ජීවිතේ කියන්නේ මල් යහනාවක් නෙමෙයි | Page 3 | සිළුමිණ

ජීවිතේ කියන්නේ මල් යහනාවක් නෙමෙයි

මම විදෙස් ගතවෙන්න සූදානම් වෙනවා

මංජුලා කුමාරි

කලා ක්ෂේත්‍රයේ පිපුණු මල් අතරින් තවමත් සුවඳ දෙන මලක් තමයි ‘ඕලු’ කියන්නේ.ඒ මලට එදා වගේම අදටත් ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලැබෙනවා. ඉතිං රසඳුනේ අපි මෙවර තරුවක් සමඟ කතාවට ඒ ඕලු මල එකතු කර ගන්න තීරණය කළා. ඇය මංජුලා කුමාරි.

 

දීර්ඝ ටෙලි නාට්‍යයක් ඉවර වුණා නේද ?

ඔව්. ‘අඳුරු සෙවණැලි’ කියන නාට්‍යය ඉවර වුණා.

තව නිර්මාණ ගණනාවකටම දැනටමත් ආරාධනා ලැබිලා ඇති එහෙනම් ?

ආරාධනා නම් ලැබුණා. එත් මේ දවස්වල කිසිම දෙයක් භාර ගත්තේ නැහැ.

ඒ ඇයි ?

එකක් ඉවර වුණා විතරයි නේ. ඉතිං පොඩ්ඩක් නිදහසේ ඉන්න ඕන කියලා හිතුණා. ඒ වගේම මේ දවස්වල විදෙස් සංචාරයක් සඳහා සුදානම් වෙනවා.

කියමුකෝ ඒ විදෙස් සංචාරය ගැන ?

‘ටෙලි තරු රැයක්’ කියන නර්තන ප්‍රසංගය ඕස්ට්‍රේලියාවේ දී මාර්තු 11 වැනිදා පැවැත්වෙනවා. වැඩි කාලයක් වෙන් කරලා දීලා තියෙන්නේ නර්තන ප්‍රසංගය සඳහා.

ඔබට නර්තනය කියන දේ අලුත් දෙයක් නෙමෙයි.

ඔව්,මොකද මම කුලසිරි බුදවත්ත සර් යටතේ නර්තනය හැදෑරුවා වගේම එම නර්තන කණ්ඩායමේ සාමාජිකාවක් වුණා.

නර්තනයට හැකියාව තිබියදීත්, ඇයි රියැලිටි වැඩසටහන් වලට සහභාගී නොවෙන්නේ ?

රියැලිටි වැඩසටහන් වලට තදින්ම ආරාධනා ලැබුණා. එත් බබාත් එක්ක හැමදෙයක්ම කරන්න බැහැ.

පුංචි පුතාට අවුරුදු කීයක් වෙනවද?

දැන් එයට අවු.1 1/2 ක් වෙනවා.එයා ඕලිත සන්තුල්. ඇත්තටම හරිම හුරතල්. එයා ගාවින් හෙලවෙන්නේ නැහැ. මොකද ඒ තරමටම හුරතල් නිසා. හැම අම්ම කෙනෙක්ම ඒ සතුට විඳිනවා ඇති කියලා මම විශ්වාස කරනවා.එයත් එක්කම තමයි ජීවිතේ ගෙවෙන්නේ.

ඔබ ගැන මේ දවස්වල කටකතාවක් පැතිරෙනවා. ඒක ඇත්තද ?

එහෙම කතාවක් ගැන නම් මං දන්නේ නැහැ.

ඒක ඔබගේ පවුලේ අවුලක් ගැන කියලා කිව්වොත් ?

කෙනකුට ඕන දෙයක් කියන්න පුළුවන්. ජීවිතේ කියන්නේ මල් යහනාවක් නෙමෙයි නේ. ප්‍රශ්න නැති පවුලක් නැහැ. අවංකව 100% ක් හොඳින් ඉන්නවා කියන්නත් බැහැ. යම් යම් ප්‍රශ්න තියෙනවා.ඒවා අපි විසඳ ගෙන ඉදිරියට යෑමයි වැදගත් වෙන්නේ.

ඒ දේවල් වලදී දෙන්නා අතර අවබෝධය කියන දේ කොයිතරම් වැදගත් වෙනවද?

දෙන්නට දෙන්නා හොඳ අවබෝධයකින් ඉන්න ඕන.

ටෙලි නිෂ්පාදන කටයුතු වලින් ඈත් වෙලාද?

දැන්ම නිෂ්පාදන කටයුත්තකට යන්න හිතන් නැහැ.බබා පොඩි වැඩි නිසා.

එදා ‘ඕලු’ ට තිබුණු ආදරය තවමත් ඒ විදියමයි නේද?

ඒ ආදරය ඒ විදියටම මට තාමත් ලැබෙනවා.ඒ ගැන ගොඩක් සතුටුයි

ඉදිරියේදී සිනමා නිර්මාණයකින් ප්‍රේක්ෂකයන් අතරට එනවලු නේද?

සිනමා නිර්මාණයකට දායක වෙන්න අවස්ථාව ලැබුණා. එය මගේ 3 වැනි සිනමා නිර්මාණයයි.ජයලත් මනෝරත්න, චාන්දනී සෙනවිරත්න වගේ ප්‍රවීණ නළු නිළියන් සමග රංගනයේ යෙදෙන්න අවස්ථාව ලැබුණා.ඒ ගැන වැඩි විස්තර ඉදිරියේදී කියන්නම්. 

Comments