
දස්කොන්, ප්‍රමිලා ආදර අන්දරය කතක් නර්ථනයෙන් බලන්න රසවිඳින්න අවස්ථාවක් ඇවිත්. ශ්‍රාස්ත්‍රපති අනුශිකා නිලාංජනී ඒකනායක මේ දිනවල ලහි ලහියේ සූදානම් වන්නේ එම ප්‍රසංගය පැවැත්වීමටයි. රූපවාහිනියෙන්, වේදිකාවෙන් දස්කොන් ප්‍රමිලා නාට්‍ය පෙන්වුවත් කතක් නර්ථනයෙන් ඉදිරිපත් කිරීම එතරම් පහසු කටයුත්තක් නෙමෙයි. ඒ ගැන අනුෂිකා මෙසේ අදහස් දැක්වුවා.
* මෙය අලුත්ම තාලයේ නර්ථන ප්‍රසංගයක්..?
මෙය dance drama එකක්. අලුත් වැඩක්. ලංකාවේ පළමුවතාවට දස්කොන් ප්‍රමිලා කතාන්දරය කතක් මුද්‍රා නාට්‍යක් ලෙස රඟ දක්වනවා.පැය එකහමාරක් නර්ථන ශිල්පීන් හා ශිල්පිනියන් 20ක් නොනවත්වා නර්ථනයේ යෙදෙනවා. උත්තර භාරතයේ ප්‍රධාන ශාස්ත්‍රිය නර්ථන ශෛලියක්වන කතක් නර්ථනයෙන් මේ නාට්‍ය රඟ දැක්වීම මෙහි ඇති විශේෂත්වයයි.
* ඇයි මෙවැනි කතාවක් නර්ථනයෙන් ඉදිරිපත් කරන්න හිතුවේ..?
මම වයස අවුරුදු හතරෙ සිටයි කතක් නර්ථනය හදාරන්නෙ.සිරිමතී රසාදරී,සහ මනෝහරි උදයරත්න ගුරු මහත්මීන් යටතේ නර්තනය හැදෑරුවා. පසුව ඉන්දියාවේ භාත්කණ්ඩේ සංගීත විශ්වවිද්‍යාලයට ගොස් වසර 5ක් කතක් නර්ථනය හැදෑරුවා. පසුව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ බාහිර කඨිකාචාර්යවරියක ලෙසත් නර්ථනය ඉගැන්වීම කළා. දස්කොන් සකිසඳ ගීතයට දක්වන කැමැත්තත් මේ නර්ථනය සඳහා මේ නාට්‍ය තෝරා ගැනීමට එක් හේතුවක් වුණා.
* ඔබ අද වනවිට ගුවන්සේවිකාවක්, නර්ථනයේ අවස්ථාවක් ලැබෙනවාද...?
2011දි මා ශ්‍රි ලන්කන් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවක ලෙස සේවයට බැදුණා. අද වන විට ප්‍රධාන ගුවන්සේවා නිලධාරිණියක්. එයට අමතරව ජාතික රූපවාහිනි සේවයේ ප්‍රවෘත්ති හා නුගසෙවණ නිවේදිකාවක් ලෙස කටයුතු කරනවා. එයට අමතරව බත්තරමුල්ලේ අනුෂිකා කතක් ඩාන්සින් ඇකඩමිය පවත්වාගෙන යනවා.
* මෙම නර්ථන ප්‍රසංගය පැවැත්වෙන ස්ථානය හා දිනය කවදාද..?
පෙබරවාරි 24 පණීභාරත මහතාගේ උපන්දිනයදා සවස 6.30ට කොළඹ බිෂෝප් ශ්‍රවණාගාරයේදි රඟ දක්වනවා. ප්‍රවේශපත්‍ර 600ක් පමණ අලෙවිකිරීමක් කරනවා. ඒ සඳහා විමසීමක් කළ යුතුනම් 076-6797710ට ඇමතිය හැකියි.
මෙමගින් ලැබෙන මුදල් ගුවන් සමාගමේ සහ නර්ථන ආචාර්යවරයකුට පිරිනැමීමේ බලාපොරොත්තුවක් තිබෙනවා.