට ලක් කරන්නට සිත්වූයේ ‍ අද බිහිවන අවරගණයේ නිර්මාණ අතර මෙය ඉතා සාරවත්වූ හරවත් ව‍ූ විශිෂ්ට වූ නිර්මාණයක් වන නිසා මය. මේ භාරදූර කටයුත්ත අතට ගත් ස්වාධීන රූපවාහිනී සේවය තුළින් සෑම ඉරිදා දිනකම ප.ව. 4 – 5 දක්වා විකාශය වෙයි.

‘Torasan’ ප්‍රේක්ෂක අපේ රසඥතාවය ඉහළ නැංවීමට කෙතරම් දුරකට ඉවහල් වන්නේද? එතුළින් ගත යුතු හරය කුමක්ද? යන්න පිළිබඳ ශ්‍රී ලංකාවේ ‘තොරා’ සොයාගෙන ඔහුගේ නිවහනට ගියා. මේ සංවාදය කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පැට්‍රික් රත්නායක සමඟිනි.

චිත්‍රපටයේ සැබෑ නම ‘ඔතකොවා ත්සුරයියෝ’. එහෙත් ලොව පුරා මෙය ප්‍රචලිත වන්නෙ ‘Torasan’ නමිනි. මේ සඳහා පසුබිම් වුණු විශේෂ හේතුවක් තිබෙනවාද?

ඇත්තටම ‘Tora’ කියන චරිතය ජපානය තුළ අදටත් ජීවමානයි. චිත්‍රපට මාලාවේ ප්‍රධාන භූමිකාව ගොඩ නැඟෙන්නේ ‘Tora’ චරිතය වටා ය. 1928 දී පමණ උපත ලද ‘Kiyoshi Atsumi කියන්නේ වේදිකාව තුළ ජපානයේ බිහි වූ හාස්‍ය උත්පාදක ප්‍රමුඛ පෙළේ රංගධරයෙක්.

අපේ රටේ සිනමාව බිහිව‍ූ ආරම්භක යුගයේ කඩවුණු පොරොන්දුව චිත්‍රපටයට ‘මිනර්වා’ නාට්‍යය මුල් වූවා සේ ජපානයටත් මෙවන් අවධියක් තිබුණා.‍ තෝකියෝවල ‘Asa kusa’ ‘අසකුසා’ කියන නගරයේ තිබුණු ප්‍රධාන පෙළේ නෘත්‍ය ශාලාවේ ප්‍රහසන නළුවා බවට පත් වන්නේ ‘Tora’ හෙවත් Kiyoshi atsumi’ ය‍. ඒ ප්‍රහසන දක්ෂතාවය මත තමයි යොජී අමදා ‘Yoji Yamada’ කියන ‘tora’ චරිතය සඳහා ඔහුව සම්බන්ධ කරගැනීමට මූලික හේතුව බවට පත්වන්නෙ.

1926 දී අගෝස්තු 26 ඔහු මිය ගිය පසු ජනමාධ්‍ය ක්ෂේත්‍රය ආන්දෝලාත්මක පුවත බවට පත්වුණා.

මේ චරිතයේ තිබූ විශිෂ්ටත්වය කොතරම් ද කිවහොත් 1926 මිය යන වසරේදීම ජපන් දේශමාන සම්මානයෙන් පවා ඔහු පිදුම් ලැබුවා. ඒ වගේ ම ඔහුගේ නාමය ජපානයේ අදටත් අමරණීය වන්නේ ‘ඔතකොවා ක්යුරයියෝ’ ලෙස නොව ‘Torasan’ ලෙසට ය.

මෙහි දැවැන්ත නිර්මාණයට දායක වූවන් ගැනත් කෙටියෙන් කතා කළොත්....

1926 – 1995 දක්වා වසර 26 ක් පු‍රාවට ගෙතුණු ‘Torasan’ චිත්‍රපට මාලාවේ අධ්‍යක්ෂ හා තිර රචකයා වන්නේ ‘Yoji yamadi’. එහෙත් මගේ මතකයේ හැටියට මෙහි 3 – 4 චිත්‍රපට හැර අනෙකුත් සියලු චිත්‍රපට අධ්‍යක්ෂණය කරන්නේ ‘Yoji Yamada’ විසින් ‘Atsuma morasaki’ ‘අත්සුමා මොරිසකි - තුන් වැනි චිත්‍රපටයේ අධ්‍යක්ෂක ලෙසත් ‘Shunichi koba yachi’ ෂුනිච් කොබයච් - 4 වැනි චිත්‍රපටයේ අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වෙනවා.

සංගීතය Naozul Yamamoto ‘නවෝ සුවි යමමෝතෝ’ ගෙන් වන අතර ඡායාරූප ශිල්පියා වුණේ Tetsho thakaba ‘තෙත්සුවෝ තක බාගෙනි. ෂුන් ඉචි කොබයසි ‘Shunichi kobayachi’ සහ අසුමා මොරිසකි ‘Aezuma morisaki’ යන දෙදෙනා තිර රචනයට සහය දී තිබෙනවා. ඒ වගේ ම මෙය නිෂ්පාදන කර තිබෙන්නේ සෝචිකු කෙනෙම Shochiku knema’ නම් සමාගම විසිනි.

ඔපීන් හා තොරසන් අතර ඇති වෙනස ඔබ දකින්නෙ කෙබඳු ආකාරයට ද?

ඔෂින් කතා පුවත අපේ ජන සමාජය තුළ කිඳා බහින්නෙ දෙවැනි ලෝක යුද සමයේ අතිශය දරිද්‍රතාවයකින් පෙලුණු පවුලක උපත ලද ගැහැනු ළමයකු ජීවිතය ජයගන්නා ආකාරයයි.

නමුත් ‘tora’ ‘තොරා’ කතාව ඊට වඩා හාත්පසින් ම වෙනස් ආකාරයට මා දකින්නේ. ‘tora’ කියන කේන්ද්‍රීය චරිතය උපයෝගි කරමින් සමස්ථ ජපන් සමාජයේ ම පිළිබිඹු කරන, කෘතියක් ලෙසට ‘torasan’ හඳුන්වන්නට පුළුවන්...

ඒ වගේ ම තවත් කාරණයක් තමයි ‘tora’ කියන්නෙ බාහිර ආවෘතව කටයුතු කරන චරිතයක්. ඔෂින් චරිතය විදහා දක්වන්නෙ අභ්‍යන්තර ආවෘතව දිවෙන චරිතයක් ලෙසටයි. ඔෂින් තුළින් ඔබ දැක්කෙ හුදකලා චරිතයක්... ඒත් ‘tora’ තුළින් එවැන්නක් ඔබට අත්විඳින්නට ලැබෙන්නෙ නෑ... මේ නිසා වෙනස් ම මානයකින් ප්‍රේක්ෂක ඔබට රසවිඳිය හැකි හොඳ නිර්මාණයක් වෙනවා.

ශ්‍රී ලාංකික අපට ‘තොරසන්’ කතාවෙන් ගත හැකි හරය කුමක්ද?

ඇත්තටම අපේ ශ්‍රී ලාංකික ජන සමාජයේ අපේ අධ්‍යාපනය, සංස්කෘතිය, ආගම, ආර්ථිකය මේ සියල්ල පිළිබඳ හොඳ හැදෑරීමක් කිරීමට ලැබෙන අත් පොතක් ලෙසටයි මා තොරසන් දකින්නෙ.

තොරසන් තැබූ ගිනස් වාර්තාව බිඳහෙලීම පහසු නෑ නේද?

ඇත්තට ‘Torasan’ චිත්‍රපට මාලා 48 ට පසුව විවිධ නිර්මාණයන් ඒ අනුකරණයෙන් නිර්මාණය වුව ද ‘ඔතකොවා - ත්සුරයියෝ’ නාට්‍යයට අභියෝගයක් වන්න‍ට ඒ කිසිදු නිර්මාණයකට හැකියාව තාමත් ලැබිලා නෑ. ‘torasan’ සිනමා පටයේ විශේෂත්වය වන්නේ ද එයයි.

මෙය ජාත්‍යන්තර රූගත කිරීමකට ලක් වූ සිනමා පටයක් නේද?

සමස්ථයක් ‍විදිහට චිත්‍රපට මාලාවම ජපානය කේන්ද්‍ර කරගනිමින් රූගත කළත් චිත්‍රපට දෙකක් ඇමෙරිකාවේ ‘ඇරිසෝනා’ ප්‍රාන්තයේ ද ‍ඔස්ට්‍රියාවල වියානා ප්‍රදේශයේ ද රූගත කිරීම් කරලා තිබෙනවා.

මෙතරම් දීර්ග සිනමා පටයක නිෂ්පාදන ක්‍රියාවලිය එකවර සිදු කිරීම අපහසුයි. මෙහි නිෂ්පාදන ක්‍රියාවලිය සිදුවූයේ කොහොමද?

1969 – 1990 කාලය දක්වා සෑම වසරකටම චිත්‍රපට 2 බැගින් තමයි නිෂ්පාදනය කරලා තිබෙන්නේ. ඒත් 1990 - 1995 කාලය තුළ වසරකට එක් චිත්‍රපටියක් පමණයි නිෂ්පාදනය කරල තිබෙන්නෙ. ඒ නිසයි සමස්ථ ‘තොරසන්’ සිනමාපටය ‘48’ බවට පත්වන්නෙ.

‘තොරාසන්’ සකුරා දේශයේ උත්සව සමයට තිළිණයක් ලෙසින් ප්‍රදර්ශනය වුණා නේද?

ඔව්. ජපානයේ අලුත් අවුරුද්ද ලෙස සලකන්නේ ජනවාරි 1,2, 3 දිනයන්. ඉතින් ශීත ඍතුවේ නව වසර මුල් කොට ගෙන ‘ඔකකොවා ත්සුරයියෝ’ ප්‍රදර්ශනය කළා. ඒ වගේ ම ගිම්හාන - අගෝස්තු මාසයේද ජපානය උත්සවශ්‍රීයෙන් ඇලලී යන කාලයක්... ඒ කාලයේ ද ‘තොරසන්’ සිනමාපට ද තිළිණයක් ලෙසින් ම ප්‍රදර්ශනය කළා.

මේ සිනමා පටය සඳහා ප්‍රතිභාත්මක ජපන් රංගධරයන් කිහිප දෙනෙක් ද රංගනයෙන් සම්බන්ධ වෙනවා.

ඔබ අප කවුරුත් දන්නා මනමේ නාට්‍යය සඳහා පාදක වුණු ‘රෂෝමන්’ නාට්‍යයේ දර කපන්නාගේ චරිතයට පණ පෙවූ අකිරා කුරසෝවා ‘තොරා’ සිනමා පටයේ ‘සකු‍රා’ ගේ ස්වාමි පුරුෂයා වන Hiroshi - හි‍රෝෂිගේ පියාට පණ පොවනවා. ඔහුගේ සැබෑ නම ‘පිඹුරා තකුෂි’ ය.

ඒ වගේ ම ‘ඔසු යසුජි‍රෝ අධ්‍යක්ෂවරයාගේ tokiyo story චිත්‍රපටයේ ‘සොරා’ ගේ භ‍‍ුමිකාවට පණ පෙව‍ූ ‘කිෂු කිෂුරියා’ ‘තොරාසන්’ පළමු චිත්‍රපටයේ තොරාගේ පළමු ආදරවන්තිය ‍’මෙඩොනා’ ගේ පියා ලෙස රංගනයෙහි යෙදෙයි. මොවුන් දෙපළ ජපානයේ බිහිවූ දක්ෂ රංගන ශිල්පීන් දෙදෙනෙකි. 

 

Comments