
රන්ජන් රාමනායක ගැන විවිධ කතා මාධ්‍ය ඔස්සේ නිරතුරුවම අහන්න දකින්න ලැබුණත් රන්ජන් ගැන වැඩිදෙනෙක් මේ දවස්වල කතාබහ කරන්නේ අන්තර් ජාලයේ සැරිසරන ජායාරූප එකතුවක් හේතුවෙන්. ඒ අනූෂා දමයන්ති හා රන්ජන් විවාහ වූ ජායාරූප එකතුවක් වගේම පසුගිය දිනෙක ජාතික රූපවාහිනියෙන් විකාශය වූ ඔවුන් දෙදෙනාගේ විවාහ උළෙල පිළිබඳව. මේ ගැන සොයාගෙන යද්දී මේ සංකල්පයේ හිමිකාරිය අපිට හමු වුණා.
ඇය තමයි ජාතික රූපවාහිනියේ නවක නිවේදිකාවක් ලෙසත් මේ වන විට නවක වැඩසටහන් අධ්‍යක්ෂවරියක මෙන්ම නිෂ්පාදිකාවක ලෙස ද කටයුතු කරන පවිත්‍රා අමරසිංහ. රන්ජන්ගේත් අනූෂාගේත් නිරූපණයෙන් හැඩ වූ සොඳුරු මංගල උළෙල ප්‍රේක්ෂකයන් අතරට ගෙන එන්නට කටයුතු සිදු වුණේ ඇය අධ්‍යක්ෂණය කරන 'රන්හුය' මංගල වැඩසටහන ඔස්සේයි. මේ ගැන පවිත්‍රා අපිත් එක්ක කතා කළේ මේ විදිහට.
ජාතික රූපවාහිනියෙන් සෑම සෙනසුරාදාවකම සවස 4.00 ට විකාශනය වන'රන්හුය' මංගල වැඩසටහන මේ වන විට ප්‍රේක්ෂකයන් අතර කතාබහට බදුන්වන විවාහ මංගල වැඩසටහනක්. 'රන්හුය ' කියන්නේ තවත් එක් විවාහ මංගල වැඩසටහනක් නෙවෙයි. අද විවාහ මංගල වැඩසටහන් ගත්තම ඒවා තුළ ඇති ඒකාකාරී බවක් මම දැක්කා. හැම එකකම වගේ විවාහ උළෙල තමයි පෙන්වන්නේ. නමුත් ලංකාවේ තරු දෙකක් එකතු කරලා විවාහ මංගල උත්සවයක් නිර්මාණය කරපු එකම වෙනස් අත්දැකීමක්.
මට අවශ්‍ය වුණා වැලන්ටයින් ගැන කවුරුත් කතා කරන සමරන පෙබරවාරි මාසය වෙනුවෙන් රන්හුය කා අතරත් කතාබහට ලක් කරන වැඩසටහනක් වෙනවා දකින්න. ඒ නිසාම නිර්මාණය වූ රංජන්ගේත් අනූෂගේත් විවාහ උළෙල අපි පසුගිය 18 වැනිදා පෙන්වූවා. ඔවුන් දෙදෙනාගේ දෙවැනි ගමන මේ 25 වැනි දා පෙන්වූවා. ප්‍රේක්ෂකයන්ගෙන් හොඳ ප්‍රතිචාර අපිට ලැබුණා. මෙවර මංගල උළෙල සඳහා රංජන් අනූෂා එක්කර ගන්නට විශේෂ හේතුවකුත් තිබුණා.
මොකද ලංකාවේ සුපර් ස්ටාර් තමයි රන්ජන්. රන්ජන් කරපු වැඩක් ගැන කවුරුත් කතාබහ කරනවා. ඒ වගේම රන්ජන්ට ගැළපෙන හොඳම යෙහෙළියන් අතරින් කෙනෙක් තමයි අනූෂා. මම හිතුවා මේ දෙන්නා මේ වැඩසටහනට දායක කර ගත්තොත් වඩාත් සුන්දරව අපේ වැඩසටහනේ හරය වගේම විවිධත්වයෙන් යතු අලුත් මංගල සංකල්ප ප්‍රේක්ෂකයා වෙත රැගෙන යන්න පුළුවන් කියලා. ලැබෙන ප්‍රතිචාරත් එක්ක ඒ දේ සිදු වුණා කියලා හිතන්න පුළුවන්. මේ කාර්යය සඳහා මට බොහෝ පිරිසක් දායක වුණා.
විශේෂයෙන්ම අනූෂාව නවීන පන්නයේ සොඳුරු මනාලියක ලෙසත් රන්ජන්ව සොඳුරු මනාලයකු ලෙසත් හැඩ ගැන්වූයේ සැලෝන් ධම්මියි. ඒ වගේම ඔවුන් දෙදෙනාගේ සුන්දර දසුන් ජායාරූපයට නැගුවේ ප්‍රවීණ ජායාරූප ශිල්පී ඉන්දික මල්ලවාරච්චියි. ඉදිරියට විවාහ වෙන්නට බලාපොරොත්තුව සිටින තරුණ තරුණියන්ට අත්වැලක් වෙන ඒ වගේම වෙනස තුළ වෙනසක් කරන්නට හදන 'රන්හුය' විවාහ මංගල වැඩසටහන සමඟ තවත් බොහෝ පිරිසක් අත්වැල් බැදගෙන ඉන්නවා. ඒ අතර නිෂ්පාදනයෙන්අභිෂේක මණ්ඩපයේ රුවන් විතානගේ, සැලෝන් ධම්මි දම්මි කල්දේරා , NB ආචාර්ය නාමල් බාලචන්ද්‍ර මෙහිදී මතක් කළ යුතුමයි. ඒ වගේම මේ වැඩසටහනට සහාය වන හැමදෙනාමත් මතක් කළ යුතුයි.
සරත්ගේ පාර සෙවිල්ල
සරත් කුලාංග මේ දවස්වල තරමක් කාර්ය බහුලයි. ඒ ඔහු වේදිකා නාට්‍ය වගේම ටෙලි නාට්‍ය සඳහාත් තම දායකත්වය නොමසුරුව ලබා දෙන නිසයි. මේ දවස්වල සරත් අලුතින්ම රූගත කිරීම් සිදු කෙරෙන ටෙලි නාට්‍යයකට දායක වෙනවා. මේ නාට්‍යයේ දර්ශන තලය සොයා ගන්න බැරිව සරත්ට වෙච්ච අලකලංචියක් ගැන අපිටත් දැන ගන්නට ලැබුණා.
මේ නාට්‍යයේ රූගත කිරීම් සිදුවෙලා තිබෙන්නේ හොරණ ප්‍රදේශයේ. ඒ ප්‍රදේශයේ ගම්බද පරිසරයක තමයි ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සිදුවන්නේ. සරත්ටත් මේ නාට්‍යයේ චරිතයක් ලැබිලා. ඔහුගේ දර්ශන රූගත කිරීම් අරඔන්න වෙලාව දී තිබුණේ සවස 2.00ට. සාමාන්‍යයෙන් සරත් වෙලාවට වැඩකරන කලාකරුවෙක්. නමුත් සරත් දර්ශන තලයට වෙලාවට ආවෙ නැහැ. මේ නිසා ඔහුව සම්බන්ධ කරගන්න ටෙලි නාට්‍යයේ පිරිස උත්සාහ ගත්තත් පලක් වුණේ නැහැ.
බැරිම තැන දර්ශන තලයට පැමිණෙන පාර ළඟට දර්ශන තලයේ සිටි සහාය අධ්‍යක්ෂවරයකු පිටත් කළා. ඔන්න එකපාරටම එතැනම බයිසිකලයක් ඇවිත් නැවැත්තුවා. බලන කොට සරත් කුලාංග. සරත් දර්ශන තලය හොයමින් බයිසකලේ මුලු හොරණම පීරලා.
දර්ශනතලය තිබෙන ස්ථානයෙන් පස් හය වතාවක්ම ගියත් ඔහුට දර්ශනතලය සොයා ගන්න බරිවෙලා. කොහොම හරි සහාය අධ්‍යක්ෂකවරයා පාරේ හිටගෙන නොහිටින්න සරත් තවමත් පාර හොයනවා. සරත්ගේ රූගත කිරීම් දෙකට පටන් ගන්න තිබුණත් හවස හතරට තමයි සරත්ට දර්ශන තලයට එන්න සිදුවුණේ.