
සෝබන නැති රාජකීය මුද්දක්
‘ආදර පියසේ දොරටු හරින්නට පේරැස් මුදුවක පෙම් අනුහස් ඇත’ කියලයි ගී වල ලියැවෙන්නේ. බ්‍රිතාන්‍යයේ රජ කිරුළ හිමි හැරී කුමරු සහ සුරූපී නිළි මෙගාන් මාකල් ආදර පියසට ගොඩ වැදුණේ මුදු පලඳින්නට කලින්. මේ රාජකීය පෙම් කතාවට කිහිප අතකින් ම විරෝධය පළවූ අයුරු කවුරුත් දන්නවා. හැරීගේ අත්තම්මා වන මහ රැජිනගේ විරුද්ධත්වය එල්ල වුණත් දැන් එය ද සමථයකට පත්වෙලා.
පසුගියදා විදුලි වේගයෙන් පැතිරුණු ආරංචියක සටහන් වුණේ හැරී කුමරු සහ මෙගාන් මුදු පළඳා ඇති බවයි. එහෙමත් නැත්නම්, දෙදෙනා විවාහ ගිවිසගෙන ඇති බවයි කියැවුණේ. ලන්ඩනයේ පළවන ටැබ්ලොයිඩ් පුවත්පත් සහ වෙබ් අඩවි කඩිමුඩියේ වාර්තා කර තිබුණේ මෙගාන් එක්තරා උත්සවකට සහභාගී වි සිටිද්දී ඇය පැලඳි රන් මුදුව හොඳින් පෙනුණ බවයි. එය රාජකීය වටිනාකමක් සහිත මුදුවක් වුවත් බැලූ බැල්මට ම එහි කිසිදු විශේෂත්වයක් දක්නට නොලැබුණු බවයි එම මාධ්‍ය වාර්තා කළේ.
කෙසේ වෙතත් හැරී කුමරුන් හෝ මෙගාන් තවමත් මේ ගැන නිල ප්‍රකාශයක් සිදු කර නැහැ.
සටනට කැමැති මිලා
දැන් තිරගත වන ‘රෙසිඩන්ට් එවිල්’ චිත්‍රපටය, එනමින් යුතු චිත්‍රපට මාලාවක තවත් එක් නිර්මාණයක්. මෙහි ප්‍රධාන චරිතයක් නිරූපණය කරන මිලාජොවොවිච් වැඩි කැමැත්තක් දක්වන්නේ සටන් ජවනිකාවල රඟපාන්නටයි. ඇය පවසන්නේ ‘රෙසිඩන්ට් එවිල්’ චිත්‍රපට මාලාවේ සටන් ජවනිකාවල රඟපෑම නිසා තමන්ගේ පෞද්ගලික ජීවිතයේ නොයෙකුත් වැඩ කටයුතු ද කාර්යක්ෂමව කර ගැනීමේ හැකියාවක් ලැබුණු බවයි.
“දීර්ඝ සටන් ජවනිකාවල රඟපෑමෙන් මට මගේ ජීවිතයට පෙර නොතිබුණු ජවයක් එකතු වුණා. මේ දර්ශනවල රඟපාන්න කලින් මම ඒවා දින ගණනාවක් පුහුණු වුණා. දැන් මට අත්දෙකෙන් ම වැඩ කරන්න පුළුවන්. මට දැන් වෙඩි තියන්න, කඩුහරඹ කරන්න... තව ගොඩක් වැඩ කටයුතු පුළුවන්. මේ හැම දයෙක් ම අත් දෙකට ම හුරුයි.” මෙලෙස කියන මිලා ජොවොවිච්, අවදානම් සහගත දර්ශන රූගත කරද්දී තමන් වෙනුවෙන් ස්ටන්ට් නළුවකු හෝ නිළියක යොදා ගන්නට ඉඩ දෙන්නේ නැහැ. එම දර්ශනවල රඟපාන්නේ ඇයමයි. චිත්‍රපට රූගත කිරීම ඇරැඹීමට මාස කිහිපයකට පෙර සිටිම ඇය පෙර පුහුණුවීම්වල යෙදෙන්නේ දැඩි කැපවීමකින්.
චීනයට හිත ගිය මැට්
අලුත් ම හොලිවුඩ් චිත්‍රපටය, ‘ද ග්‍රේට් වෝල්’ හි ප්‍රධාන චරිතයකට පණ පොවන මැට් ඩේමන් ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන දෙකකින් පිදුම් ලැබූ නළුවෙක්. ඔහුගේ නම ඇකඩමි සම්මාන සඳහා පස් වතාවක් යෝජනා වී තිබෙනවා.
‘ද ග්‍රේට්වෝල්’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ චීන ජාතික සිනමාකරුවකු වන ෂැන් යිමොව්. මේ චිත්‍රපටය රූගත වුණේ චීනයේ දීයි. ඒ නිසා හොලිවුඩ් සිනමා ශිල්පීන් රැසක් ම චීනයේ රැඳී සිටියා. මැට් ඩේමන් ද චීනයට පිටත්ව ගියේ තම පවුලේ සියලු ම දෙනා එක්කයි. මාස 6ක පමණ කාලයක් චීනයේ රැඳී සිටිමින් රූගත කිරීම් වලට එක් වූ අයුරු මැට් ඩේමන් මෙලෙස පැවසුවා.
“ඒක පුදුමාකාර අත්දැකීමක්. මම මගේ බිරිය, දරුවන් එක්ක චීනයේ ගත කළා. ඒක අමතක නොවන සංචාරයක්.” මැට්, චීනයට ගියේ තම දියණියන් සිවුදෙනා ද කැටුවයි. “චීනයේ සිටිද්දී අපේ චිත්‍රපට කණ්ඩායමට භාෂා පරිවර්තකයන් සිය දෙනකුට වැඩි පිරිසක් ලැබුණා. මම රඟපාපු දැවැන්ත චිත්‍රපටය තමයි, ‘ද ග්‍රේට් වෝල්’. මැට්, මාධ්‍ය හමුවකදී පැවසුවා.
‘අයන් මෑන්’ උපන් ඇඳුමෙන් (Robert Downey)
යකඩ මිනිසකු නිරුවතින් ජල තටාකයක සිටීම එතරම් ගණන් ගත යුතු දෙයක් නොවෙයි. හේතුව, ඒ අප්‍රාණික යකඩ ගොඩක් නිසා. නමුත් සැබෑ යකඩ මිනිසකු එලෙස පීනමින් සිටියොත් එතැන ඇතිවන්නේ කලබැගෑනියක්. පසුගියදා මෙක්සිකෝවේ එක්තරා සුපිරි හෝටලයක ජල තටාකයක් තුළ නිරුවතින් පිහිනමින් සිටි යකඩ මිනිසකු ගැන කතාවක් පැතිරී ගියා. ඔහු තමයි, ‘අයන් මෑන්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ රොබට් ඩව්නි.
“සෙන්ට් රෙගිස් හෝටලයේ ජල තටාකයේ තමයි, රොබට් ඩව්නි පීනමින් හිටියේ. ඒ වෙනකොට මැදියම් රාත්‍රියත් පහුවෙලා. අවට කවුරුත් හිටියෙ නැහැ. ඒත් කවුරු හරි හදිසියේ ම දැකලා තියෙනවා, පිරිමි කෙනෙක් ඇඳුම් නැතුව පීනනවා කියලා. මේ ආරංචිය හෝටලයේ පැතිරෙන්න වැඩි වෙලාවක් ගතවුණේ නැහැ. නිරුවතින් පීනන්නෙ රොබට් ඩව්නියි කියලත් හුඟ දෙනෙක් දැන ගත්තා. ආරංචිය දැනගත්ත හෝටල් කාමරවල නිදාගෙන හිටපු අය ඇහැරිලා කෑගහන්න පටන් ගත්තා. කාන්තා පක්ෂයත් බැල්කනිවලට ඇවිත් කෑගැහුවා. ඒ නිසා එතැන ඇතිවුණේ ලොකු කලබගෑනියක්. හෝටයේ නවාතැන්ගත් අයකු පැවසුවා.