
මොහාන් රාජ් මඩවල
මොහාන් රාජ් මඩවල අපේ රටේ සිටින නිවේදකයෙක් වගේ ම දක්ෂ ලේඛකයෙක්. කවදත් වෙනස්ම ආකාරයේ තේමාවන් ඔස්සේ ග්‍රන්ථකරණයේ යෙදෙන ඔහු පාඨකයා වෙනස්ම මානයකට රැගෙන යන්නට සමත්වන බව නොරහසකි. අනුලා දේවියගේ ජීවිතය ඇසුරු කරගෙන ඔහු රචනා කළ ‘රැජින’ කෘතිය ඒ අතර සුවිශේෂී වන අතර රසඳුන අප ඔහු සමඟ කළ කතාබහයි මේ.
• මෙවැනි මාතෘකාවක් තෝරාගන්නට හිතුවේ ඇයි?
ලංකාවේ හිටපු පළමුවැනි රැජින ලෙස නම් දරන්නේ අනුලා දේවියයි. ඉතිහාසය පිළිබඳ අප අසා ඇති පරිදි අනුලා දේවිය කාමුක, වනචර තැනැත්තියකි. එහෙත් එය වැරැදි අර්ථකතනයක් ලෙසයි මා හිතන්නෙ. මෙකද මහා වංශය කියන්නෙ නිවැරැදි ඉතිහාසයම නෙමෙයි. ඉතිහාසය කියන්නෙ රචනාවක් ම නෙමෙයි. අනුලා දේවිය පිළිබඳ සත්‍යභාවය ගම්‍ය කිරීම මේ කෘතිය රචනා කිරීමට එක් හේතුවක්. ඒ වගේ ම අනුලා දේවිය සහ ක්ලියෝ පැට්රා දෙදෙනා එක ම කාලයක ජීවත්ව සිටි දෙදෙනෙක් කියාල මීට පෙර කාගෙවත්ම අවධානයට යොමු නොවුනු කාරණයක්. ඉතිං ‘රැජින’ කෘතිය රචනා කරන්නට මූලික හේතුවක් බවට පත්වූයේ මේ සිද්ධියයි.
මෙතැනදී අපේ වර්තමානය එක්ක ගැටගැසුණු දේකුත් මම දැක්කා. එය තවත් හේතුවක්... බවට පත්වුණා.
• අනුලා බිසව හා ක්ලියෝපැට්රා අතර සබඳතා තිබුණැයි කීමට ඇති සාධක ලෙස ඔබ දකින්නෙ මොනවාද?
ඊජිප්තුව හෙවත් මිසරය සමඟ අපේ යම් යම් සම්බන්ධතා තිබූ බවට ඉතිහාසඥයන් ද සනාථ කොට තිබෙනවා. රෝම, ග්‍රීක ජාතිකයන් වෙළෙඳාම් කටයුතු සඳහා ඉන්දියාවේ නැගෙනහිරට යාම සඳහා ඇති මුහුදු මාර්ගය වුණේ මහාතිත්ථ හෙවත් අද අපි හඳුන්වන මන්නාරම් තොටුපල හරහායි. ක්‍රි.පූ. පළමුවැනි සියවසේදී අඳින ලද සිතුවමක් මඟින් ද ඒ බව තවදුරටත් පැහැදිලි කර ගැනීමට පුළුවන්. ඕනෑම කෙනකුට අද අන්තර්ජාලය ඔස්සේ ද මේ පිළිබඳ අධ්‍යයනය කිරීමට හැකියාව තියෙනවා.
• නිවේදකයෙක්, මාධ්‍යවේදියෙක්, ලේඛකයෙක් කියන භූමිකාවලින් ඔබ වඩාත් තෘප්තිමත් වෙන්නෙ...
නිවේදකයෙක් හා මාධ්‍යවේදියෙක් ලෙසට වසර දහයක් පහළොවක් පමණ වැඩ කළා. ඒකත් එක්ක ජීවිතයේ පොඩි වෙනසක් කරන්න ඕනැ කියලා මම හිතුවා. ඒ අනුව තමයි මම ලේඛණ කලාවට පිවිසුණේ. නමුත් නිවේදකයෙකු වීමට පෙර මම විශ්වවිද්‍යාලයේ සිටින කාලයේ පොතක් රචනා කළා. ඒ මාධ්‍ය ජීවිතය ආරම්භ කිරීමටත් පෙරයි.
ලේඛකයෙක් ලෙසට අද වනවිට වෙනම ම පාඨඛ පිරිසක් මා වටා සිටින නිසා ඒ තුළින් මම වඩාත් තෘප්තිමත් වෙනවා.
• ‘රැජින’ රචනා කිරීමට මූලික සැකිල්ල සැකසීමට පෙර ඔබ ඊජිප්තුවට ගියා.
ඔව් මට අවශ්‍ය වුණා අනුලා සහ ක්ලියෝ පැට්රා අතර සම්බන්ධයක් තිබුණාද නැද්ද යන්න පිළිබඳව සොයා බලන්න. ඒ අනුව මම ඊජිප්තුවට ගිහිල්ලා ඔවුන්ගේ දේව විශ්වාස, ඇදහිලි, ක්ලියෝ පැට්රා පිළිබඳව ඇති යම් යම් පුරාවෘත්ත හා ඒවාට සම්බන්ධ සාක්ෂි ගැන සොයා බැලුවා. ඒ අනුව මට සනාථ වුණා මේ දෙදෙනා අතර සම්බන්ධතාවයක් තිබුණයි කියලා. පොත රචනා කිරීමට පෙර ප්‍රාෙයා්ගිකව පර්යේෂණ කිරීම මට ලොකු පිටිවහලක් වුණා.
• ඉදිරියේදී මොන වගේ නිර්මාණ කරන්නට ද බලාපොරොත්තුව?
සාමාන්‍යයෙන් මගේ වැඩකටයුතුවල ඉදිරි සැලැස්මක් තිබෙනවා. විශේෂයෙන් නවකතාවක් නිර්මාණය කියන්නෙ එක් ව්‍යාපෘතියක් වගේ. ඒ ව්‍යාපෘතිය නිමවුණාට පස්සෙ මගේ ආත්මය තුළ තිබූ සියලු දේ ඒකට නිදහස් කලාම මම හිස් වෙනවා. ඒ හිස් බව පුරවන්නට මට සෑහෙන කාලයක් අවශ්‍යයි. ඒ නිසා ඊළඟට කරන්නෙ කුමක් ද කොයි කාල සීමාවේද කියලා මට හරියට ම කියන්නට බැහැ.
• ඔබ මෙතෙක් කරපු නිර්මාණ ගැන කෙටියෙන් සඳහන් කළොත්?
නවකතාකරුවෙක් විදිහට මගේ පළමුවැනි නිර්මාණය වෙන්නෙ මාගම් සෝලියයි... එය 2012 වසරේදී තමයි එළියට ආවේ. 2013 දී ’ලොවීනා’ සහ 2014 දී “ආදරණීය වික්ටෝරියා’ එළිදැක්වුවා. ඉන් වසර 2කට පසුව තමයි 2016දී ‘රැජින’ කෘතිය එළිදැක්වුවේ.
• කොහොමද රැජිනට ලැබෙන ප්‍රතිචාර...?
ඇත්තටම 2016 අගෝස්තු එළිදැක්වූ මේ නවකතාව පාඨකයන් අතට පත්වෙලා ගතවූයේ මාස කිහිපයයි. මේ කෙටි කාල සීමාව තුළ සෑහෙන ප්‍රතිචාර ලබලා තියෙනවා.
• මා දන්නා පරිදි ඔබ මාධ්‍ය ආයතන ගණනාවකම සේවය කළා... ඒ ගැනත් කතා කරමු?
ඔව්... ඇත්තටම මේ මොහොතේ මා අකුරු කළ කොළඹ ආනන්ද විද්‍යාලයත්, කොළඹ විශ්වවිද්‍යාලයටත් මගේ ගෞරවය පුද කරනවා. අද මොහාන් රාජ් මඩවල කියන කෙනා නිර්මාණය වීමට මූලික අඩිතාලම වැටුණේ එතැනින් නිසා.
ඊළඟට ඔබ කී පරිදි මාධ්‍ය ක්ෂේත්‍රයේ මාධ්‍ය ආයතන ගණනාවකම මා වැඩකරලා තියෙනවා. ඒ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, රූපවාහිනී සංස්ථාව, ස්වර්ණවාහිනිය, ශ්‍රී FM, ITN වගේ ම ලක්හඬෙහි ප්‍රවර්ධන කළමනාකරුවෙක් ලෙසටත්, ශ්‍රී FM ගුවන් විදුලියේ ප්‍රධාන වැඩසටහන් අධ්‍යක්ෂ ලෙසත් සියත TV. FM හි සාමාන්‍යාධිකාරීවරයා ලෙසටත් සේවය කළා.